නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්
සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට ඔබ හට නොහැක ඉතින්