Sinhalayani..... Dont go Hamba shop ! ! !

Ramindu222

Member
Feb 25, 2008
21
15
0
55475112552037425119014.jpg

Rep kepuwata No problem. mage Rep power eka "0":lol::lol::lol::lol:
 

chundibundi

Member
Jul 16, 2011
285
17
0
Any community in world close with same communities. if u go to another country i belive we go to sinhalese shop than an indian shop to eat... all are not same. i have so many Muslim frnds not like these.
Always think, good news are rare... bad news spreading widely in this world.
I never say muslims are 100% good and sinhalese are 100% good. all have bad qualities.
 

Suryaa

Member
Jun 23, 2012
285
22
0
Any community in world close with same communities. if u go to another country i belive we go to sinhalese shop than an indian shop to eat... all are not same. i have so many Muslim frnds not like these.
Always think, good news are rare... bad news spreading widely in this world.
I never say muslims are 100% good and sinhalese are 100% good. all have bad qualities.

bump
 

Suryaa

Member
Jun 23, 2012
285
22
0
ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්රිතයාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?" ලිපිය කියවන්නට ලැබීමයි.


දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්යාටපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ මතකයට නැගුනි. මා නම් සාමාන්යමයෙන් යම් සේවයක් හෝ භාණ්ඩයක් මිලට ගන්නට යෑමේදී එම ව්යායපාරය අයිති පුද්ගලයාගේ ජාතිය, ආගම පිළිබදව නොවිමසන්නෙක් හා මා සෑහීමකට පත්වන සේවාවක් හෝ භාණ්ඩයක් මා ගෙවන මිලට ලැබේ නම් ඒ ගැන සොයන්නට යන්නෙක්ද නොවන නිසා අනවශ්ය වාද විවාද වලට එළඹීමට නොයාම සහ ඒ ඔවුන්ගේ ප්ර තිපත්තිය නම් ඒවා ගැන තර්ක කරනවාට වඩා නිශ්ෂබ්දතාවය රැකීම වඩාත් සුදුසු විය.


කෙසේවෙතත් එක් කරුණක් ගැනනම් ‍මෙසේ සේවා හෝ භාණ්ඩ මිලට ගන්නට යෑමේදී මම නම් අනුගමනය කරමි. ඒ එම භාණ්ඩය හෝ සේවාව අපේ රටේ නිපදවන්නක්ද යන්න පිළිබදවයි. ඒ අපේ ‍රටේ දේ අපි ගෙන එම ව්යාඑපාර දිරිමත් කිරීමට සුළුවෙන් හෝ අතහිත දියයුතු බැවිනි. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකි නම් යම් මිලේ වැඩිවීමක් වුවද නොදන්නා පිටරට නිෂ්පාදනවලට වඩා වැඩි තැනත් අපේ දේට දීම නම් යුතුකමක් සේ සැලකුවෙමි.


තවත් මම සැලකිල්ලට බදුන් කරන කරුණක් වන්නේ එම ව්යා පාරය අයිති පුද්ගලයා සිංහලද, මුස්ලිම්ද, දෙමළද හෝ වෙනයම් ජාතියකට, කුලයකට අයත් කෙනක් වූවත් ඔහු අපිට කෙතරම් අවංක හා සුහදශීලීවන්නේද යන්නයි.



ඇතැම් ව්යාකපාරිකයන් අවංක හා තම සේවාව නිසියාකාරයෙන් ඉටුකරන්නන් වන අතර ඇතමෙක් මෙයින් විරුද්ධ පාර්ශවයේය. එය සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියා වෙනසක් නොමැත.


තවත් කරුණක් වන්නේ බොහෝ දෙනා මුස්ලිම් ව්යා පාරිකයන්ගේ වෙළඳ සැල්වලින් භාණ්ඩ ගැනීමේදී දෙන සුළු ලාභය තකා ඒ ස්ථානවලට යාම ගැන දොස් පැවරුවත් අද තිබෙන ආර්ථික දුෂ්කරතා මධ්යායේම එම භාණ්ඩය වැඩි මිලට ගැනීමට සිංහල කඩයකට යෑමේදී එම වැඩිපුර මුදල ඔවුන් ලබාදෙන්නේදැයි කිසිදු අදහසක් නොදැක්වීමයි.




අනෙක් කරුණ වන්නේ අපගේ ජීවිතයේ සමහර තීරණාත්මක අවස්ථාවන්ට සෑම විටකම පිහිටවී ඇත්තේ සිංහලයන් පමණක්මද? වෙනත් ජාතියක හෝ ආගමක අය අපට පිහිටවී නැත්ද? අප මේ අවස්ථාවෙත් භාවිතා කරන ඇතැම් උපකරණ හා උපාංග සිංහල වෙළඳ සැලකින් මිලයට ගත්තත් ඒවායේ මූලාරම්භය සිංහල බෞද්ධයෙකුගෙන්ම සිදුවී ඇත්දැයි සහතික වශයෙන්ම ඔබට හෝ මට කිව හැකිද? උදාහරණයක් ලෙස මගේ ජීවිතයේ විශාල වෙනස්කම් ඇති කළ පරිගණක ක්ෂෙණත්ර ය ගතහොත් මගේ මුල්ම පරිගණක ගුරුතුමා මුස්ලිම් ජාතිකයෙකි. එසේම තවත් විවිද අවස්ථාවල මුස්ලිම් මෙන්ම දෙමළ ජාතිකයින්ද පිහිට වී ඇත. එය අවංක චේතනාවෙන් සිදුකලාද නැතහොත් කපටිකමකින් කළාද යන්න කිරා මැනීමට වඩා ඒ අවස්ථාවේ විශිෂ්ඨතම යයි කියන සිංහල අය පිහිටට නොපැමිණි හෝ මඟහැරි අවස්ථා නිසා ඒ උදව් අවංකවම මම අගය කරමි.


අප මෙම මුස්ලිම් වෙළදුන්ගේ අලෙවිය වර්ජනය කරන්නේ නම් එය කෙතරම් දුරකට ප්රාුයෝගික කරුණක් දැයි ඔබම අවංකව විමසා බලන්න. එය "කන්න ඕනවුන වට කඹරගොයා, තලගොයා කරගැනීමක්" නොවිය යුතුය.


මේ උදාහරණ විමසිල්ලෙන් බලන්න. ඔබ භාවිතා කරන පෞද්ගලික හෝ පොදු වාහනවල ධාවනයට අවශ්යත ඉන්ධන රැගෙන එන්නේ අරාබිකරයේ සිටය. අරාබිකරයේ ඊශ්‍රා‍යලය හැරුන කොට අන් සියළුම රටක් පාහේ මුස්ලිම් රටවල්ය. මම නම් දැනුවත්ව ඇති ආකාරයට අපේ රටේ දැන් කාලයේ හොදම මිතුරන් වන රුසියාවෙන් හෝ චීනයේ බොරතෙල් ලංකාවට ආනයනය කරන්නේ නැත. එසේනම් අපේ රටේ සිටින මුස්ලිම් එකාගේ දේවල් වර්ජනය කරන ආකාරයෙන්ම මෙහේ මුස්ලිම් මිනිහටත් වැඩිය අන්තවාදී, මූලධර්මවාදී අරාබි තම්බියාගේ තෙල් එකහෙළා වර්ජනය කොට සියළුම ප්රමවාහණ කාර්යයන් සදහා මුස්ලිම් ජාතිකයින් වැඩියෙන්ම ඝාතනය කරන ගවයා ඈදූ ගොං කරත්ත භාවිතයට ගැනීම මුස්ලිම් මිනිහාට අපහාසයක් ලෙසද යොදා ගත හැකිය.


අනෙක් කරුණ වන්නේ රටඉදි බෙහෙතකවත් භාවිතා කිරීම අකැපය. මන්ද රටඉදි ආනයනය කරනු ලබන්නේද මා නම් දන්නා තරමින් මැදපෙරදිග මුස්ලිම් අරාබි රටවලිනි.


ඔබගේ සහෝදරයෙකු, හිතවතෙකු මොනම ආකාරයකින් වත් මැදපෙරදිග රටක රැකියාවකට නොයැවිය යුතු අතර හම්බයෙකුගේ සේවයකයෙකු වීම අපහාසයකි. හිඟාකෑවත්, දරුමල්ලන් දුක්වින්දත් එය නම්බුවක් වනු නිසැකය. එසේම මැදපෙරදිග සේවය කර පැමිණෙන හිතවතෙකු දෙන කිසිදු දෙයක් භාර නොගත යුතු අතර ඒවාද ඔහු බොහෝවිට ගන්නට ඇත්තේ අරාබියේ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙන් වන බැවිනි.


අපේ රටේ තිස්වසරක් ව්ය්වසනයක්ව තිබූ ත්රබස්ථවාදය තුරන් කිරීමේදී බලගතු රටවල් අහක බලද්දී සහ අලිමංකඩ වැනි කඳවුරු කොටි ත්රරස්ථවාදීන්ට අත්පත් වීමේදී මුලින්ම අවිආයුද වැඩි මිලට හෝ ලබාදී අපේ පිහිටට ආවේ මුස්ලිම් පකිස්ථානය බව අමතක කළ යුතුය. මන්ද අපට කොතරම් උදව් කළත් ඔවුන් මුස්ලිම්ය.

ඉන්දියාවේ හින්දි චිත්ර පටි වල රඟපාන ශාරුක් ඛාන්, සලමන් ඛාන්, අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ හින්ද මෙන්ම දෙමළ චිත්රයපටි වල රඟපාන කමල හසන් වැනි නළුවන් රඟපාන චිත්රයපටිද නැරඹීමෙන්ද වැලකීමට සිදුවේ. මන්ද ඔවුන් මුස්ලිම් අය බැවිනි.

මුස්ලිම් අයගේ දේවල් ප්රමති‍ක්ෂේ.ප කරන්නේ නම් මේ දෙයද ඔබට කරන්න සිදුවේ. එනම් ඔබට කිසියම් ප්ර.තිකර්මයක් කර ගැනීමට හෝ ඔබ අනතුරකට ලක් කිරීමේදී එම ප්රිතිකාරය සිදුකරන්නේ මුස්ලිම් වෛද්යකවරයෙකු නම් ඔබට ඔහු වෙතින් ප්රුතිකාර නොගෙන සිටීමටද සිදුවනු ඇත.

මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි.


අන්තවාදය හෝ මූලධර්මවාදය මත මොනම ජාතියක හෝ ආගමක අයෙකු එල්ඹ ගෙන සිටියත් එය බියකරුය. එය නීතිගරුක හා යුක්තිසහගත ආකාරයෙන් මුලිනුපුටා දැමිය යුතු විනා එය අන්යය ජාතියක අහිංසකයන් පෙළන ආකාරයේ තවත් අන්තවාදයක් හෝ මූලධර්මවාදයක් නොවිය යුතුය. බුදුදහම ප්රතචලිතව පැවති බොහෝ රටවල් පසුකලෙක මුස්ලිම්කරණයට ලක්විය. එහෙත් අවිහිංසාවාදය පදනම් කරගත් බුදු දහම තුලින් එයට එරෙහිව ලේ, මස් විසිරුණු යුද්දයකින් පිළිතුරු දෙන්නට යෑම සාධාරණය කරන්නේද? හෝ නොකරන්නේද? යන්න පිළිබදව නම් අවංකවම මා හටද පිළිතුරු දිය නොහැකිය. මන්ද "ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා" යන උපමාවක්ද ඇති බැවිනි.


කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්රදධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ ‍හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්යානප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්යා ජාතීන්ටද හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය.


මේ ලිපිය කියවූ පසු අපහාස, පරිභව කිරීම් හෝ විවිද පාර්ශව වලට වර්ග කිරීමද සිදුකරනු ඇත. එය ඔබගේ කැමැත්තකි. සත්යය සැගවිය නොහැකිය

http://sathsamudura.blogspot.com
 

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
Any community in world close with same communities. if u go to another country i belive we go to sinhalese shop than an indian shop to eat... all are not same. i have so many Muslim frnds not like these.
Always think, good news are rare... bad news spreading widely in this world.
I never say muslims are 100% good and sinhalese are 100% good. all have bad qualities.

ME THERED EKA DAPU EKATA, OYA UDIN SADAHAN KARALA THIYENA TIKA UMBATA MADINAM.. UMBA PATTA JATHIVADAYEK...:yes: