Singwa hamgge (2017) AKA Along with the Gods: The Two Worlds දෙවියන් සමග නඩුවාර හතක්

gee2008

Active member
  • Jan 1, 2008
    213
    33
    28
    Singwa hamgge (2017) AKA Along with the Gods: The Two Worlds දෙවියන් සමග නඩුවාර හතක්

    sddefault.jpg



    මම බලපු ලස්සන චිතපටයක් :love::love::love::love::love:
    කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා ති⁣යනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි. මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වල⁣ට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා.



    උපුටා ගැනීම්



    බයිස්කෝප්එල්කේඩොට්කොම්/along-with-the-gods-the-two-worlds-2017-sinhala-subtitles/
    බයිස්කෝප්ඩවුන්ලෝඩ්ඩොට්කොම්/2018/04/19/singwa-hamgge-2017-aka-along-with-the-gods-the-two-worlds-2017/
    Download Movie Link : https://openload.co/f/rWS1NeCNN98/A.2017.1gb.x264.RaZor.zip
     
    Last edited: