ජගදානන්දන මහා කාරුණික - සිරසවන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට - නමස්කාර වේවා
අහස උසට නැගි සවනක් ඝණරැස් - කේතු මාලාවෝ
මොහඳුර විනිවිද තිමිර පටල බිඳ - භවාග්රයේ විහිදෙන යාමේ
සවනේ ගෙවා දත් මහා ඥාණයට - නමස්කාර වේවා
මහී තලය මත සදා සරණ බඳු - දයා සමුදාවෝ
ගලා බසින සඳ නිවා අග්නි කඳ - පුදා ප්රණාමය පා මඬලේ
පාරමී පූරිත විපුල වීර්යට - නමස්කාර වේවා