ඔස්ට්‍රේලියාවට එමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    ශ්‍රී ලාන්කිකයින් වන ඔබ, ඔස්ට්‍රේලියාවට යා යුත්තේ ඇයි.

    මෙච්චර කෙල වෙලා තියෙද්දි යන්නෙ ඇයි කියල අහන්න එපා යකුනේ. :rolleyes:o_O
    තාක්ශනික කරුනු අඩු කරල, පුලුවන් තරම් කෙටි කරල ලියල තියෙන්නෙ.

    ඔස්ට්‍රේලියාව යනු

    මෙන්න මේ වගේ තැනක් :love2:

    Mitchell_Falls_090_06082006.jpg
    australia.jpg


    kangaroos.jpg


    GettyImages-940915740.jpg




    ඔස්ට්‍රේලියාවට යාමට ඔබ කුමක් කල යුතුද?

    ඔස්ට්‍රේලියාවට යාමට, ස්‍රී ලාන්කිකයන්ට අදාල වන අවසර පත්‍ර, ප්‍රදාන කාන්ඩ පහකට බෙදිය හැක.



    1. ස්තිර පදින්චි වීසා (පී.ආර්, PR, Permanent Resident).

    ලබා ගැනීමට ඉතා අපහසු, ඉතා තරගකාරී වීසා කාන්ඩයකි. නමුත් එය ලබා ගත් පසු වැඩිම වාසි ගෙන දෙන වීසා කාන්ඩයක් ද වේ. ලන්කාවේ සුපිරි වැඩ්ඩන් ලබාගන්නා වීසාවකි.

    ස්තිර පදින්චි (PR) හිමි පුද්ගලයින් හට අසීමාන්තිකව (unlimited) ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, නීත්‍යානුකූල අවසරයක් ඇත.

    තවද, ඔස්ට්‍රේලියානු පී.ආර් (Australian PR) ලබාගත් පසු, ඔස්ට්‍රේලියාවේ පමනක් නොව, නවසීලන්තයේ (New Zealand) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, නීත්‍යානුකූල අවසරයක් ඇත.

    ඔස්ට්‍රේලියානු පී.ආර් හිමි පුද්ගලයන් හට රැකියාවක් සොයාගැනීමට නොමැති අවස්තා වලදී, රජය විසින් රු: 325,000.00 (තුන් ලක්ශ විසිපන්දාහක්) බැගින් මසකට දීමනාවක් දෙනු ලබයි. (රැකියාවක් සොයාගන්නා තුරු)

    රැකියා කරන්නෙක් නම් සාමාන්‍ය මාසික වේතනය (පඩිය): රු: ලක්ශ 20 ක් පමන වේ. (LKR: 2,000,000.00)

    රැකියා අයදුම් කිරීමෙහිදී, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, පී.ආර් තිබෙන අයට දෙනු ලබයි.

    නොමිලේ තාක්ශන විද්‍යාල වල (TAFE) ඉගෙනුම ලැබිය හැකිය.

    විශ්වවිද්යාලන් වල උපාදි සදහා දල වශයෙන් 85% කින් පමන අඩු මුදලක් පමනක් අයකෙරේ. (උදාහරනයක් විදිහට, ස්ටුඩන්ට් වීස ඉන්න අය ලක්ශ 100 ක් ගෙවනකොට, පී.ආර් තියෙන අය ගෙවන්නෙ සාමන්‍යයෙන් ලක්ශ 15 ක් වගේ)

    ඉතා ඉහල මට්ටමේ උපාදි/ අද්‍යාපනික පාටමාලා සදහා නොමිලේ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලැබිය හැකිය. (පර් යේශන වැනි)


    ස්තිරපදින්චි (PR) සහිත පුද්ගලයෙක් හා විවාහ වන සහකාරිය/සහකරුවා හට ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හිමිවේ.

    විවාහ වන සහකාරිය/සහකරුවා හට ඔස්ට්‍රේලියාවේ අසීමාන්තිකව (unlimited) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, (සහ ඕනෙ රෙද්දක් කිරීමට) නීත්‍යානුකූල අවසරයක් ඇත.

    පී.ආර් ලබා ගැනීමෙන් අවුරුදු කීපයකට පසු, ඉතා පහසුවෙන්, සහකාරිය/කරුවාටද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබේ.


    "189 skilled independent visa" සහ "190 skilled nominated visa" යන වීසා කාන්ඩයන් පී.ආර් ලබා ගැනීම සදහා ප්‍රසිද්ද වීසා කාන්ඩයන් වේ.


    අයදුම් කිරීම සහ සියලු විස්තර සදහා මෙම ඔස්ට්‍රේලියානු රජයේ පහත දැක්වෙන ලින්ක් එකට යන්න.

    https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-independent-189
    https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-nominated-190


    පසුවදන: මේ පී.ආර් (PR) එක, එහෙමත් නැත්තන් ස් තිර පදින්චිය හම්බුනොත් පරම්පරා ගානක් ගොඩේ ගොඩ. උඩ තියෙන ලින්ක් එකෙන් ඇප්ලයි කරපල්ල, එහෙම බැරි උන් පී.ආර් තියෙන එකෙක් හෝ එකියක් හොයාගෙන බැදපල්ල, බදින එක තමයි වීස එක ගන්න තියෙන ලේසිම විදිහ. ලන්කාව තියෙන තත්වෙ තේරුම් අරන් වැඩ කරපල්ල.



    2. පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship)

    ස්‍රී ලාන්කිකයන් හට, පී.ආර් ගැනීමෙන් පසු අවුරුදු කීපයකින් පසුව ලැබේ. තරගකාරිත්වයක් නැති තරම් වේ. ස්‍රී ලන්කාවේ සිට අයදුම් කිරීමේ හැකියාවක් නැත (වෙනත් ප්‍රදාන ක්‍රමයන් හැරුනු කොට).

    රැකියා කරන්නෙක් නම් මාසික වේතනය (පඩිය): රු: ලක්ශ 25 ක් පමන වේ. (LKR: 2,500,000.00)

    රැකියා අයදුම් කිරීමෙහිදී, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, සිටිසන් තිබෙන අයට දෙනු ලබයි.

    පුරවැසිභාවය (Citizenship) සහිත පුද්ගලයෙක් හා විවාහ වන සහකාරිය/සහකරුවා හට පලමුව තාවකාලික වීසාද, පසුව පුරවැසිභාවයද (Citizenship) ස්වයන්ක්‍රීයව හිමිවේ.

    විවාහ වන සහකාරිය/සහකරුවා හට ඔස්ට්‍රේලියාවේ අසීමාන්තිකව (unlimited) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, (සහ ඕනෙ රෙද්දක් කිරීමට) නීත්‍යානුකූල අවසරයක් ඇත.

    ඔස්ට්‍රේලියානු මැතිවරන සදහා චන්දය භාවිතා කිරිමට හැකිවේ.


    පසුවදන: මේක ඉතින් සාමන්‍යයෙන් අවුරුදු 4 ක් වගේ කලින් කියපු පී.ආර් එකෙන් ඉන්නකොට අයදුම් කරාම පුරවැසිභාවය ලේසියෙන්ම හම්බෙනව. ලොකු කරදරයක් නෑ. ඒකයි ලන්කාවෙ කෙනෙක්ට පී.ආර් එකක් සෑහෙන වැදගත්.



    3. රැකියා සදහා වන වීසා (work visa, employment visa)

    රැකියා සදහා පමනක් යන්නේ නම් මෙම වීසා කාන්ඩයට අයදුම් කල හැක.
    අවුරුදු 5 ක් සදහා පමනක් වීසාව වලන්ගුය. දීර්ගකාලීනව රැදී සිටිය නොහැක.

    රැකියා කරන්නෙක් නම් මාසික වේතනය (පඩිය): රු: ලක්ශ 12 ක් පමන වේ. (LKR: 1,200,000.00)
    (බොහෝ විට ඊට වඩා හොයන අයත් ඉන්නව, ඒත් 491 දාල ගොඩක් එන්නෙ පිටින් එන අය නිසා පඩි ටිකක් අඩුයි පී.ආර් හෝ සිටිසන් අයට වඩා)

    රැකියා වීසාවක් (work visa) තිබෙන පුද්ගලයෙකු රැකියා සදහා අයදුම් කිරීමෙහිදී ප්‍රමුකස්තානයක් දෙනු නොලබයි. පී.ආර් හෝ සිටිසන් තිබෙන අය ඒ අදාල රැකියාවට සොයාගැනීමට නොහැකි යැයි රජයට ඔප්පු කර, work visa පමනක් තිබෙන තැනැත්තන් රැකියාවට බදවා ගැනීම් සිදු කරනු ලබයි.

    වීසා ලැබීම ඉක්මන් වීමට නම්, සාමාන්‍යයෙන් ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ අවසර පත්‍රයක් මේ සමහ අමුනා යැවිය යුතුය (state or territory nomination).
    විවාහ වන සහකාරිය/සහකරුවා හට තාවකාලිකව පමනක් රැදීසිටීමට අවසර හිමිවේ.

    " Subclass 491 Skilled Work Regional" වීසා කාන්ඩය ප්‍රසිද්ද රැකියා වීසා කාන්ඩයකි.

    https://immi.homeaffairs.gov.au/vis...listing/skilled-work-regional-provisional-491

    පසුවදන: මේක ඉතින් වැඩ කරන්න විතරක් එන අයට හොදයි. ඒත් ඉතින් ටික කාලෙකින් ආපහු එන්න වෙන්නත් පුලුවන්.



    4. විසිට් වීසා

    තාවකාලික වීසා වර්ගයකි. සාමන්‍යයෙන් මාස 3 ත් 6 ත් අතර කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අවසර ලබා ගත හැක.
    ඔස්ට්‍රේලියාවේ සිටින තම හිතවතුන් බැලීමට යොදාගන්නා ප්‍රසිද්ද වීසා කාන්ඩයකි.

    "Visitor subclass 600"

    https://immi.homeaffairs.gov.au/vis...a-listing/visitor-600/sponsored-family-stream



    5. ස්ටූඩන්ට් වීසා (student visa)

    තාවකාලික වීසා වර්ගයකි. වරප්‍රසාද අඩුම වර්ගයේ වීසා කාන්ඩයකි.
    සතියකට පැය 20ක් පමනක් වැඩ කිරීමට හැකියාව ඇත. (නමුත් හොරෙන් මීට වඩා පැය ගනන් වැඩ නොකරනවාද නොවේ)

    රැකියා කරන්නෙක් නම් මාසික වේතනය (පඩිය): රු: ලක්ශ 2 ක් පමන වේ. (LKR: 200,000.00)
    (ඔව් ඔව්, ලන්කාවෙ ඉන්න හොද ජොබක් කරන එකෙක්ටත් සාමාන්‍යයෙන් ඔය වගේ හම්බෙනව. අඩුවෙන් තමයි ස්ටුඩන්ට් වීස ඉන්න කෙනෙක් නීත්‍යානුකූලව හම්බ කරන්න පුලුවන්)
    (ඒත් හොරෙන් ඊට වඩා කරනව, ස්ටූඩන්ට්ස් ල හොරෙන් කරන්නෙ කියල දන්න නිසා, උන්ගෙන් වැඩ ගන්නව, ඒත් දෙන පඩිත් හරිම අඩුයි, ගොඩක් වෙලාවට $10-15 ක් තමයි පැයකට දෙන්නෙ. හොරෙන් කරනව කියල අහු උනොත් ඩිපෝට් තමයි, අනිත් එක ආපහු වීසා ඇප්ලයි කරනකොට ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙනව.
    ලන්කාවෙ අනිත් උන්මයි ඔත්තුව දෙන්නෙ ගොඩක් වෙලාවට අදාල රජයේ අන්ශ වලට)

    සහකරුවාට තාවකාලික වීසාවක් ලබාගැනීමට හැක.
    ස්ටූඩන්ට් වීසා කාලසීමාව ඉක්මවූ වහාම නැවත ස්‍රීලන්කාවට යා යුතුය. අනවසරයෙන් සිටින අය නීතිවිරෝදී අය ලෙස සලකා, ස්‍රී ලන්කාවට පිටුවහල් කිරීම හෝ නීති මගින් කටයුතු කර ක්‍රිස්මස් අයිලන්ඩ් වැනි සිර කදවුරු වෙත යැවීම සිදුකරයි.

    පසුවදන: ස්ටූඩන්ට් වීසා ඇවිල්ල නම් සැප බලාපොරොත්තු වෙන්න එපා, එන කෙනත් එක්ක එන සහකාරිය/කරුවත් සෑහෙන කට්ටක් කන්න බලන් එන්න. ලන්කාවට වඩා එපා වෙන්නත් පුලුවන් ස්ටූඩන්ට් වීස ආවාම. ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.


    ඔස්ට්‍රේලියාවට යාමට හෝ වීසා අයදුම් කිරීමට, වීසා ඒජන්සි හරහාම යා යුතුද?

    එසේ කිරීමට අවශ්‍ය නැත. කලින් සදහන් කල ඔස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවි තුලින් අවශ්‍ය තොරතුරු සෑම දෙයක්ම ලබාගැනීමට හැකියාව ඇත.


    ~------------~
    තව විස්තර දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න. දන්න අනිත් අයත් උත්තර දෙයි.
    අපිට ඕනෙ කොහොම හරි උබලව ගොඩ දාන්න.
    ත්‍රෙඩ් එක උඩ තියාගන්න මොකක් හරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    පසුව ලියමි:

    මට යාලුවන්ගෙන් සහ අනිත් දන්න අයගෙන් ආපු කෝල්ස් වල තිබ්බ මගෙන් අහපු අමුතු ප්‍රශ්න ටිකක්, නමුත් මේව ප්‍රායෝගික දේවල් නිසා මේකෙත් දාන එක ඔයාලට වැදගත් කියල හිතුන.

    දැනට පවතින ලෙඩ

    තුන් හතර දෙනෙක්ම පී.ආර් තියෙන අය හොයාගෙන, ඒත් කියනව, එක කෙල්ලෙක්ට වීස් එක තියෙනවලු, මම ඇහුව මගෙ යාලුවගෙන් ඒ කෙල්ල බෙහෙත් ගන්නෙ නැද්ද කියල. ඒ කෙල්ල කිව්වලු අව්ලක් නෑ බෙහෙත් ගන්නව කොන්ට්‍රොල් වෙලා තියෙන්නෙ එදිනෙදා ජීවිතේ ආතල් එකේ ඉන්නව ප්‍රශ්නයක් නෑ ඒක එච්චර කියල.

    මගෙ යාලුව මගෙන් අහනව අව්ලක් නේද කියල.


    තව කෙල්ලෙක් හාට් එකේ ප්‍රශ්නෙකට සැත්කමක් කරල ඒක දැන් හොදයි ලු ඒත් ආපහු ඒ ප්‍රශ්නෙ එන්නෙ නැති වෙන්න දිගටම කොලෙස්ටරෝල් වගේ බෙහෙත් ගන්නවලු, බෙහෙත් ගන්න නිසා අව්ලක් නැල්ලු. ජොබ් එක කරන් අනිත් අය වගේම සාමාන්‍ය විදිහට ඉන්නවලු. ඉතින් අහන්න තියෙන්නෙ උබලට හාට් ප්‍රශ්න එන්නෙ නැතිම වෙයි කියලද උබල හිතන් ඉන්නෙ. ඔස්ට්‍රේලියාවෙ හෙල්ත් කෙයා ඉතා හොදයි, ඔය වගේ ලෙඩ පොඩි ලෙඩ විදිහටයි ගනන් ගන්නෙ. එදිනෙදා අවශ්‍ය බෙහෙත් අරන්, රට වටේම රවුම් ගහල ආතල් එකේ අනිත් අය වගේම බොහොම සාමන්‍ය ජීවිතයක් ගෙවන්නෙ මිනිස්සු.


    එක කොල්ලෙක්ට දියවැඩියාවට බෙහෙත් ගන්නවලු, එයාටත් ඒක කොන්ට්‍රොල් ලු. ජොබක් කරන් සාමන්‍ය ජීවිතයක් ගෙවනවලු.


    එක කෙල්ලෙක්ට ඩිග්‍රි කරල ඩිප්‍රෙශන් ඇවිල්ල ඒකට මාසයක් දෙකක් බෙහෙත් ගන්නවලු.


    මචන්ලා, ලෝකෙ ලෙඩ නැති අයට වඩා ඉන්නෙ පොඩි පොඩි හරි ලෙඩ තියෙන අයනෙ, කොහොමත් උබලටත් ලෙඩක් හැදෙන්න පුලුවන්, උබලට ලෙඩ තියෙනව කියල උබල නොදැන ඉන්නව වෙන්නත් පුලුවන්.


    ඉතින් ඔය කොන්ට්‍රෝල් වෙලා තියෙන දේවල් ලොකුවට හිතන්න එපා. ඔස්ට්‍රේලියාවෙ හෙල්ත්කෙයා කියන්නෙ ඉතාම ඉහලින් තියෙන දෙයක්. අනිත් එක පී.ආර් තියෙන අයට ඉතා අඩු මුදලට බෙහෙත් සහ "බල්ක් බිලින්" වලින් දොස්තරලත් නොමිලේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ.


    අනිත් එක ලන්කාවෙ උබලට ලෙඩ තිබ්බත් උබල ඒවට බෙහෙත් ගන්නවනම් පිටරට ඉන්න අය උබ අවුල් කෙනෙක් කියල හිතන්නෙත් නෑ. ඒක නිසා උබල අදහිර්යමත් වෙන්න එපා.

    පිටරට ඉන්න මිනිස්සුන්ට බෙහෙත් වලින් පාලනය වෙන ලෙඩ තිබ්බ කියල, කතා කරන්න පටන් ගත්ත ගමන් "ඔයාට තියෙන ලෙඩ මොනාද" වගේ ඒව අහල ඒ මිනිස්සුන්ව අදහිර්යමත් කරන්නත් එපා.

    ඒවගේ දේවල් විවාහයට බලපාන්නෙ නෑ. විවාහ උනත් ඉස්සෙල්ලම ලෙඩ හැදෙන්නෙ ලන්කාවෙන් ආපු උබට වෙන්නත් පුලුවන්. ඒක නිසා ඒ වගේ දේවල් ප්‍රශ්නයක් කරගන්න එපා.


    අනිත් එක උබල උබලගෙ පාට්නර් ගෙ ලෙඩකට දැන්ම ඉදන් ඔච්චර අවුල් යනවනම් දැන් ලෙඩක් නැති කෙනෙක් බැදල පස්සෙ ලෙඩ හැදුනම උබල දාල යයි නෙ උන්ව.


    මිනිස්සුන්ට ලෙඩ හැදෙනව, ඒව පිලිගන්න පුරුදුවෙයන්. බෙහෙත් ගන්නවනම්, ජීවිතේ අනිත් අය වගේම සාමන්‍ය නම් මොකක්ද ප්‍රශ්නෙ? ඕනෙ ලෙඩකට ඔස්ට්‍රේලියාවෙ බෙහෙත් තියෙනව. ලන්කාවෙ වගේ නෙමෙයි.


    මනුස්සය හොදයි නම් කතා බහ කරල බැදගනින්, ඒක තමයි පී.ආර් ගන්න තියෙන ලේසිම විදිහ. උන් පට්ට කට්ටක් කාල පී.ආර් සිටිසන් අරන් උබලට නිකන්ම හම්බෙනව හොද රටකට එන්න. ඒක මදිද බන් උබලට? උබලට ඕනෙ සර් ව සම්පූර් න මිනිස්සුද? උබල සර් ව සම්පූර් නද?


    වයස පරතරය


    මම දන්න කෙල්ලෙක්ට කොල්ලෙක් සෙට් වෙලා, කොල්ල ඒ කෙල්ලට වඩා අවු: 7 ක් වැඩිමල් ලු. කෝල් කලාලු ෆේස් බුක්, වට්ස්ඇප් කතා කලාලු, ඔක්කොම හොදයිලු වයස වැඩී නේද අහනව.

    මචන්ලා, ඔය විදිහට අවු: 7 ක් 10 ක් පරතර තියෙන ඕනෙ තරම් බැදපු අය ලන්කාවෙත් ඉන්නව ප්‍රශ්නයක් නැතුව. ඔය විදිහට වැඩකට නැති හේතු හිතන්න ගියොත් උබලට කිසි දෙයක් කරන්න බැරි වෙනව.


    උස ප්‍රශ්න

    මගෙ යාලුවෙක් කතා කරන කෙල්ල එයාගෙ උසමලු, ඌට ඒක අවුල්. මේ වගේ සරල දේවල් ප්‍රශ්න වෙන්නෙ කොහොමද? ඔස්ට්‍රේලියාවෙ අපි ගොඩක් දකින දෙයක් තමයි කෙල්ල උසයි කොල්ලට වඩා, ඒත් උන් බැදල ලස්සනට ඉන්නව. ලන්කාවෙ එවුන්ට තමයි තමන්ගෙ උසට කෙල්ල හිටියත් අවුල් වෙන්නෙ. ඔය විදිහට හිතන්න එපා. උස ප්‍රශ්නයක් නෑ.


    පී.ආර් අරන් ඉගෙන ගැනීම

    එක කෙල්ලෙක් පී.ආර් අරන්, ඒත් තව MSc එකක් කරනවලු ඔස්ට්‍රේලියාවෙ, ඒකත් ඉවර වෙන්න ලගයිලු. එයාගෙ වියදම් වලට ඔස්ට්‍රේලියානු රජයෙන් ගෙවනවලු. මගෙ යාලුව මට කියනව ජොබක් තිබ්බනම් තමයි හොද නේ කියල.

    මට කියන්න තියෙන්නෙ ඒ කෙල්ල ජීවිත කාලෙම ඉගෙන ගන්නෙ නෑ. ඊට පස්සෙ හොද ජොබ් එකක් හොයාගනී. අනිත් එවුන් කෙලින්ම ජොබ් කරනකොට, ඒ කෙල්ල තවත් හොදට තමන්ගෙ ලයිෆ් එක සහ බදින කෙනාගෙ ලයිෆ් එක හොද වෙන්න කියල තවත් ඉගෙන ගන්නව. ඒ MSc එකත් ඉවර කලාම ජොබ් වලට තවත් හොදයි. ඒ වගේ කෙල්ලෙක් බදින එකා වාසනාවන්තයෙක් නෙමෙයි ද?

    අනිත් එක එයාව බැන්දම උබලට පී.ආර් හම්බෙනව, උබලට බැරි ඇයි එයාටත් සපෝට් එකක් වෙලා ජොබ් එකක් කරන්න? ලක්ශ ගානක ජොබ් එකක් හොයාගත්තොත් උබට බැරි ඇයි උබේ වියදම් බලාගන්න?

    ඔස්ට්‍රේලියාවෙ කෙල්ල හෝ කොල්ලම උබලට කන්න අදින්න දෙන්න ඕනෙද?

    ඕව ප්‍රශ්න නෙමෙයි බන්.


    ලස්සන ඔස්ට්‍රේලියන් කොල්ලෙක්/කෙල්ලෙක් සෙවීම

    මේක ඇහුවෙ මම දන්න කෙල්ලෙක්. ඒ කෙල්ල කියනව ඔස්ට්‍රේලියාවෙ ඉන්න කොල්ල කැත නැල්ලු, ශේප් ලු, ඒත් එච්චරම ලස්සන නැල්ලු. ඉගෙන ගෙනත් තියෙනවලු.

    මොන ගොන් ජෝක්ස් ද බන් මේව. කොල්ලෙක් හෝ කෙල්ලෙක් නලුවෙක් නිලියෙක් වෙන්නම ඕනෙද, උන් ඩිග්‍රි කරල පී.ආර් අරන්, ඊට පස්සෙ නලුවෙක් නිලියෙක් වෙන්නත් ඕනෙද උබව බදින්න?

    ඉස්සෙල්ලම ලන්කාවෙ අය හිතන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. බන්කොලොත් වෙච්ච රටකින් ගෑනියෙක්/පිරිමියෙක් ගන්නවට ඒ ඔස්ට්‍රේලියන් කොල්ලට/කෙල්ලට වදින්න ඕනෙ හරිනම් 🤦‍♂️.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    AUSTARLIA වලට තව අවුරුදු 4කින් වෙන්නේ කුමක්ද? දන්නවද?

    Processing Time
    • 25% of applications: 17 Months
    • 50% of applications: 19 Months
    • 75% of applications: 28 Months
    • 90% of applications: 30 Months
    ------ Post added on Feb 17, 2023 at 2:55 PM
    මොකක්ද වෙන්නෙ? පේන කියනවද යාලු? :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    AUSTARLIA වලට තව අවුරුදු 4කින් වෙන්නේ කුමක්ද? දන්නවද?

    Processing Time
    • 25% of applications: 17 Months
    • 50% of applications: 19 Months
    • 75% of applications: 28 Months
    • 90% of applications: 30 Months
    ------ Post added on Feb 17, 2023 at 2:55 PM

    මොකක්ද වෙන්නෙ කියල උබම කියහන්කො ඉතින්. අපි ඕව දන්න එකක්යැ. :sorry:

    මොනවද මේ processing times? 🤭
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    කලාකාරයො එහෙම කොහොමද ඕකේ රිංගලා ඉන්නේ

    උන්ට එක එක ශෝ ඕගනයිස් කරල එන්න කියනව, සමහර එවුන් පනිනනව (ලු) ;) සමහර එවුන් ලෝකෙ නැති හේතු කිය කිය වීස දික් කර ගන්නව (ලු).
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    meke accepted skin color level eka genath neha....

    එහෙම ප්‍රශ්නයක් නෑ, පාට ප්‍රශ්නෙ තියෙන්නෙ එන්ගලන්තෙ සහ ඇමරිකාවෙ. ඔස්ට්‍රේලියාවෙ එහෙම ඒව නැති තරම්. ඔය ඇබෝරීජිනල් (ස්වදේශික) එවුන් නම් වැඩිය ගනන් ගන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    // ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.//
    Meka aththada? Ehema athi kiyala hituwe na.
     
    • Like
    Reactions: tarson

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මොනාද යාලු ඒ? කියන්න බලන්න?

    PR/citizen කෙනෙක් බැන්දට නිකන්ම PR ලැබෙන්නෙ නෑ. මුලින් partner visa එකක ඉඳල තමා පස්සෙ PR apply කරන්න වෙන්නෙ.

    විශ්වවිද්යාලන් වල උපාදි සදහා දල වශයෙන් 85% කින් පමන අඩු මුදලක් පමනක් අයකෙරේ. (උදාහරනයක් විදිහට, ස්ටුඩන්ට් වීස ඉන්න අය ලක්ශ 100 ක් ගෙවනකොට, පී.ආර් තියෙන අය ගෙවන්නෙ සාමන්‍යයෙන් ලක්ශ 15 ක් වගේ)

    මේකත් බොරුනෙ. Citizen ලට විතරයිනෙ ඕක පුලුවන්. TAFE කතාව නං හරි.


    මේ පී.ආර් (PR) එක, එහෙමත් නැත්තන් ස් තිර පදින්චිය හම්බුනොත් පරම්පරා ගානක් ගොඩේ ගොඩ.

    ඒ කොහොමද?


    ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.

    ඒකත් වැරදියිනෙ. හරි එකක් හොයල බලල ආවෙ නැති උනාම නං ඒක වෙන්න පුලුවන්.