hehe .
නංගියෝ,
ලංකාවේ අපි පිස්සු කෙලින එක සිමා වෙන්නේ සමාජයෙන් තියෙන (implicit) නීති නිසා. ඊට පස්සේ අපි එහෙම නැති තැනකට ගියොත් ඒ සිමා අපි හද ගන්න ඕනේ. නැතිනම් කඩාගෙන ගිහින් නතර වෙන්නේ විනාස වෙලා. මම ඉන්න තැන ලංකාවේ අය ඉන්නේ බොහොම කීප දෙනෙක් (එක නිසා ඔයාට ලංකාවේ අයගෙන් තියෙන peer pressure එක මට තේරෙන්නේ නෑ) . අනෙක අපි කලාතුරකින් කඩේ යන්න (ටිකක් දුර යන්න ඕනේ indian කඩ හොයාගන්න ) , කෑමකට සෙට් උනොත් මිසක් සෙට් වෙන්නේ නෑ. අපේ යාලුවෝ සෙට් එකේ ඉන්නේ වෙනස් වෙනස් රටවල අය. අපි පාටිත් දානවා පිස්සුත් කෙලිනවා නමුත් සිමා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ.
කොහොම උනත් යාලුවෙක් දෙන්නෙක් නැතිව ඉන්න අමාරුයි, මොකද අපේ අම්ම තාත්ත, නෑදෑයෝ ළඟ නෑ නේ. එත් ගැලපෙන්නේ නැති අය නම් වැඩක් නෑ. අනෙක ලංකාවේ අයම වෙන්න ඕනේ නෑ. අනිත් අය ගැන මම දන්නේ නෑ, හැබැයි සතිය වැඩ කරාම සිකුරාදා හවස යාළුවොත් එක්ක එලියට බැහැල වටයක් ගැහුවේ නැත්නම් මට එපා වෙනවා. ඉතින් ඔයාට ගැලපෙන කට්ටියක් හම්බ උනොත් හොඳයි. විභාග, assignments වලට බාධා නැත්නම් පිස්සුවක් (නරක විදියට නෙවෙයි) කෙලින එක පවක් කියල හිතන්න එපා. හැබැයි කාටවත් බලෙන් සෙල්ලම් දාන්න දෙන්නත් එපා.