Simple Joyful Homemaker කෙනෙක් වෙමු.
මම කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න කුරුණෑගල ඉදලා කොළඹට එනකොට මගෙ දෙවෙනි අක්ක බැදල මාස හයයි. අයියයි අක්කයි දෙන්නම කොළඹ වැඩ කරපු නිසා බොරලැස්ගමුවෙ හන්දියට කිට්ටුව පුංචි annex එකක හිටියෙ. මටත් නතර වෙන්න වුනා ටික දවසක් එයාල එක්ක. මට කැම්පස් එකේ hostel ලැබෙනකන්.
අක්කල හිටපු පුංචි ගෙදර තිබුණෙ නැතිවම බැරි බඩු මුට්ටු ටිකක් විතරයි. අඩුම ගානෙ ඉද ගන්න පුටුවක් වත් නෑ. දෙන්නම ඉංජිනේරුවො වුණත් හැමදේම බිංදුවෙ ඉදලා පටන් ගත්තෙ. මුල්ම කාලෙ ටී වී බැලුවෙ සාලෙ බිම පොඩි මෙට්ටයක් දාලා ඒකෙ වාඩි වෙලා. සල්ලි ලැබෙන ලැබෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩ හැමදේම ගත්තෙ.
අක්ක නම් මට වඩා ගොඩක් වෙනස්. පොඩි කාලෙ ඉදලාම හරිම පිළිවෙලයි. හොඳට හිතල මතල ඉවසීමෙන් වැඩ කරන්නෙ. ඒ වගේම උයන්න,මහන්න ගෙදර දොර වැඩට හැමදේටම දක්ෂයි. හැමදේම හොඳට කල්පනා කරල කරන කෙනෙක් නිසා එයා ලොකු වෙද්දි ගෙදරට යමක් ගන්නකොට අලුත් curtains එහෙම දාද්දි අම්මත් උපදෙස් ගත්තෙ එයාගෙන් තමයි. තවමත් ඒ වගේමයි.
අක්කයි අයියයි ගෙදරට බඩු ගන්න හැටි මම දකිනවා ඒ කාලෙ. තෝර ගන්නෙ එකම style එකට එකම theme එකට එකම පාටට. ගෙදර අච්චාරුවක් කර ගත්තෙ නැහැ. සමහර දේවල් spray paint කර ගත්තා තියන බඩු වලට ගැලපෙන්න. අදටත් එයාල එහෙමයි. දකින දකින දේ බාල බඩු මුට්ටු උස්සගෙන ඇවිත් පාට පාටින් ගෙදර පුරවන්නෙ නෑ. බොහොම ඉවසීමෙන් හෙමින් එයාලගෙ කැදැල්ල ලස්සනට හදා ගත්තා. දැන් නම් එයාලට හරිම ලස්සන ගෙයක් තියනවා.
මමත් බැදලා අපේ ගෙදර පදිංචි වෙනකොට අපටත් හැම දේම බිංදුවෙ ඉදලම පටන් ගන්න වුනා. ගෙදර පරණ වුනත්, bathrooms ඒ හැටි ලස්සන නැති වුනත්, කලින් කුලියට පදිංචි වෙලා හිටපු අය සුළු අලාබ හානි කරලා තිබ්බත්, පහසුකම් අඩු කුස්සියක් තිබුණත්, වහලෙ සමහර තෙමෙන තැන් තිබ්බත්.... මම ගොඩක් සතුටකින් ජීවිතය පටන් ගත්තා.
අපටත් බඩුවක් මුට්ටුවක් හරියට තිබුණේ නැහැ. Husband ගෙ මහගෙදර පාවිච්චි නොකරපු අමතර පුටු මේස ටිකක්, අම්මට අනවශ්‍ය කුස්සියෙ බඩු ටිකක් අපට ලැබුණා.
විවාහ උත්සවය ඉවර වුණ වහාම ඒ කියන්නෙ පහුවෙනිදාම අපි town ගිහින් වතුර බට, බාල්දි, කොසු, ඉදල්, mop එහෙම තමයි මුලින්ම මිලට ගත්තෙ. පාලුවට ගිහින් දූවිළි තට්ටු තට්ටු වැහිල , මකුළු දැල් බැදිල තිබුණ ඒ ගෙදර අපි දෙන්න තනියම සුද්ද කළා. දවස පුරාම වැඩකරලා මහගෙදරට ගිහින් දවල්ට කෑවා. ආයෙත් ඇවිත් රෑ වෙනකන් වැඩ කළා. පණ යන්න මහන්සියි අලුත් මනමාලිට. ඒත් මම අත ඇරියෙ නෑ. ගෙදර සම්පූර්ණයෙන් පිරිසිදු කර ගත්තා. ඇගම රිදෙනවා එදා රෑ වෙද්දි.
"වැඩ කරලම මූණත් එක්ක මැළවිලා...හෙමීට සුද්ද කරගෙන යන්නනෙ තිබුණේ " කියල මගෙ mother in law කිව්වා මට මතකයි රෑ කෑම කද්දි.
එදා රෑ විතරක් husband ගෙ ගෙදර ගත කරලා පහුවදා උදෙන්ම ආයෙත් town ගියා තුනපහ, හාල් එලවළු ගන්න. ඇදුම් බෑග් ටිකත් අරන් ගෙදර ඇවිත් කුස්සිය අස්කර ගත්තා උයා ගන්න පහසුවෙන්න. කිරි ඉතිරීම්, නැකත් බැලීම් මුකුත් ම නෑ. මම පහුවදා පාන්දරින්ම නැගිටලා උදේට දවල්ට උයාගෙන වැඩටත් ගියා.
"අපේ ගෙදර හරි පරණයි........ලස්සනට තියා ගන්න බෑ....... මට ගෙදර අස් පස් කරන්න ආසාවක් නෑ ඒ නිසා....අලුත් ගෙදරකට ගියාම එදා ඉදලා ලස්සනට ඉන්න පටන් ගන්නවා....අලුත් ගෙයක් හදන්න husband කිසිම උනන්දුවක් නෑ...."
මේ වගේ දේවල් මට ලියලා එවන නංගිලා නිසාමයි මම මේක ලිව්වෙ. ඔයාල දන්නවද මම තවමත් ඉන්නෙ ඒ පරණ ගෙදරම තමයි. අලුත් ගෙයක් හදන්න අපි දෙන්නටම අදහසක් නෑ. උවමනාවකුත් නෑ. අපි මේ ගෙදර සැනසීමෙන් ඉන්නවා. අපට අලුත් පන්නෙ ලස්සන ගෙයක අවශ්‍යතාවයක් දැනෙන්නෙ නෑ. ඉන්න තැන අපට හොඳයි. ගෙදර අයිතිය අපට තියනවා දැන්.
ලොකු Loan වලට හිර වෙලා ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න අපි ආස නෑ. ඒ නිසා මම "අපි අලුත් ලස්සන ගෙයක් හදමු"කියලා කවදාවත් husband ට කරදර කරන්නෙ නෑ. ගෙදර ලස්සන නෑ කියල අසතුටෙන් මම කවදාවත් මගෙ විවාහ ජීවිතය ගත කරලත් නෑ.
ඒත් මම ගෙදරට බඩු මුට්ටු ගන්නකොට එකම theme එකක් සහ colour scheme එකක් තමයි අනුගමනය කළේ. අපේ ගෙදර Theme එක "Farm house/country cottage" පරණ ගෙයක් නිසා ඒක වඩාත් ගැලපෙනවා.
එංගලන්තයේ පරණ cottage සිහි ගන්වන ගෘහ භාණ්ඩ සහ වෙනත් සැරසිලි වැනි දේ තමයි මම ගෙදරට ගේන්නෙ. කුස්සිය හදා ගත්තෙත් ඒ විදිහට හිතලා. පිගන් බඩු ගත්තත්, ඇද රෙද්දක් ගත්තත් එකම විදිහට පේන්න එකම theme එකකට ගන්න මම උත්සාහ කරනවා දැන්.
මට හැගෙන විදිහට නම් ගෙදරක් අලුත්ම වෙන්න ඕනෙ නෑ ජීවිතය වෙනස් වෙන්න. ලස්සනට ගෙදර organize කර ගන්න. මටත් ඒ කිසිම දෙයක් නෑ. තියන ටික පවත්වා ගන්නව හැකි විදිහට. සමහර දේවල් කරන්න තවම මුදල් යොදවන්න විදිහක් නෑ. දරුවො තුන් දෙනෙක් ලොකු මහත් කරන්න අපට ලොකු වියදමකුත් යන නිසා ආස හැමදේම කරන්න ලැබෙන්නෙත් නෑ අපට.
හැමදේම ගත්තෙ මහන්සි වෙලා වැඩ කරලා උපයපු මුදලින්. ඉවසීමෙන් , හෙමින්. ඒ නිසා ලස්සන baskets, containers ගන්න කලින් කාඩ්බෝඩ් පෙට්ටි හිස් අයිස්ක්‍රීම් පෙට්ටි තමයි මම පාවිච්චි කළේ. වඩා වැදගත් වෙන්නෙ ලස්සන baskets වල බඩු දාන එක නෙවෙයි. හරියාකාර සැලසුමක් system එකක් හදා ගන්න එක. ඒක පවත්වා ගෙන යන එක. එහෙම නේද ?
"ලස්සන කුස්සියක් නැති නිසා....mother in law එක්ක එක කුස්සිය බෙදා ගන්න නිසා...ලස්සන basket , containers නැති නිසා... චූටි දූලා පුතාලා ඉන්න නිසා...."මේ වගේ විවිධාකාර හේතු දෙමින් පිළිවෙලට ඉන්න විදිහක් නෑ කියන හැමදෙනාටම මම ලියන්න හිතුවා..
හැමදේටම වඩා වැදගත් වෙන්නෙ ඉන්න ගෙදර ලස්සන , අලුත් බව හෝ නවීන බව නෙවෙයි. ඒ ගෙදර ඔයා එක්ක ජීවත් වෙන අයට කොච්චර සැනසීමක් ඔයාගෙන් අනිත් අයට ලැබෙනවද කියන එකයි.
ලස්සන ගෙයක් ඕනෙ කියල husband ට කරදර කළාම අද අපි මේ දැන් ඉන්න ගෙදර සැනසීමෙන් ඉන්න එයාට ලැබෙන්නෙ නෑනෙ. එහෙම නේද ? Husband සතුටින් සැනසීමෙන් ඉන්නව නම් එයාට ආස හිතෙනවා ඒ වගේ දෙයක් අපි වෙනුවෙන් කරලා අපිව සතුටු කරන්න. අපේ ආසාවල් ඉෂ්ට කරන්න සැමියව ණය බරකට හිර කරන්න කලින් ඒ ගැන හිතන එක වැදගත්.
ලස්සන කුස්සියක් ලැබෙනකන් ලස්සන බඩු මුට්ටු නවීන electric උපකරණ ලැබෙනකන් පවුලේ අයට රස කෑමක් හදන්නෙ නැතුව ........ලස්සන basket නැති නිසා ඇදුම් අල්මාරිය අස්කරන්නෙ නැතුව .....හැමදෙයක්ම පස්සට කල් දාල නැති දේ ගැන සිතමින් තියන දේවල් අගය නොකරමින් ඉන්න... දිගින් දිගටම මට ලියන බොහෝ දෙනාට මම කියන දේවල් හරියටම වැටහිලා නැහැ කියලා මට හිතෙනවා.
Simple Joyful Homemaking කියන්නෙ තමන්ට තියන දේ සකසුරුවම් ලෙස පරිහරණය කරලා ආදරෙන් පවුල සහ නිවහන ගොඩ නගා ගන්න එක විතරමයි. වෙන කිසිම දෙයක් නෙවෙයි. මට තියන දේ ඔයාට නෑ. ඔයා ළග තියන දේ මං ළග නෑ. ඒත් උත්සාහවන්තකම අපි දෙන්නා ළගම තියනවා. ඒක විතරයි අපට උවමනා.
මේ ළගදි නංගි කෙනෙක් කිව්වා එයාට අවන් එකක් නැති නිසා මුකුත් ම කෑම හදන්න විදිහක් නෑ කියලා. මං එයාට අවන් එකක් නැතුව හදන පහසු කෑම වර්ග මතක් කළාම එයා එකක් දෙකක් උත්සාහ කළා. ඒව රසට හදලා දුන්නම එයාගෙ husband ගොඩක් සතුටු වෙලා එයාට අවන් එකක් අරන් දුන්නා. දැන් ඒ නංගි එයාගෙ පඩිය ඉතිරි කරලා අලුත් අලුත් දේවල් හෙමින් ඉවසීමෙන් ගන්නවා. Husband ට කරදර කරන්නෙත් නෑ. රස කෑම හදලා පවුලේ අය සතුටු කරනවා.
Simple Joyful Homemaking කියන්නෙ සරල ජීවිතයක් ගත කරමින් සතුටින් තමන්ගෙ කැදැල්ල තනා ගන්නා එකට. හැමදේම සර්ව සම්පූර්ණව අපට ලැබෙන්නෙ නැහැ. ගලාගෙන යන ගංගාවක් වුනත් සුන්දරව පේන්නෙ බාධක සහිතව යන තැන් වලදි. අපේ ජීවිතත් එ් වගේ. ආර්ථික දුෂ්කරතා ඇති වෙද්දි අපි අපේ බැදීම් වඩාත් ශක්තිමත් කරගෙන පවුලෙ අයට වැඩි සතුටක් දෙන්න උත්සාහය කරන්න ඕනෙ.
ඔයාලට ගොඩක් ස්තුතියි මට ලියනවාට. මං හිතන්නෙ Simple Joyful Homemaker කෙනෙක් වෙන්න දැන් නම් ඔයාට අපහසුවක් නැතිවෙයි.
http://www.simplejoyfulhomemaking.com/Family/Simple.html