කල්වාරි කඳු පාමුල මග්දලේනා මරියනි
සාංකාමය දෑස් පතුලින් කොන්ත තරු එළි දැල්වුණි
පින්තාරු කල ස්නේහ නගරයේ
සංසාරයේ සළු මිදුනාද ප්‍රේමියේ...
නින්නාද දී ඇසෙන කන්තාරු හඬට
සංතාප සුසුමකින් ඇහැරෙමි
හුරුපුරුදු කඳුළකින් ඇණ ගැසෙන ප්‍රේමයේ
කුරුසයක බර දරා හිනැහෙමි
නන්නාදුනන රැය දිගුවක් ය රාගයේ
පළමු ගල ගසාපන් ද්වාරයට ස්වර්ගයේ
උත්ථානයේ සිහින නොදකිමි...