You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
බන් මට මේ ලැජ්ජයි කියන්න. සිංහල එකෙක් වෙලත් සිංහල වචන ලියනකොට තවමත් ළ,ල - ණ,න - ත,ථි වගේ අකුරු යෙදන විදිය ගැන කිසිම අයිඩියා එකක් නෑ. ඒ විතරක් නෙමේ බ,භ යෙදන විදිය උනත් තව කියනව නම් ක,ඛ යෙදනන විදිය උනත්.
උදා.
කෝණ ලියන කොට කොහොමද හරියටම ණ යෙදෙනව කියලම කියන්නේ න නොයොදා?
උදා 2.
ළමයා ලියන කොට ලමයා කියල නොලියා ළමයා කියල ලියන්නේ මොන පදනම මතද?
කොහොමද හරියටම
මේ අකුරු දෙවර්ගය වචන වල යෙදෙන්නේ?
මේවට තියෙන නීති රීති මොනවද? 
ඒවා ලියන හැටි තමා ඉතිං මතකෙන් ලියනවා මිසක් වෙන විදියක් නෑ

හපොයි එහෙමද මම හිතුවා මොනව හරි නීති රීති ඇතිය කියල .

නීති තියෙනවා මචං. එත් දැන් මතක නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තා.
උදා: වචනෙක "ර" අකුරට පස්සේ "න" අකුර යෙදෙනවනම් එතනට දාන්නේ "ණ" (මුර්ධජ නයන්න)
ඒත් දැන් අවුරුදු හත අටක ඉඳල සිංහල භාවිතය ගොඩක් අඩුයි. ඩිග්‍රී එක කරද්දී, රස්සාව කරද්දී වැඩි පුරාම භාවිතා වෙන්නේ ඉංග්‍රීසි. ඒක නිසයි මම එළකිරි එකෙයි fb එකෙයි කොටන තරමක් සින්හලෙන්ම කොටන්නෙත්. එහෙමයි කියල සුද්දෙක් වගේ ඉංග්‍රීසි බැහැ හොඳේ
. ඒත් සිංහල වල එන ව්‍යාකරණ එහෙම දැන් මතක පුරුද්දෙන් විතරයි. දැන් ඉස්සර වගේ පොත් කියවෙන්නෙත් නැහැ. ඉස්සර නම් මොකක් හරි කමක් නැහැ පොතක් අහුවුනොත් කියවල ඉවර වෙලාම තමා නවතින්නේ. උඹටත් ව්‍යාකරණ, මුර්ධජ, මහප්‍රාණ අකුරු ගැන හොඳට ඉගෙන ගන්න ඕනෙනම් පුළුවන්තරම් පොත්ම කියවපන්. හැබැයි අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ එලොවටයි මෙලොවටයි දෙකටම නැති පොත් නෙවෙයි පරණ වැදගත් ලේඛකයෝ ලියපු පොත්.
කවුරු හරි දන්න අය ඉන්නවනම් නීති ටික මෙතන දාන්න සිංහල ඉගෙනගන්න කැමති අයට ප්‍රයෝජනවත් වෙයි
Last edited:

ඔව් ගොඩක් වැදගත් වෙයි.