මා හද අසපුව කුසුමින් සැරසූ ඒ මල්බර දෑතයි
ජීවන මහමග කැල්මෙන් හෙලිකළ ඒ නිල්මිණි දෑසයි
දකිනතුරු සිත දැඩි අවිවේකයි...
සෙනෙහස පොදි බැඳ හිසින් දරා
සැනසිලි පිණි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා...
මුවින් අමොද බිඳු බිඳු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැලැල් හද මට සෑහේ..

love:
