මේක ගැන ඔබතුමා දරණ මතය මොකක් ද?
The Novel That (Seemingly) Predicted the 'Titanic' Disaster
The Wreck of the Titan: Or, Futility
![]()
පොතේ අදාල කොටස් කියවල නෑ මචන් ඒ නිසා විශේෂ අදහසක් නෑ.
පොතට අදාල නෑ...නමුත් ට්‍රාන්ස් අත්ලාන්තික් ගමන් ට්‍රයි කරන්න පටන් ගත්ත කාලෙම ඒ ගැන ෆේටලිස්ටික් විදිහට හිතන්න පෙළඹුනා නේ යුරෝපෙ අය. ලින්ඩ්බර්ග් තමන්ගෙ ගමන යන්න කලිනුත් ගොඩක් අය ලොකු විනාශෙකින් ඕක අවසන් වෙයි කියල හිතුව. ඒක නිකම්ම සරළ අශුභවාදෙටත් වඩා ටිකක් රොමෑන්ටික් ලයින් එකකින් විනාශය ගැන තියෙන උනන්දුවක්-- ඩිසාස්ටර් පෝර්න් වගේ. කොහොමත් අත්ලාන්තික් සාගරය පැසිෆික් වලට වඩා අද්භූත විදිහට මිනිස්සුන්ට දැනිල තියෙන බව පේනව පුරාවෘත්ත ප්‍රමාණය අතින් බැලුවොත්.
මන් දන්නෑ උන්ට එහෙම හිතුනෙ ඇයි කියන්න. මිනිස්සුන්ගෙ සාමූහික චකිතය විද්‍යමාන වෙන යම් විදිහක් කියල හිතනව- ඒත් ඒක අනුමානයක් විතරයි.