CaptchaVerification ("Completely Automated Public Turing test to tell Computers and Humans Apart") යනු අන්තර්ජාලය භාවිතා කරන ඔබට අරුම පුදුම දෙයක් නොවන බව අප දනිමු. දැනට අන්තර්ජාලයේ බාගත කිරීම් ඇතුලත් වෙබ් අඩවි, මෙන්ම බොහෝ වෙනත් වෙබ් අඩවි වලද මෙම ආරක්ශක ක්රමය භාවිතා කරයි. නමුත් මෙය අපට ඉතා කරදරකාරී මෙන්ම කාලය නාස්ති කිරීමේ ක්රමයකි. මෙය බොහෝ විට වෙබ් අඩවි වල භාවිතා කරන්නේ Computer Bots සහ මිනිසා වෙන් කොට Spams වලින් හා වෙනත් කරදරකාරී වෙබ් තර්ජන වලින් ආරක්ශා වීමටයි. එහෙත් රොබෝ වරුන් නොවන අපට මෙය වැදගත් නොවේ. Skip screen නම් මෙම ක්රමය මගින් අපට මෙම Captchaverificationsමග හැර යා හැකිය. මේ සදහා ඔබට Firefox වෙබ් බ්රවුසරය මත ඇඩෝනයක් ස්ථාපිත කිරීමට සිදුවේ.
අඩෝනය බාගත කරගන්න..
මෙම ඇඩෝනය සහය දක්වන වෙබ් අඩවි :
Rapidshare.com
zShare.net
MediaFire.com
Megaupload.com
Sharebee.com
Depositfiles.com
Sendspace.com
Divshare.com
Linkbucks.com
Uploaded.to
Hotfiles.com
4shared.com
මෙම අඩවි ප්රධාන කොට, තවත් බොහෝ වෙබ් අඩවි සඳහා මෙම ඇඩෝනය සහය දක්වයි.
