දිගු කාලීනව සඟවන්න බැරි දේවල් තුනක් තියනවා ඒ ඉර,හඳ හා ඇත්තයි
- බුදුන් වහන්සේ-
ආශ්වාස කිරීමට වාතය මෙන් ම ජීවත් වීමට අධ්‍යාපනය අවශ්‍යය යි.
-ලියෝ ටෝල්ස්ටෝයි-
කෙනෙකුගේ බුද්ධිය පටු වු තරමට ඔහුගේ දේශනාව දිගය.
-ටෙට් කුක්-
යමෙකු පරාජය කිරීම ඉතා පහසු වේ. අපහසු වන්නේ යමෙකුව ජයග්‍රහණය කිරීමයි.
-අබ්දුල් කලාම්-
දීප්තිමත් අනාගතයක් අපේක්ෂා කරන්නේ නම් අතීත සිද්ධීන් ආවර්ජනය කර බලන්න.
-කොන්පියුසස්-
ඔබේ දුර්වලකම මිත්‍රත්වය නම්, ඔබ මෙලොව සිටින ශක්තිවන්තම පුද්ගලයා යි.
- ඒබ්‍රහම් ලින්කන්
ආත්ම ශක්තියෙන් සරු පුද්ගලයාගේ අනාගතය කවරදාවත් අදුරු නො වේ
- හෙන්රි ලෝං පෙලෝ
ඉගෙනීමේ කටයුතු පාසැලට පමණක් සීමා කරන ශිෂ්‍යයා කූඩුවක වැඩෙන කුරුල්ලෙකු මෙනි.
- බර්නාඩ් ෂෝ
මට ‘බෑ’ කියූ සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙමි. ඒ සියල්ල මා විසින් ම කළේ ඔවුන් නිසා ය.
- ඇල්බර්ට් අයින්ස්ටයින්
දුර්වලයාට කිසිවිටක සමාව දීමට නොහැක. සමාව දීම යනු ශක්තිවන්තයාගේ ලක්ෂණයකි.
- මහත්මා ගාන්ධි-
උත්සාහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකි. ප්‍රමාදය මිතුරෙකු මෙන් පෙනෙන සතුරෙකි.
-ව්‍යාෂ සෘෂිවරයා-
ඉවසීමත්, අධිෂ්ඨාන ශක්තියත් ඇති පුද්ගලයා කිසිම කාර්යයක දී පසු නො බසී.
- අයිරීෂ් ජාතික කවියෙකු වූ හියූකේලී-
ජයග්‍රහණය කෙරෙහි බුද්ධියට වඩා බලපාන්නේ උත්සාහය යි.
- ඇමෙරිකන් ජාතික පූජකයෙකු වූ චාල්ස් වෙන්ට්-
තමන්ගේ ආවේගයන්,ආශාවන් හා භීතීන් පාලනය කරගන්නා පුද්ගලයා රජෙකුට වඩා බලවතෙකි.
- මිල්ටන්-
ලෝකය වෙනස් කිරීමට පාවිච්චි කළ හැකි බලවත් ම ආයුධය අධ්‍යපනය යි.
- නෙල්සන් මැන්ඩෙලා-
වේලාව කා දමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනු ලබයි.
- විලියම් ශේක්ෂ්පියර්-
එක හොඳ පොතක් යාළුවෝ සියයකට සමාන යි. හැබැයි එක හොඳ යාළුවෙක් පුස්තකාලයකට සමානයි.
- අබ්දුල් කලාම්-
ජීවත්වීම ද බයිසිකලයක් පැදීම වැනි ය. සමබරතාවය පවත්වාගැනීමට දිගටම ඉදිරියට යා යුතු ය.
- මහා විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්-
හොඳ ඔළුවක් හා හොඳ හදවතක් හැමවිට ම පැරදවිය නොහැකි සවිමත් සබඳතාවකි.
- නෙල්සන් මැන්ඩෙලා-
සමාජයක ආත්මය හෙළිදරවු කර ගත හැකි හොඳ ම මග ඔවුන් ළමුන්ට සලකන ආකාරය විමසීම යි.
-නෙල්සන් මැන්ඩෙලා-
ප්‍රේමය ළඟාවන්නේ නිසොල්මනේ ය. එය ආපසු යන්නේ දොරට තඩිබාගෙන ය.
-රොබට් ලොම්කේ-
ලෝකය බෙහෙවින් පීඩා විඳියි. ඒ නරක මිනිස්සුන්ගේ දරුණු ක්‍රියාවලින් නො වේ. හොඳ මිනිසුන්ගේ නිහඩතාවයෙනි.
-නැපෝලියන් බොනපාට්-
නොහැඬු තරුණයා තිරිසනෙකි. සිනහ නොවන මහල්ලා මෝඩයෙකි.
-ජොර්ජ් සන්ටයානා-
විද්‍යාව එක් ප්‍රශ්නයක් විසඳන විට අලුත් ප්‍රශ්න දහයක් උපදවයි.
-ජෝර්ජ් බනාඩ් ෂෝ-
දෙවියන් ලෝකයේ පියා නම් ඔහුගේ අත ගොවියා ය.
-මහත්මා ගාන්ධි-
වගා කිරීම අස්වැන්න නෙළා ගැනීම තරම් පහසු නො වේ.
-ගතාරේ-
උගත්කමට ආඩම්බර වීම තරම් තවත් නූගත්කමක් නැත.
-ඒබ්‍රහම් ලින්කන්-
හොඳ ම අධ්‍යාපනය අත්දැකීමයි.
-වෙන්ඩන් පිලිප්ස්-
මිනිසාට ඇති හොඳ ම මිතුරා සිය බුද්ධියයි.
- විලියම් ටිම්පල්-
තුරුලිය වනාහි මිහිකතගේ දරුවෝ ය.
-නොවාලීස්-
පරාජය ඔබ විසින් ගිලිනු නො ලැබේ නම් එය තිත්ත නැත.
-ටෙඩ් කුක්-
අප සහෝදරයන් සේ එකට ජීවත් වීමට ඉගෙන ගත යුතු අතර එසේ නොමැති නම් මෝඩයන් මෙන් එකට වැනසී යා යුතු ය.
- මාර්ටින් ලූතර් කිං-
https://www.e-thaksalawa.moe.gov.lk/web/si/component/k2/item/290-2015-08-28-08-43-19.html
Edit-
සිංහල කතුවරු කෑල්ල පස්සෙ දැක්කෙ...

