Skill occupation list එකේ නොමැති අයට migration apply කරන විදිය

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    degree එකක් නැති අයට ඕස්ට්‍රෙලියා migration


    ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබගේ රැකියාව මධ්‍යම රජයේ නිපුණතා රැකියා ලැයිස්තුවේ හෙවත් Skilled Occupation List (SOL) හි නොමැති වීම හේතුවෙන් බොහෝ දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අපහසු වී තිබේ.

    නමුත් ටස්මේනියාව ඊට පිළිතුරක් සපයයි.

    ටස්මේනියාවේ නිශ්චිත රැකියා ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔබගේ රැකියාව මධ්‍යම රජයේ නිපුණතා රැකියා ලැයිස්තුවේ හෙවත් Skilled Occupation List (SOL) හි නොමැති වුවත් ඔබට ටස්මේනියාවේ අවස්ථාව ලබා ගත හැකිවේ.


    මීට අමතරව ටස්මේනියානු ප්‍රාන්තය ඔබට අනුග්‍රහය දැක්වීමටද අපේක්ෂාවෙන් සිටියි.

    මෙලෙස ටස්මේනියානු ප්‍රාන්තයෙන් ඔබට නිර්දේශයක් ලබා ගැනීමට ඒ සඳහා බල පැවැත්වෙන කොන්දේසි කිහිපයක් ද තිබේ.

    ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක State Migration Plan හෙවත් ප්‍රාන්ත සංක්‍රමණික සැලැස්ම සහ Consolidated Skilled Occupations List හෙවත් CSOL යටතේ ටස්මේනියානු ප්‍රාන්තය අයදුම් පත් අනුමත කරයි.

    මෙම පටිපාටිය තුළ සිය ගණනක් රැකියා වර්ග සහ වෘත්තීන් තිබෙන බැවින් අනුග්‍රහය සහිතව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමට පුළුල් පරාසයක වෘත්තීයවේදීන් හට අවස්ථාව සැලසේ.

    ටස්මේනියාවට සංක්‍රමණය වීමට නම් ඔබ පහත සඳහන් වීසා වර්ග වලින් එකකට අයදුම් කළ යුතු වේ.

    Skilled Independent Subclass 189
    Skilled Nominated Subclass 190
    Skilled Regional (Provisional) Subclass 489
    අයදුම්කරුවන් හට මේ සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ප්‍රසාද ලකුණු 60 ක් අවශ්‍ය වේ.

    ඉහත සඳහන් වර්ගීකරණයට අමතරව අයදුම් කරුවන්ට පහත පරිදි ද ලකුණු රැස් කළ හැකිවේ.

    වයස සඳහා - උපරිම ලකුණු 30
    ඉංග්‍රීසි දැනුම සඳහා - උපරිම ලකුණු 20
    ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය සඳහා - උපරිම ලකුණු 5
    ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් - උපරිම ලකුණු 5
    අධ්‍යාපන සුදුසකම් සඳහා - උපරිම ලකුණු 20
    Professional year සඳහා - උපරිම ලකුණු 5
    විදේශයන්හි සේවා අත්දැකීම් සඳහා - උපරිම ලකුණු 15
    ඔස්ට්‍රේලියානු සේවා අත්දැකීම් සඳහා - උපරිම ලකුණු 20
    සහකරුගේ නිපුණතා සුදුසකම් සඳහා - උපරිම ලකුණු 5
    නියම කරන ලද භාෂා ප්‍රවීනත්වය සඳහා - උපරිම ලකුණු 5
    ඔබගේ තත්ත්වය අනුව ඔබට හිමි ප්‍රසාද ලකුණු ප්‍රමාණය පහත වෙබ් ලිපිනයනේ ගණනය කළ හැකි වේ.

    https://www.migration.tas.gov.au/points_calculator

    වැඩි විස්තර පහත වෙබ් ලිපිනයෙන් ලබා ගැනීමට හැකිය.

    https://www.migration.tas.gov.au/skilled_migrants

    උපුටා ගැිම
    SBS
     
    Last edited:
    • Like
    Reactions: kolavari
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අපිටත් පුලුවන්ද බන් යන්න? කීයක් වගේ යයිද? විස්තර දාන්න බැරිද පැහැදිලි කරලා? :)

    Mama echcharama visthara danne naha. Kihomath ausee wala mona job eka karath gewan awama salary ekak tynawa. Eka aniwa genawa. 10 lkr විතර යයි
     

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    හිතුවක්කාරයා;21280959 said:
    Pallahayin link ekak dala athi machan eken balapan point kiyak ganna puluwnada tikala 60 ta wada tibunoth ubata apply karanna puluwani

    e kiyanne machan mata apply karanna puluwan neda?

    2017_02_24_090634.jpg
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    If it was this easy the world would have been a very beautiful place. Await the suspension of this very soon :lol: