වළාකුලක් ගෙන මුවා කරමු
හිරු ගිණිගෙන වියරුව
නලියන වැලි කතරේ
රත්වුණු වැලිකැට පුපුරණ
මැදපෙරදිග වැලි කතරේ
වතුර මලෙන් නා දොළ අමතක කර
දූලි සුළං විඳ වෙළ අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අබියසට ගමු අපි සුර පුර
නගර දනවූ මැද සුවිසල් මන්දිර
අතැර උයන් රට නොරටුන් ලං කර
පඳුරු පතොක් කටු අත ගා උල් කර
විනෝද වෙමු අපි ලේ මස් දිය කර......