Depression is not a joke
හැම දවසක්ම මත්වෙලා වගේ අසිහියෙන් ගත කරන්න වෙන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි

නිතරම දුකින් ඉන්න ස්වභාවය නැති වෙන්න එක tablet එකක්.... තරහ යන එක පාලනය වෙන්න තව tablet එකක්... දරාගන්න බැරි
තරම් දැනෙන ඔලුව කැක්කුමට තව tablet එකක්... මිනිස්සු මරන්න තරම් දැනෙන ආවේගය පාලනය වෙන්න තව බෙහෙත් ගොඩක්.... මේ විදිහට මාස කීපයකට සැරයක් වෙනස් වෙන බෙහෙත් තුන්ඩු වලට ඕන විදියට ජීවිතේ ගෙවන්න පටන් අරන් ගෙවෙන 4 වෙනි අවුරුද්ද මේ.
මට වයස අවුරුදු 20 වෙද්දි depression වල 3rd level ඉන්න කෙනෙක් මම. මට ඔයාට තරම් දේවල් දරාගන්න හිත ශක්තිමත් නැති වෙන්න ඇති. මට ආපු ප්‍රශ්න ලග මම අසරණ වෙන්න ඇති. ඒ නිසා මට මෙහෙම වෙන්න ඇති.
මට තේරෙන වයසේ ඉඳන්ම මම හැදෙන්නේ තනියම. ඔයාට වගේ දුක සතුට බෙදා ගන්න ලස්සන ආදරණීය පවුලක් මට නැහැ.
මටම මහන්සි දැනෙනකන් මම, මට ආදරේ කරන එකම එක කෙනෙක් හරි ඉන්නවද කියලා හෙව්වා. කාලයක් තිබුනා මගේ ළඟම අයගේ ලේ දකින්න ආස වෙන තරමට මම අසනීප වුණු.
නන්නාදුනන මිනිස්සු අතරේ, යාලුවෝ ගොඩක් අතරේ, drugs වර්ග අතරේ මම මට නැතිවුණු මාව හෙව්වා. පහුගිය අවුරුදු 4ම මම ජීවත් වුණේ එහෙම.
බෙහෙත් නිසා වගේම මගේ හිතේ හයිය නිසා මට පුලුවන් උනා ආපහු ලස්සන හෙට දවසක් ගැන හීන දකින්න වගේම ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න.
මම පටන් ගත්තා මටම ආදරේ කරන්න; මම වෙනුවෙන් වැඩ කරන්න;මාව ලස්සනට තියාගන්න කාලය ගත කරන්න.
සමහරවිට මම මූණදීපු ප්‍රශ්න වලින් පොඩි ප්‍රමාණයක්වත් ඔයාගේ ජීවිතේ ඇතුලෙ නැති වෙන්න පුළුවන්.
ඒ වගේම සමහරවිට ඔයා මුහුණ දීලා තියෙන ප්‍රශ්න එක්ක බලනකොට මට ආපු අභියෝග ඒ තරම් බරපතළ නොවෙන්නත් පුළුවන්.
කොහොම උණත් පිටින් බලලා කෙනෙක්ගෙ ජීවිතේ ගැන judge කරන එක දැන්වත් නවත්තන්න.
කුඩුකාරයෝ, රස්තියාදුකාරයෝ, පිස්සෝ ,නරක ගෑනු කියලා කවුරුත් මේ ලෝකෙ නැහැ. හැමෝම ඉන්නේ වැරදුණු තැනින් කොහොමහරි නැගිටින්න හදන හරි ලස්සන මිනිස්සු . ඒ මිනිස්සුන්ට වචනෙකින් හරි උදව් කරන්න උත්සාහ කරන්න.
depression තියෙන කිසිම කෙනෙක්ව විහිලුවට ගන්න එපා

අපි වගේ හැමෝටම ඕන අනුකම්පාව නෙවෙයි ඔයාලගේ ආදරේ. මිනිසුන්ගේ ප්‍රශ්න ලඟ සංවේදී වෙන්න.
සමහරවිට ඔයාගේ ලගම යාළුවා රහසින්ම depression නිසා දුක්විඳිනවා වෙන්න පුළුවන්.ඒත් ඔයාට පුළුවන් එයා වෙනුවෙන් දෙයක් කරන්න
Copy