තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන - ස්වරයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...
නෙතගට කඳුල ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...