Simpsons බලපු අය එන්න

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේක ගැන ඔබතුමා දරණ මතය මොකක් ද?

    The Novel That (Seemingly) Predicted the 'Titanic' Disaster

    The Wreck of the Titan: Or, Futility



    පොතේ අදාල කොටස් කියවල නෑ මචන් ඒ නිසා විශේෂ අදහසක් නෑ.

    පොතට අදාල නෑ...නමුත් ට්‍රාන්ස් අත්ලාන්තික් ගමන් ට්‍රයි කරන්න පටන් ගත්ත කාලෙම ඒ ගැන ෆේටලිස්ටික් විදිහට හිතන්න පෙළඹුනා නේ යුරෝපෙ අය. ලින්ඩ්බර්ග් තමන්ගෙ ගමන යන්න කලිනුත් ගොඩක් අය ලොකු විනාශෙකින් ඕක අවසන් වෙයි කියල හිතුව. ඒක නිකම්ම සරළ අශුභවාදෙටත් වඩා ටිකක් රොමෑන්ටික් ලයින් එකකින් විනාශය ගැන තියෙන උනන්දුවක්-- ඩිසාස්ටර් පෝර්න් වගේ. කොහොමත් අත්ලාන්තික් සාගරය පැසිෆික් වලට වඩා අද්භූත විදිහට මිනිස්සුන්ට දැනිල තියෙන බව පේනව පුරාවෘත්ත ප්‍රමාණය අතින් බැලුවොත්.

    මන් දන්නෑ උන්ට එහෙම හිතුනෙ ඇයි කියන්න. මිනිස්සුන්ගෙ සාමූහික චකිතය විද්‍යමාන වෙන යම් විදිහක් කියල හිතනව- ඒත් ඒක අනුමානයක් විතරයි.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Most insane prediction I know

    Google Lone Gunmen pilot

    Episode aired march 2001

    Plot - uncovering a top secret government mission to crash a plane to world trade center

    Trddff.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    පලි: 9/11 ප්‍රහාරෙ වගේ එකක් රෙෆරන්ස් කරන මොකක්ද පොඩි කොටසකුත් තියෙනව නේ සිම්ප්සන් වල. ඇමරිකාවෙ 80 ගනන් වල ඉඳන්ම පෙන්ටගනේට, ලෝක වෙලඳ මද්‍යස්තානෙට, ධවල මන්දිරේට පහර දෙන කතා තියෙන පොත්, ටීවි චිත්‍රපටි එහෙම ලියවිලා හැදිල තියෙනව. ඔහොම ඒව උන්ට හිතෙන එකත් තේරුම් ගන්න පුලුවන්...මේක ඇමරිකන් උන්ට උන්ගෙම බල සංකේත වල ප්‍රගමනය හෝ ආරක්ෂාව ගැන තියෙන අවිඥාණික චකිතය ප්‍රකාශ වෙන විදිහක්. වෙනකක් තියා ටයිටැනික් නැව දියත් කරද්දි අන්සින්කබල් යැයි යැයි ගෑව නිසා සමහර මිනිස්සු අනාවැකි කියන්න ගත්තලු නේ ඕක අනිවා ගිලෙයි කියල. මන් හිතන්නෙ මේක මිනිස්සු අස්ථායී බලය හෝ සීග්‍ර ඩිවෙලොප්මන්ට් පිළිබඳ ඉරණම මොකක් වෙයිද, මොනවගේ බාහිර අනතුරක් මතු වෙයිද කියන එක ප්‍රොසෙස් කරගන්න විදිහක්.

    මම කියන්නෙ නෑ සිම්ප්සන් වල ඔක්කොම මේ වගේ පඬි ලොජික් වලින් පැහැදිලි කරන්න පුලුවන් කියල...ඒත් ගොඩක් ඒව හිතල බලපුවම එච්චර අමුත්තක් නෑ කියල තමා හිතෙන්නෙ.
    bole allan inna eke inna ayage adum, position pawa samanai. eka ehema nikan galpuna kiyanna amarui.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හරි පුදුම හිතෙනවානේ. කොහොම අනුමාන කෙරුවද මන්ද :unsure:
    :yes: :yes: :yes:

    කිසි predict කිරිල්ලක් නෑනේ ,යන්තන් ලගින් යන දේකට ආ මේක වෙන්නැති කියල දාගෙන


    ඔහොම හිතලම හෙව්වොත් කෝපි කඩේ එකෙනුත් හොයාගන්න පුලඋවන් වෙයි

    :yes::yes::yes:
    ------ Post added on Jun 28, 2023 at 10:18 AM
     
    • Love
    Reactions: NRTG

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කොයිල් ද බන්. සිම්ප්සන් ලොකු කාලයක් දිව්ව කතාවක් හැටියට, අනුයාත එපිසෝඩ්ස් දෙකක් රියැලිටි හෝ ඇබ්සර්ඩ් කොමඩි අන්ත දෙකේ ටක්ගාල මාරු වෙන්න පුලුවන් තරම් නිදහසක් තිබ්බ ෆ්‍රේම් එකක හිරවෙලා නොතිබ්බ සිට්කොම් එකක් හැටියට, ඕක ලියන උන් ගෙ විවිධ ඉන්ටරස්ට් වල හැටියට බලද්දි යම් යම් දේවල් වලට ලඟින් යන තැන් තියෙන්න පුලුවන්.

    මාත් ඔක්කොම බලල නෑ කෝනන් ඕබ්‍රයන්, ජෝර්ජ් මයර් දෙන්නා ලියපු කාලවල එපිසෝඩ් බලල තියෙනව. ඕක ලියන උන් ටිකක් විකාරරූපි සෙන්ස් ඔෆ් හියුමර් එකක් තියෙන නර්ඩ්ස් ල, සමහර උන් නම් සිරා ස්මාර්ට් ඩයල් (හාවර්ඩ් ලැම්පූන් වල හිටපු අය). ඒ වගේ අය අතින් ලොකු ස්ප්‍රෙඩ් එකක දේවල් ලියවෙනව. මොකක් හෝ ෆ්‍රේම් එකක් කනාවට හෝ ඇත්ත සිද්ධියකට සෙට් වෙනව.

    ඔය ඊයෙ පෙරේදා උඩට ආපු පොඩි කෑල්ලෙත් එහෙම අමුත්තක් නෑනෙ. මුහුද යට ඩයිව් කරන ගමන් ඔක්සිජන් අඩුවෙලා මොකක් හරි ඩ්‍රැමටික් දෙයක් වෙන එක ගොඩක් චිත්‍රපටි වල පවා තියෙන ට්‍රෝප් එකක්.
    this. :yes:


    ------ Post added on Jun 28, 2023 at 8:12 PM
     
    • Like
    Reactions: NRTG