Singapore New

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    සිංගප්පූරුව කියන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක් වුනාට සුන්දරත්වයෙන් ඉහවහා ගියපු සංවර්ධිත රටක්; ඕනැම රටකට ගන්න පුළුවන් ආදර්ශ වලින් පිරුණු රටක්. ඒ වගේම ලෝකයේ වැඩි සංචාරක ආකර්ශනයක් හිමි වෙන රටක් කියන්නත් පුළුවනි. ලංකාවටත් වඩා සුළු ඉඩ ප්‍රමාණයක ගොඩනැගුනු මහා පරිමාණ නගර නිර්මාණකරනයෙන් අගතැන්පත් මේ රට, හැම තත්පරයකදි ම රට තුලට ආදායම් ගලාගෙන එන ආර්ථික ක්‍රමයකින් සමන්විතයි.

    මේ කියන්න යන්නේ මේ රටට සුවිශේෂී වූ ස්ථානයක් ගැන. මේ රටට ගොඩ බසින මූලිකම ස්ථාන වුන චැන්ගි ජාත්‍යන්තර ගුවන් තොට (Changi International Airport) පිළිබඳවයි. රට අභ්‍යන්තරයේ තියෙන සුන්දරත්වය ගැන මොනවට සපථ කරන පළමුවන ස්ථානයයි මේ ගුවන් තොටුපොළ. ආකර්ශණීය ගෘග නිර්මාණ ශිල්ප වලින් පොහොසත් මෙතැන ලෝකයේ හොඳම ගුවන් තොට ලෙස එක දිගට සම්මානයට පාත්‍ර වෙන්නටත් සමත් වූවක්. මේ වසරේදීත් (2017) මෙයට එම සම්මානය දිනා ගැනීම
    හැකි වූවා. :love:

    ලංකාවේ ගුවන් තොටුපළ තරම් විශාලත්වයකින් යුතු මගී පර්යන්ත 3ක් සහිතයි මේ ගුවන් තොටුපොළට. ඒ කියන්නේ එක් මගී පර්යන්තයක් (ටර්මිනලයක්) අපේ ගුවන් තොටුපළේ ප්‍රමාණය තරම් විශාලත්වයකින් යුක්තයි කිව්වොත් නිවැරදියි. ඉතින් එහෙම පර්යන්ත 3කින් සමන්විත මේ ගුවන් තොටුපොළට අලුතෙන් එක් වෙන සාමාජිකයා තමයි 4 වන මගී පර්යන්තය. ඊයේ (19-05-2017) දිනයේ දී මෙහි මුල්ම ඡායාරූප පෙළ අන්තර්ජාලයට මුදා හැරලා තිබුනා. අනෙක් පර්යන්ත වලට නොදෙවෙනි සුපිරි පෙනුමක් මේවායේ ද පෙනෙන්නට තිබෙනවා. පසුගිය දෙසැම්බරයේ නිමවා අවසන් කෙරුනු මෙය, ජනතා අයිතියට පත් වන්නේ නම් මේ වසරේ දෙවන භාගයේ අගදීයි. බලන්න කොයි තරම් කාලයකට උඩදී නිම කළත් ජන අයිතියට ලබා දෙන්නේ කොයි තරම් කාලයකට පසුවද? මොකද තත්ත්වය සහ ගුණාත්මක භාවයෙන් ඉහළම කාර්යක්ෂ්‍යම සේවාවක්, පරිසරයක් වගෙම සුවපහසුවක් මගීන්ටත් නරඹන්නට පැමිණෙන සියළු දෙනාටත් ලබා දෙන අරමුණින්. :yes:

    19225757_10155196222798598_1285565510217268095_n.jpg


    19247926_10155196235763598_475478925785025590_n.jpg


    19247720_10155196249838598_4968880655403924551_n.jpg


    19366117_10155196205318598_378604273539178968_n.jpg


    19275000_10155196205313598_9102101277387628231_n.jpg


    19396891_10155196229783598_6800310476419568615_n.jpg


    බලන්න කොයි තරම් සුන්දර ද, පිරිසිදු ද කියලා. වසරේ ඕනැම කාලයක මේ ස්ථානය දැක බලා ගන්න ගියත් කිසිම මොහොත
    මේවා කැඩී බිඳී ගොස් තිබෙනවා හෝ අපිරිසිදු වෙලා තියෙන බවක් දකින්න ලැබෙන්නේ නැත්තේ, කාර්ය මණ්ඩලයේ වෙහෙස මහන්සිය මත පමණක් නොව, රටේ ජනතාවගේත් පැමිණෙන අයගේත් තියෙන මනා හික්මීම නිසායි.

    මගේ සිංගප්පූරු ගමන ගැන දැන කියා ගන්න මෙතන
    යන්න.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Lankawe Ungeth Adu kadanna one waradi karana unge..Public place wala Inna danne nathi, kunu dana unge.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Lankawe Ungeth Adu kadanna one waradi karana unge..Public place wala Inna danne nathi, kunu dana unge.

    ලංකාවෙ අයට ලංකාවෙ කිසිම දෙයක් ගැන කිසිම තැකීමක් ආදරයක් දැනෙන්නේ නෑ. පොදු දේපළ, ස්ථාන කියන්නේ අපිරිසිදු කළාට කමක් නැති අපිරිසිදු කලත් පිරිසිදු කරන්න කට්ටිය ඉන්න නිසා හැඟීමක් නැතිව හිතුමතේ පාවිච්චි කරන මනුස්ස කොට්ඨාශයක් ඉන්න රටක්. :angry:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    ලංකාවෙ අයට ලංකාවෙ කිසිම දෙයක් ගැන කිසිම තැකීමක් ආදරයක් දැනෙන්නේ නෑ. පොදු දේපළ, ස්ථාන කියන්නේ අපිරිසිදු කළාට කමක් නැති අපිරිසිදු කලත් පිරිසිදු කරන්න කට්ටිය ඉන්න නිසා හැඟීමක් නැතිව හිතුමතේ පාවිච්චි කරන මනුස්ස කොට්ඨාශයක් ඉන්න රටක්. :angry:

    Agilla Gaane Kapala dammanan Hari.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Concrete wala koheda bn sundarathwayak? un sanwaradanaya unata loku aduwakin jeewath wenne. UNge parisaraya winasa wela thama unta theren na thawa tika kalin loke lokuma market ekak ai air bottle walata water bottle walta wagema. Ape lanawakawa kochara sundara unath eken lankawe jiwath wen unata wadak na un thiyena kala kapala winasa karala danawa. angathayak gana hithan na munta one jiwithe sapa widinna witharai.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Concrete wala koheda bn sundarathwayak? un sanwaradanaya unata loku aduwakin jeewath wenne. UNge parisaraya winasa wela thama unta theren na thawa tika kalin loke lokuma market ekak ai air bottle walata water bottle walta wagema. Ape lanawakawa kochara sundara unath eken lankawe jiwath wen unata wadak na un thiyena kala kapala winasa karala danawa. angathayak gana hithan na munta one jiwithe sapa widinna witharai.

    රටට ආදරේ නොකරන තාක් කල් මොන සුන්දරත්වයක්වත් රැකෙන්නෙ නෑ. පාලකයෝ වනාන්තර විනාස කරන එක විතරක් නෙවෙයි තැනකට ගියාම කාලා බීලා පරිසරය විනාස කරන්නේ සාමාන්‍ය ජනතාවමයි. ඒ දේ තාම වෙනස් වෙලා නෑ දශක ගණනාවක් ම. හැදියාවක් නැති මිනිස් පරපුරක් තියෙන තැන කිසිම දෙයක පැවැත්මක් රඳා පවතින්නේ නෑ. ඒකට කොන්ක්‍රීට් ද, ස්වභාවිකද කියන එකත් අදාළ නෑ. :rolleyes:
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    නිකමට හිතන්න, සිංගප්පූරුවෙ පොදු ප්‍රවාහන සේවයක ඇතුලේ කෑවොත් බීවොත්, දූරියං ගෙනිච්චොත් දඩය සිංගප්පූරු ඩොලර් 5000ක් වගේ ගාණක්. :shocked: ඒ වගේ සුළු වරදකට දඩයේ තරම බලන්න.

    වෙනත් අපරාධ කරන නැත්තන් හොරුන්ගෙ නම් නගර මැද්දේ බෝඩ් වල ලියලා ප්‍රදර්ශනේ කරලා තියෙනවා. :no:

    එහේ එහෙම වුනාට අඩු ගානේ ලංකාවෙ මාර්ග නීති වැඩි කරලා දඩය වැඩි කලොත් මුලින්ම පාරට බහින්නේ වැ
    දි කරන ඈයොයි. වැඩ වර්ජන කරලා කොහොම හරි මිනිස්සුන්වත් කරදරේට පත් කරලා දඩය අඩු කරගෙන හරි නැති කරගෙන හරි සුපුරුදු වැරදි ටික නීත්‍යානුකූලව හරි කරන්නයි මේ රටේ ගොඩක් දෙනා කැමති.
    පොදු ප්‍රවාහන වල යද්දී ඉස්සරහ පුටුවේ බලි අඳින්න, ඒක හම ගහන්න නැත්නම් කකුල් තියාගෙන යන්න හිතෙන පිරිසක් මෙහෙ ඉන්නේ. :growl:

    චිත්‍රපටයක් බලන්න ගියත් ඉස්සරහ පුටුව උඩින් කකුල් දාගෙන ඒ පුටුවත් අපවිත්‍ර කරන පිරිසක් ඉන්නේ. :dull:

    පාර මාරු වෙන්න ගියත් කොළ පාට වැටෙනකම් බලාගෙන ඉන්න අමාරු පිරිසක් ඉන්න රටක්. :frown:

    මේ ගති පැවතුම් නීති රීති වලින් ම විතරක් නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. රටේ පොදු දේපළ ගැන හැඟීමක් නැති කම රටේ අවාසනාව. හැදෙන්න ඕනේ රටේ පාලනයටත් වඩා මිනිස්සුයි. ඒ වෙනස සිද්ධ වෙන තාක් කල් කවදාවත් ම මේ රට සිංගප්පූරුවක් තියා ඉ
    න්දියාවේ දියුණු යැයි කියන නගරයක් තරම්වත් ගොඩ ගන්න පුළුවන් කමක් නෑ. :yes:
     
    Last edited: