Show money ශෝ මනි australia

senkadagala raja

Active member
  • Nov 1, 2025
    326
    193
    43
    මචන්ලා ඇත්තටම ඔය ඕස්ට්‍රේලියා යන ඒවා සෝමනී පෙන්නන්නේ ඇත්තටමයි එහෙනම් සල්ලි තියෙන එවුන් නේද ඕස්ට්‍රේලිය යන්න ඔනි.ඔක්කෝටම කලින් මේකට ආන්ස්වර් එකක් ඔනි බන්

    මචං මමයි වයිෆුයි ඕස්ට්‍රේලියා යන්න බලන් ඉන්නවා student visa+dependent විදිහට.මම දැනට ගියා මචන් ඒජන්සි පහකට.පහෙන්ම කිව්වේ මචන් මේ වැඩේට ලක්ෂ එකසිය හැත්තෑවක් විතර ඕන කියලා.ඒකෙන් ලක්ෂ පනහක් අපි සෙමෙස්ට් එකේ පළවෙනි ෆ්‍රී එක ගෙවන්න ඕනේ.ඉතුරු ලක්ෂ 120න්,සීයක් student පෙන්නලා විස්සක් ඩිපෙන්ඩන් පෙන්නන්න ඕන.දැම්මේ ඒජන්සි පහෙන්ම මෙහෙම කතාවක් කියන්නේ.අපිට අපේ නමට තියෙන ඉඩම ඉඩම ඉඩම බැංකුවේ තියලා ඒකෙන් ලෝන් එකක් අරගෙන පෙන්නන්න බැයිලු,අම්ම තාත්තා වැඩ කරලා අයින් වෙද්දි හම්බුන ඊටීඑෆ් ඊපීඑෆ් වලින් හම්බුන සල්ලි පෙන්නවන බැලු,රත්තරම් බඩු බැංකුවේ තියල ඒකෙන් ලෝන් එකක් අරගෙන එහෙම පෙන්නන්නත් බැයිලු.
    අපේ ඇත්තම සල්ලි වෙන්න ඕනලු.මම දන්න තරමින් ලංකාවෙන් සෑහෙන ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ බැචලර්ස් මාස්ටර්ස් වලට යනවා ඒ හැමෝටම ලක්ෂ දෙසීයක් විතර තමන්ගෙ එකවුන්ටවල තියෙන මිනිස්සු ද යන්නේ?..දැන් මගේ මාමා ඉන්නේ ඕස්ට්‍රේලියා වල එයා කැමති මට සම්පූර්ණයෙන් ස්පොන්සර් කරන්න ඒත් ඒකත් බැහැ කියලා මේ එජන්සි වලින් කියනවා.මම හිතුවොත් බං ලංකාවේ හැම මිනිහාටම තමන්ගේ එකවුන්ට එක්ක ලක්ෂ දෙසීයක් විතර රෙඩි කෑෂ් තියෙන්න ඕනේ තමන්ගේ ළමයව රටකට යවන්න..ඇත්තටම මේකෙ වෙන්නේ මොකද්ද මම දන්නවා උඹල දැන් ඔය කියන්න යන කතාව ෂෝමනි එකෙන් බලන්නෙ අපි ඒ රටට ඇවිල්ල අපිට ජීවත් වෙන්න හම්බ කරගන්න බැරි උනොත් අපි අනාථ වෙන්නැතුව අපිට ජීවත් වෙන්නයි සල්ලි පාවිච්චි කරන්න පුළුවන් කියන එක තහවුරු කරගන්න කියලා.ඒත් බං ඒජන්සි කාරයො මේ කියන විදිහට කිසිම ළමයෙක්ට ලංකාවේ එහෙම රටකට යන්න බෑනේ...අනිත් එක එහෙම එක එක ක්‍රම වලට සල්ලි අරන් යන ඒවා බාරගන්නත් සමහර ඒජන්සි කැමති නෑ....දැන් උඹල කියාගෙන ඉන්න එපා හැමෝම එන්නෙ ඇත්ත ශෝමනී පෙන්නලා කියලා එහෙමනම් මේක ලංකාව වෙන්න බෑනේ බං.එහෙමනම් මේ ඒජන්සිකාරයෝ කියන විදියට අපිට තියෙන ඉඩමක් විකුණලා තමයි එන්න වෙන්නේ.අනිත් එක මේ agency කරන කට්ටිය කියන තව දෙයක් තමයි මාසෙකට ලක්ෂ අටහමාරක විතර ඉන්කම් එකක් එන්න ඕනලු ස්ටුඩන්ට.එහෙමින් ඉන්කම් එකක් එනවා කියලා පෙන්නන්න පුළුවන් නම් මොකටද රටට යන්නේ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Umbata honda agency ekak hambela thiyenne. Un aththa kiyanawa..
    Wena un nam owa kiyanne na ona ekekta student yanna puluwan wage talk deela mulinma gaana kapanawa..

    Godak un rata yanne show money pennana ungen salli bank account ekata daan bank manager set karan bank statements hadan..
    Ohomai wade wenne.

    Habai masters karana yana ungen dan PR wadinne ithama athalossatai. Enisa 2parak hithala wadeta bahinna..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,334
    67,682
    113
    ohoma kiyanne agent ge visa fail rate eka adu karaganna,otchara magul one ne.wena agent kenek meet weyan
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,301
    8,261
    113
    Galaha
    හැමතනම මාෆියා තියෙන්නෙ බං දැන්. මගේ එක්ක ඔෆිස් එකේ වැඩකරපු කොල්ලෙක් 2019 ගියා ගෙදර ඇපේට තියල ලක්ශ 20ක් පෙන්නල ගියේ ඒ සල්ලි පෙන්නුවෙ බැංකුවකින් හරි මොකක් හරි මූල්‍ය ආයතනයකින්. ඌට ඒ සල්ලි ගන්න බෑ කීව හැබැයි ඒකට පොලියක් මූ ජොබ් එක කර කර ගෙවුව ඒ පෙන්නපු කාලේ. මමත් යනවනම් කෝල් කරපන් කියල ඌ මට ඒදවස්වල නොම්බරයක් දුන්නා ඒත් මට උවමනාවක් තිබුනෙ නැති නිසා වැඩිය හෙවුවෙ බැලුවෙ නෑ. ආ ආය මේ ලඟදි වයිෆ්ගේ යාලුවෙක් ගියා හස්බන් එක්කමයි ඒකි ගියෙ MSC එකට හරි masters එකට හරි කෝටියක් වියදම් කරල තිබුනා. උන්ගෙනම් යාලුවෙක් වාහනේ විකුනල තමයි සල්ලි දීල තිබුනෙ දැන් අවුරුද්දක් ඇති ගිහින්.
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    මම දන්න බැචලර් වලට ගිය එවුන් නං ඇත්තටම ඔය කියපු විදිහට අම්මලා තාත්තලට නාන්න සල්ලි තිබිච්ච එවුන් තමා...
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,376
    113
    Show Money කියලා වෙන එකෙක්ට පෙන්වන්න බෑ බන්. ගොඩක් උන් කරන්නෙ හොරට Bank Balance හදලා Student ගේ Visa එකට දාල apply කරන එක. එමබ්සි එකෙන් Check කරන්නෙ Randomly බන්. අහු උනොත් පට්ටම case හැම එකාම අහු වෙන්නෙත් නෑ. කරුමෙට අහූනොත් තමා ඉතින්.මම දන්න කෙනෙක් කරලා ඌට විසා එක ආවා.

    EPF ETF/ LAND SALE/ LOAN තමා හැමොම යන විදිය බන්. උබ ලග ඉඩමක් තියෙනවා නම් කෝටී 3ක් 4ක් වෙන ලක්ශ 150ක් විතර ලොන් එකක් අරන් යන්න පුළුවන්. ලෝන් එක ගත්තා නම් ලෝන් කියලා පෙන්වන්න ඔන. එතකොට ඒ ලෝන් එක ගෙවන විදිය පෙන්වන්නත් ඕන.

    රට ඉන්න මාමාට උබට ස්පොන්සර් කරන්න පුළුවන් බැරි නෑ. හැබැයි මාමා කිවට උබේ අම්මා හරි තාත්තා හරි පැත්තෙන් කෙලින්ම ලේ නෑකමට මාමා වෙන්න ඔන. නැත්නම් අපි ඔය එහෙම ලේ නෑකමක් නැතිව මාමා කිව්වට ස්පොන්සර් කරන්න බෑ.