:::::::: SL Amu Miris Challenge අමු මිරිස් චැලේන්ජ් 2014 :::::::

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කවුද ඕකට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෝ කියහන් බලන්ඩ? කාගෙද මේන් කැරැක්ටර් එක? හිඟන ස්යිට් අටවන් ඉඳල ලංකාව මම තමයි දාර්ශනිකය මම තමයි කරුමා අපේ ර්ෆෝරම් තමයි ෆෝරම් කියල පොඩි කොල්ලන්ට කෙල්ලන්ට මෝඩ ආතල් දීපු දැන් අනාත වෙලා ඉන්න ආයේ ඉලිප්පෙන්ඩ පොටක් හොයන ෆොන්සේක හමුදා කුමන්ත්‍රණය මුලින්ම එලියට දැම්මේ අපි කියලා පාරම්බාපු කැරැක්ටර්ද කියල පොඩි සැකයක් තියෙනවා.
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    මිරිස් කාපු අයගෙ වීඩියෝස් ටික විතරක් බලුවොත් එහෙම හිතෙන්නෙ මුන් ආතල් එකට මිරිස් කනව කියල. :rolleyes: මේක මොකක් වෙනුවෙන්ද කරන්නෙ කියලත් විඩියෝ එකෙදි කිව්වන්ම් හොඳයි. :)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මිරිස් කාපු අයගෙ වීඩියෝස් ටික විතරක් බලුවොත් එහෙම හිතෙන්නෙ මුන් ආතල් එකට මිරිස් කනව කියල. :rolleyes: මේක මොකක් වෙනුවෙන්ද කරන්නෙ කියලත් විඩියෝ එකෙදි කිව්වන්ම් හොඳයි. :)

    වෙන වෙනම කරපු videos නෙ :P
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    10454901_698562110219266_4689495554475334103_o.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ උබලගෙ වැඩේ නම් හොඳයි හැබැයි මචන් අපේ ගොඩක් උන් රැල්ලට ගහගෙන යන අය නිසා හෙන ගේමක් දෙන්න වෙයි වැඩේ ගොඩ දාන්න
    අරමුණ නම් ගොඩක් වටිනවා ඉන්නව කියන ප්‍රසිද්ධ අය මෙන්න මේවට තමයි උදව් කරන්න ඕනේ :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ විස්තරය එළකිරියට ත්‍රෙඩ් එකක් විදියට එළි දැක්වුව සඳුන්ට මුලින්ම ස්තූතියි..:yes::yes::yes:
    මොකද උඹ කලාට මට ඒ දේ කරන්න විදියක් නෑ..:dull::dull::dull:
    මේ වැඩේ දැනට සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය (නැත්තම් බ්ලොගස්ල) තුළ පමණක් වෙන දෙයක්
    එතනින් එහාට මේ වෙනුවෙන් අනික් ෆෝරම් වලත් දායකත්ත්වය ලැබෙනව නම් හොඳයි.
    ගුණ දොස් දෙකම මේ ඉවෙන්ට් එකේ ආරම්භයෙදී ඇවිත් තිබුනා
    ඒ නිසා සෑහෙන දේවල් ටිකක් සපුරගෙන තමා ඉවෙන්ට් එක මේ විදියට පැමිණියේ..
    :cool::cool:
    කැමති අයට උදව් කරන්න පුලුවන්..
    වැලේන්ජ් එක භාර අරගෙන හෝ නොගෙන.

    :yes::yes::yes::yes: ඔතන අමු මිරිස්ම මේ සඳහා යොදා ගෙන තියෙන්නේ ඔය කරල් තුනක් එකවර කන එක තරමක ගේමක්..
    ඒ දැවිල්ල වේදනාව අපිට විනාඩි කීපයකට සීමා උනාට
    ජීවිතකාලයම ඒ වේදනාව විදින පිරිසක් වෙනුවෙන් කරන පුංචි උපකාරයක්.
    ඒකත් අපේ රටේ අපේම පිරිසක් වෙනුවෙන්..
    තව රතුපාට කොච්චිමිරිස් කන ඉවෙන්ට් එකකුත් තියෙනවලු.ඒ ගැන නම් නොදනිමි..

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    credit cards walin payment accept karanna hada ganawanam thawath hondata donations ganna puluwan.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේ විස්තරය එළකිරියට ත්‍රෙඩ් එකක් විදියට එළි දැක්වුව සඳුන්ට මුලින්ම ස්තූතියි..:yes::yes::yes:
    මොකද උඹ කලාට මට ඒ දේ කරන්න විදියක් නෑ..:dull::dull::dull:
    මේ වැඩේ දැනට සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය (නැත්තම් බ්ලොගස්ල) තුළ පමණක් වෙන දෙයක්
    එතනින් එහාට මේ වෙනුවෙන් අනික් ෆෝරම් වලත් දායකත්ත්වය ලැබෙනව නම් හොඳයි.
    ගුණ දොස් දෙකම මේ ඉවෙන්ට් එකේ ආරම්භයෙදී ඇවිත් තිබුනා
    ඒ නිසා සෑහෙන දේවල් ටිකක් සපුරගෙන තමා ඉවෙන්ට් එක මේ විදියට පැමිණියේ..
    :cool::cool:
    කැමති අයට උදව් කරන්න පුලුවන්..
    වැලේන්ජ් එක භාර අරගෙන හෝ නොගෙන.

    :yes::yes::yes::yes: ඔතන අමු මිරිස්ම මේ සඳහා යොදා ගෙන තියෙන්නේ ඔය කරල් තුනක් එකවර කන එක තරමක ගේමක්..
    ඒ දැවිල්ල වේදනාව අපිට විනාඩි කීපයකට සීමා උනාට
    ජීවිතකාලයම ඒ වේදනාව විදින පිරිසක් වෙනුවෙන් කරන පුංචි උපකාරයක්.
    ඒකත් අපේ රටේ අපේම පිරිසක් වෙනුවෙන්..
    තව රතුපාට කොච්චිමිරිස් කන ඉවෙන්ට් එකකුත් තියෙනවලු.ඒ ගැන නම් නොදනිමි..

    :yes::yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    "නාට්‍යයක නළුවා දොරෙන් ඇතුළු වන්නේ නම් එතැන කතාවක් නැත.. එහෙත් ඔහු ඇතුළුවන්නේ ජනේලයෙන් නම් එතන කතාවක් තිබේ" යැයි කියමනක් ඇත.. පසුගිය දශක කීපයක කාලය පුරා ලංකාවේ අපේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නයක් වූ වකුගඩු රෝගය නම් වූ කරළියට, SL AID හි අප සම්ප්‍රාප්ත වූයේ ද , "දොරෙන් නොව ජනේලයෙනි".. සාම්ප්‍රදායික ලෙස මුදල් එකතු කරන සම්මාදමකට එහා ගොස්, අමුතුම ආකෘතියකට මේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ට වීමට අප කළ තීරණය සාර්ථක එකක් නොව, ඇති සාර්ථක එකක් බවට ආයෙත් අටුවා ටීකා අනවශ්‍ය ය.. අමු මිරිස් අභියෝගය නම් වූ පිස්සු විකාර අදහස උපන්නේ එලෙස ය..

    අමු මිරිස් අභියෝගය ගැන ලියනවානම් ලියන්නට වචන සියක් දහසක් වුව ඇතිමුත් එසේ නොකළේ, ෆේස්බුකියේ සුපුරුදු වදකාර ස්පෑම් ගණයට අප අයත් අයත් නොවිය යුතු නිසා ය.. එහෙත් පසුගිය දින කීපය තුළ "අමු මිරිස් අභියෝගය" වැඩසටහන ලැබූ වේගවත් ප්‍රචාරය සහ විස්මයජනක ලෙස ධනාත්මක වූ ප්‍රතිචාර හමුවේ අපට සහය දුන් සියලුම දෙනාට අපේ හදවත්හි ගැඹුරුම තැනින් පැනනගින හෘදයාංගමම ස්තුතිය මේ මොහොතේ පුද කළ යුතුය..

    අපේ "පිස්සු" අදහසකට ප්‍රතිචාර ලෙස දහස් ගණනින් ලැබෙන සුබ පැතුම් සහ මුල්‍යාධාර හමුවේ, අපට බත දුන් අපේ උන් වෙනුවෙන් අපට යමක් කරන්නට හැකියාව ලැබුණා ය යන ඒ අහිංසක සතුට නිහතමානීව සහ නිරාමිසව විඳගන්නා වූ මේ මොහොතේදීම, තවත් එක පිරිසකට අනිවාර්යයෙන්ම ස්තුති කළ යුතුය.. ඒ, අපව විවේචනය කළ, අපේ දොස් දුටු, අපට බැනවැදුණු, අපව විහිළුවකට ගත් අපේ මිනිසුන් වෙත ය.. මන්ද, ඔබ නිසා නොවන්නට අප මෙතරම් මුරණ්ඩු ලෙස මේ කර්තව්‍යය සාර්ථක කරගන්නට වලිකන්නේ නැති බැවිණි..

    අපේ ඉලක්කය වන්නේ ලක්ෂ තිහකි.. මේ වන විට අප සතුව ඇති මුදල ඉන් සියයට එකක් පමණ මිස ඉන් එහා නොවේ.. එහෙත් ඒ මුදල අප සෙවුයේ දින හතකට අඩු ගණනකිනි.. සැබෑවටම ආඩම්බර විය යුතු කාරණය එය නොවේ.. ගතවූ දින දහහතරක කෙටි කාලය තුළ, රුපියල් සතවලට වඩා වටිනා මනුස්සකම උතුරායන මිනිසුන් දහස් ගණනක් මේ රටේ තවමත් ජීවත්වන බව පසක් කරගැනීම ය අප ලැබූ නියම ත්‍යාගය.. මේ දින දහහතරක කෙටි කාලය තුළ, සදය සහෘදයන්, අවංක විවේචකයන් දහස් ගණනක් සමගම කුහක කටකාරයන් හා පාළොස් දෙනෙකු ද සොයා ගන්නට අපට හැකිවී තිබේ..

    "යන මග බුරන සෑම බල්ලකුටම ගල් ගසන්නට නවතින මිනිසා කිසිදිනෙක සිය ගමනාන්තයට නොයයි" යන කියමන ගුරුකොට ගනිමින්, පෙරට තැබූ පැය ආපසු නොගෙන, මේ ගමන අවසානයක් දකිනා තුරා ඇදගෙන යන්නට අප සැදී පැහැදී සිටින මේ මොහොතේ, අපට මලින් මෙන්ම ගලින් ද සංග්‍රහ කළ ඔබට අපේ ශීර්ෂප්‍රණාම පූර්වක ආචාරය මෙසේ පුද කරන්නෙමු.. ඒ සියල්ල අබිමුව, මේ එකම වැකිය අපි අපේ මතකයේ රඳවා තබා ගන්නෙමු..

    "මේ කඳුළු බිංදුව මිරිස් සැරට නොව, රටට බත්ගම් දුන් උන්ට මළගම් නොවනු පිණිස ය.. "