Simpson's Forest Hotel කවුරුහරි ඉන්නවද මෙතනට ගියපු

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    Simpson's Forest Hotel කවුරුහරි ඉන්නවද මෙතනට ගියපු

    ලස්සන තැනක් වගේ කවුරුහරි ඉන්නවද මෙතනට ගියපු



    154933647.jpg


    154933828.jpg


    z_pv-Simpson-01.jpg



    සිම්සන් වනාන්තරය කියන්නේ හුන්නස්ගිරි කඳුපන්තියේ ඉඳලා වතතේගම, ඇල්කඩුව පාර දක්වා විහිදුණු කුඩා උප වනාන්තරයක්. මුහුදු මට්ටමේ සිට අඩි 3900ක් තරම් උසින් පිහිටි මේ වනාන්තරය මීනවත්ත වතුයායට යාබදවයි පිහිටා තිබෙන්නේ. ත්‍රිකෝණාකාර හැඩයකින් යුත් මේ වනාන්තරය මේ විදියට ආරක්ෂා කරලා තියෙන්නේ අතීතයේ හිටපු ඊ.සිම්සන් කියන වතුපාලකවරයාය.

    හුන්නස්ගිරිය සහ මීනවත්ත කඳු වළල්ලෙන් වටවුණු වත්තේගම ප්‍රදේශයේ අක්කර 8.5ක් පුරා විහිදුණු කඳු වැටියක් මත ළඟදී අපූරු නවාතැනක් විවෘත වුණා. පෙර කී වතුපාලකවරයාට උපහාරයක් ලෙසින් මේ අපූරු නවාතැන නම්කර තිබෙන්නේ Simpson's Forest Hotel නමිනි.

    z_pv-Simpson-02.jpg

    මේ වගේ නවාතැනක් ගැන අපි අද ඔබට කියන්නට තෝරා ගත්තේ ඔබ ජීවිතයේ සොයන 'වෙනස' ඔබ හිතුවාටත් වඩා හොඳින් එහිදී ලබා ගන්නට හැකි නිසාය. විශාල තේවත්තක්ද මේ භූමියේ පිහිටා තිබෙන නිසා සජීවීම තේ දලු නෙළන්නන් සිය දහස් ගණනක් වූ ඖෂධීය ශාක වර්ග සහ කුළුබඩු ශාක වර්ග හඳුනාගන්නටත් මෙහිදී අවස්ථාව උදාවෙනවා. ඒ විතරක් නමෛයි කඳු නඟින්න ප්‍රිය කරන අයට මෙය නම් කියාපු ස්ථානයක්. ස්වභාවික දිය පහරවල්. ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග ආදී බොහෝ දේ ඔබට මෙබඳු පරිසරයක නවාතැන් ගතහොත් දැක බලා ගත හැකියි. තරු පන්තියේ හෝලටයක ඇති සියලුම පහසුකම් මේ හෝටල් සංකීර්ණයේ තිබුණත් ඒ සියල්ලටම වඩා උස් කඳුවැටිය මීදුමෙන් වැසෙන සුන්දරත්වය සිත්සේ විඳින්නට හැකියාව ලැබිමයි මේ නවාතැනේ සහ භූමියේ ඇති විශේෂත්වය වන්නේ. ඒ වගේම සෙම්බුවත්ත, නකල්ස්, හුළුගල, බඹරැල්ල, අලගල්ල, හුන්නස්‍පෝල් වැනි තවත් සුන්දර ස්ථාන රැසකටම මෙහි සිට ඉතා කෙටි වෙලාවකින් ළඟා වීමට හැකිවීමත් සංචාරකයන්ට ලැබෙන තවත් වාසියක්. මධුසමය බලා පිටත්ව යාමට බලා සිටින තරුණ යුවළවලටත් ඉතා කදිම මෙබඳු ස්ථාන පිළිබඳ අපි ඉදිරියේදී තවත් කියන්නට බලා‍පොරොත්තු වෙනවා. ඔබ තනියම ගියත්, කණ්ඩායම් වශයෙන් ගියත් දරුපවුල් වශයෙන් ගියත් මේවගේ සොඳුරු තැනක් සොයාගෙන සංචාරයේ අරමුණු සපුරා ගන්නට උත්සාහ කළහොත් ගතේ වෙහෙස වගේම අධ්‍යාපනික වශයෙනුත් විශාල දැනුම් සම්භාරයක් උකහා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.



    ලක්බිම
     

    nuno

    Member
    Jul 30, 2014
    45
    6
    0
    watch travel with chathura wattegama episode 2018. Chathura lodged in that hotel.It belongs to Seetha Holdings Group.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගිහින් නම් නෑ.....ඔය පැත්තේ නම් ඇවිදලා තියේ......ලස්සන ප්ලේස් එකක් නේ. :love: