SL vs SA

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මැච් එකක් පටන්ගන්නත් කලින් පරදින්න හේතු හදන උබල වගේ එවුන් නිසා තමයි ලංකාව වගේ රටවල් තාම දියුණු වෙලා නැත්තේ
     

    yesx

    Banned
    Feb 12, 2015
    85
    6
    0
    මැච් එකක් පටන්ගන්නත් කලින් පරදින්න හේතු හදන උබල වගේ එවුන් නිසා තමයි ලංකාව වගේ රටවල් තාම දියුණු වෙලා නැත්තේ

    :(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    240.gif
     

    yesx

    Banned
    Feb 12, 2015
    85
    6
    0
    කවුද මන්දා බය්යෝ දෙන්නෙක් මගේ රේප් කපලා.
    මේකටද අපි 8 වෙනිදා චන්දෙ දුන්නේ
     
    • Like
    Reactions: mldarshana

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මැච් එකක් පටන්ගන්නත් කලින් පරදින්න හේතු හදන උබල වගේ එවුන් නිසා තමයි ලංකාව වගේ රටවල් තාම දියුණු වෙලා නැත්තේ
    :yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසය වසර 40 ක් පැරණි වුවද දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට එක්වන්නේ 1992 දීය. දකුණු අපි‍්‍රකාවේ පැවැති වර්ණ භේදවාදී ප‍්‍රතිපත්ති නිසා 70 දශකයේ සිටම දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කී‍්‍රඩාවට අන්තර්ජාතික තහංචි පැනවී තිබීම ඊට හේතුවයි.

    දකුණු අපි‍්‍රකානුවන් 1992 දී ලෝක කුසලාන තරගාවලියට එක්වන්නේ දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ බලවත් උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. මැන්ඩෙලා මහතා සිය රාජ්‍ය තාන්ති‍්‍රක සම්බන්ධතා මනාව යොදාගනිමින් 1991 දී ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටි, රණසිංහ පේ‍්‍රමදාස මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    ජනාධිපති පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් මත, එවකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාවූ, විදේශ කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය, නැසීගිය ටිරෝන් ප‍්‍රනාන්දු මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ඉල්ලා සිටියේ 1992 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අපි‍්‍රකාවත් ඇතුළත් කරගනනා ලෙසසි.

    1991 දී ඩුබායිහිදී පැවැති එම රැුස්වීමේදී ටිරෝන් ප‍්‍රනාන්දු මහතා විසින් කරන ලද ඉල්ලීමට සෙසු රටවල සහයෝගයද ලැබුණ හෙයින් දකුණු අපි‍්‍රකානු පිලට 1992 සිට ලෝක කුසලාන තරගාවලියට එක්විය හැකි වූවත් එදා සිටම ලෝක කුෂලාන තරගවලදී තිබුණේ පුදුමාකාර අපලයකි. එනම් කිසිම ලෝක කුසලාන තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී තරගයක් ජයගත නොහැකි වීමයි. මෙම තත්ත්වය එක්දින අන්තර්ජාතික ලෝක කුසලාන තරග පමණක් නොව, විස්සයි:20 ලෝක කුසලාන තරග වලදීත් දැකගන්නට තිබිණ.

    1992 දී, සිඞ්නි පිටියේදීම ලෝක කුසලාන තරගාවලියක පළමු අවසන් පූර්ව තරගයට මුහුණ දුන් දකුණු අපි‍්‍රකාවට එදා හරස් වූයේ දස්කම් නොව වර්ෂාවයි. ලෝක කි‍්‍රකට් ඉතිහාසයේ ඛේදවාචකයක් වූ එම තරගය පසු කලෙකදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය නිර්මාණය කිරීමට පසුබිම සැකසීය.

    1996 දී පළමු වටයේ සියලූම තරග ජයගත් දකුණු අපි‍්‍රකානුවෝ අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 19 ක පරාජයක් ලබන්නේ බ‍්‍රයන් ලාරාගේ ශතකය හේතුවෙනි.

    1999 තරගාවලියේදී ලාන්ස් ක්ලූස්නර්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් කිසිදු අපහසුතාවකින් තොරව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැති අවසන් පූර්ව වටයේ තරගය ලකුණු සමවීමෙන් නිමාවෙයි. එහෙත් සුපිරි 8 දෙනාගේ වටයේදී දකුණු අපි‍්‍රකානුවන්ට වඩා ඉහළින් ඕස්ටේ‍්‍රලියානුවන් සිටීම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානු පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනී.

    2003 දී, ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු අපි‍්‍රකාවේදීමය. තරගාවලිය ආරම්භයේදී තමන්ගේ ජාතික කණ්ඩායම ලෝක කුසලාන දිනාගනු ඇතැයි දකුණු අපි‍්‍රකානුවන් මහත් බලාපොරොත්තු තබා තිබූ නමුත් ඩර්බන් නුවරදී, ශී‍්‍ර ලංකා පිලට එරෙහිව, පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය වරද්දා ගැනීම නිසා දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පළමු වටය නිමාවේදීම තරගාවලියෙන් ඉවතට විසිවෙයි.

    2007 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය දූපත් සමූහයේදීය. එහිදීත් දකුණු අපි‍්‍රකානු පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා නමුත් දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ‍්‍රලියාව හමුවේ කඩුලූ 7 ක දරුණු පරාජයක් ලබන්නේ පිතිකරුවන් සියලූ දෙනාම අසාර්ථක වීමෙන් ලකුණු 149 කට දැවී යාමෙනි.

    2011 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත පිල ලකුණු 221 කට සීමාකරගැනීමට ඬේල් ස්ටේන්, මෝර්නි මෝකල් සහ ඉම්රාන් තහීර් සමත් වූවත් දකුණු අපි‍්‍රකානු ඉනිම ලකුණු 172 කට සීමාවන්නේ නැවත වතාවක් පිතිකරුවන් අසාර්ථක වීමෙනි.

    දකුණු අපි‍්‍රකානු පිල ලෝක කුසලාන තරග බිමට පිවිසිමෙන් පසුව, 1992, 1999, 2003 සහ 2007 යන වසර වලදී අර්ධ අවසන් පූර්ව තරග නොපැවැත්විණ. එම වසර වලදී සුපිරි 8 දෙනාගේ වටයෙන් පසුව අවසන් පූර්ව වටයේ තරග පැවැත්විණ. 1996 සහ 2011 වසර වලදී අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වුණද ඒ දෙවතාවේදීම දකුණු අපි‍්‍රකානුවෝ අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජය වූහ.

    2003 දී හැර අනෙක් සෑම අවස්ථාවකදීම, දකුණු අපි‍්‍රකානු පිල පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගයෙන් එපිටට යාමට අපොහොසත් වී තිබේ.