ශ්‍රීපාලිගේ (54*) සටන්කාමී ඉනිමෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට පහසු ජයක්
ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව කඩුලූ 2 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ශ්‍රීපාලි වීරක්කොඩි තුන් ඉරියව් දස්කම් දක්වමින් පන්දු 65 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කිරීමට සමත් වූවාය. දකුණු වේග පන්දුයවන ශ්‍රීපාලි ලකුණු 19 කට කඩුලූ දෙකක් ද දවාගත්තාය.
දකුණු අප‍්‍රිකානු කාන්තා පිල ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 164 (එම්. ඩූ ප‍්‍රීෂ් 59, ඞී. වෑන් නීකර්ක් 46, ඒෂානි ලොකුසූරිය 29/3, ශ්‍රීපාලි වීරක්කොඩි 19/2, ෂෙරීනා රවිකුමාර් 32/2)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 44.3 කදී කඩුලූ 8 ට 167 (ශෂිකලා සිරිවර්ධන 14, සඳමාලි දොලවත්ත 11, ඒෂාන් ලොකුසූරිය 22, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 54, චමනි සෙනෙවිරත්න 12, ඩිලානි මනෝදර නොදැවී 10, ඞී. වෑන් නීකර්ක් 24/3)
ලිපිය ලංකාදීපෙන් . . .
පිංතූර අන්තර්ජාලයෙන් . .
Last edited:


