30 අවුරුද්දක් යුද්දෙ කරලා ඒක නැවතුනා විතරයි , අයෙත් එකක් පටන් අර ගන්න ලැස්තිය. පාර්ලිමේන්තුවේ ඉන්න ඩිල් කාරයොයි , පැරදුන නායකයොයි තමයි මෙහෙය වන්නෙ. පල්ලිවලට ගැහුවා කියලා , පුරාවිද්‍යා ස්ථාන විනාස කරල පල්ලි හදනවා කියලා ගහ මරා ගන්නවා. මුස්ලිම් උන්ටවත්, සිංහල උන්ටවත් නොතෙරෙන දෙයක් තියනවා. මේවා ඉබේට වෙන දේවල් නෙමෙයි කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා. කවුරු හරි මේව මෙහෙයවනවා. පුංචියට හරි මොළයක් කියල තියනවා නම් මේ කියන ටික තේරෙයි. සිංහල උන් ටික සිංහල උන් ටික රවට්ටනවා. මුස්ලිම් ටික මුස්ලිම් උන් ටික රව්ට්ටනවා. දෙමළ උන් ටික දෙමල උන් ටික රවට්ටනවා. හැම ජන වර්ගයකම මිනිස්සු ඡන් දේ කාලේට හොදට ඇන් දිලා ඡන් දේ දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු ගියාට පස්සෙ ඔක්කොම අමතකයි. ඊට පස්සේ මිනිස්සු මැති ඇමතිලාට පලු යන්න බනිනවා. අයේත් ඡන් දයක් එද්දි ඒ බැනපු මිනිස්සුන්ටම ඔක්කොම අමතකයි. හිටපු උන්ටම ගිහින් කතිරේ ගහලා දිනවනවා. අපේ රටේ ඉන්නේ මහා බූරු හැත්තක්. ඉතින කොහොමද රට දියුණූ වෙන්නෙ. ජාතිවාදී ප්‍රශ්න නැති වෙන්නෙ.