SLC ක්‍රිකට් මරණාසන්නයේද...? SLC Media Confernce Video
ඇදපු වතුරත් නෑ වතුර ඇදපු කලෙත් නැ.. SLC ක්‍රිකට් මරණාසන්නයේද...?
By වතුර කොලුව
ඔන්න මම අදත් පටන් ගත්ත අලුත් ලියුමක් ලියන්න අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව වී ජන(අ)ප්‍රියම ක්‍රීඩාව වීමට යන ක්‍රිකට් ගැන වචන ටිකක් ලියන්න.
ලොක කුසලාන දවස්වල ලොකු ලොකු කට්ටිය කියපු විදියට ලංකාවට මාර ආඩම්බරයක් ගෙන එන්න ලොක කුසලානෙ ලංකාවෙ පැවැත්වීම වැදගත් කිව්ව. ඇත්තටම මට මාර ආඩම්බරයි ලංකාවෙ ක්‍රිකට් ගැන දැන් පළවෙන ලොක්කන්ගෙ සීනි බොල කතා දකිද්දි..
ඉතින් හැමොටම වගේ අපිටත් පිස්සුවක් තිබුන ලංකාවෙ මැච් ග්‍රවුන්ඩ් එකේම බලන්න.. ඉතින් දන්න ශිල්ප දාල ටිකට් හොයා ගත්ත. හැබැයි ඉතින් අන්තිම තරග දෙකේ ටිකට් හොයන්න වැන්දෙ නැති ටික විතරයි.. ඒ තරමට ටිකට් ඩිමාන්ඩ් ඒ දවස්වල.
ඔන්න ඉතින් නිශාන්ත මහත්තය රූප පෙට්ටියට බැහැල කියනව.. රටෙ මිලියන 20ක ජනතාවගෙන් 30000ටයි බලන්න පුලුවන් ඒක නිසා ටිකට් නැහැ කියල.. ඉතින් ගමේ ගොඩේ අය කොළඹ ඇවිල්ල ටින්කිරි ගාගන්නෙ නැතුව ටීවී එකේම මැච් එක බැලුව. කොළඹ කොල්ලො එහෙම 2nd වෙන්නෙ නැහැ කියල මළිගාවත්තෙ ටිකට් පොළිමේ කට්ට කාල යාන්තම් ටිකට් ගත්ත. ඒවත් අර 50 එව.. අනිත් ටිකට් කොහෙන් කොහොම විකුනුනාද කියල දෙයියො තමයි දැනගෙන හිටියෙ.
ඔය කොහොම කොහොම හරි ටිකට් 33000 ක් විතර එක තරගෙකට විකුනල තියෙනව. මොකද ICC Event වල පිණට මැච් බලන්න දෙන්නෙ නැහැ කාටවත්.. ආරාධනා පත්‍ර ආදරේට ටිකට් වගේ එව දෙන්න බැහැ.. ලොක්කො කියපු විදියට ටිකට් වලින් පට්ට අදායමක් ඇවිල්ල තියෙන්න ඔනෙනෙ..
මම ඉතින් දෙය්යොන්ගෙන් අහල බැලුව කොහොමද අනිත් ටිකට් විකුනුනේ කියල. අනිත් ටිකට් ඉතින් විකුනල කියන්නෙ යලු හිත මිත්‍රාදීන් අතර බෙදා දීල.. පාතාල අයියලාට තව කොටසක් දීල... 5% විතර අන්තර්ජාලෙන් විකුනල.. ඉතින් ඔය බෙදා දීපු එවට ගෙවන්න ඔනෙත් ඔය ICC එකෙන් ලැබෙන අදායමෙන්ම නිසා එක එක ජිල්මාට් දාල කොහොම හරි ශේප් කරල. ICC ලොකු පුටුවේ සිටපු මහතා බොරු දේශමාන්‍ය පට්ටමක් ඇති ආචාර්ය වරයෙක් බව නොබොදා සිරස Inside sport වැඩසටහනෙ ඉගියක් කරන ලදී.. මෙම වීඩියොවේ එය සදහන්ය.
ටිකට් වලින් ඔහොම අදායම් අරගෙනත් ශ්‍රී ලංකා ක්‍රිකට් බංකොලොත් වෙලා. මෙ ඊයෙ පෙරෙදා ලොක්කො සෙට් එක මාධ්‍ය අයියල ඉස්සරහට ඇවිල්ල නරි නැටුමක් නටල හොදට කිච උණා කියල මාධ්‍ය වලම ප්‍රචාරය උණා. ඒකෙදි භාණ්ඩාගාරික මහත්තය කියල තියෙනව ක්‍රීඩාන්ගන වලින් බර ගානක් පාඩු උනා කියල. ඊට පස්සෙ කිව්වෙ ඔනම ඉදිකිරීමකදී මේවගේ අතිරේක වියදම් මතුවෙනව ඒක සාමාන්‍ය දෙයක් කියන එක. හැබැයි ඉතින් ඉදිකිරීම් කරන ලොකු කොම්පැනියකින් අහල බැලුවම දැනගන්න පුලුවන් ඇස්තමේන්තු සකස් කිරීමේදී අතිරේක වියදම් හා නාස්තිවීම් වලට 20% - 30% ඇතුළත් කරන බව.. ඉතින් මේ සම හරක් ඔය ගාණ over estimate කියල තමන්ගෙ සාක්කුවලට පුරව ගත්තම ඉතින් wastage & extra expensess ඉල්ල ගන්න වෙන්නෙ භාණ්ඩාගාරයෙන්ම තමයි.
මම කියන්නම් සූරියවැව, ප්‍රේමදාස ග්‍රවුන්ඩ් වලට තුන්වන පාර්ශවයේ සේවා සපයන්නන් ඇස්තමේන්තු ඉදිරිපත් කරපු විදිය.
ඇසතමේන්තුව 100% + ජරාව 30% ( මේකෙ අයිති කාරයො හුගක් ඉන්නව ) + කොමිස් 20% + සන්තොශම් 20% + ලාභය 5% = මුළු ඇස්තමේන්තුව. 175%
ඔනෙනම් proof දාන්නත් පුලුවන්.. ඒත් එකෙන් වැඩක් වෙන්නෙ නැහැ පිළිගන්නවනම් පිලිගන්න බැරිනම් ඉතින් ඒත් පිළිගන්න.
ඔන්න ඔහොමයි ඇසත්මේන්තු දාල මැච් ගැහුවෙ. ඔකෙන් 20% අත්තිකාරමක් ගෙවල තිබුණට එකෙන් කොමිස්, ජරාව, සන්තොශම් ගෙවල ඉතුරු ටික අතින් ගෙවල ලාභෙත් නැතුව ගිය වියදමත් නැතුව උඩ බලන් ඉන්න එක විතරයි කොන්තරාත් කරයොන්ට ඉතුරු උනේ.
මෙහෙම හොයලත් ලාභයක් ගන්න බැරි උන ලොක කුසලාන තරගාවලියෙන් ලංකාවට ලැබුණ ආඩම්භරයනම් කියලා වැඩක් නැත. ලැබුණ සල්ලිවලට උනදේවල් නම් කව්රුත් දන්නේ නැත. අවසානයේ කියන්න තියෙන්නෙ ඉන්දියාවට කප් එක ගන්න අපේ පරිප්පු හොද්දෙන් අල බතල ටිකෙන් බදු එකතු කරල අපි කිරිකට් ලොක කුසලානෙ ලංකාවෙ තිබ්බ කියන එක තමයි. භාණ්ඩාගාරයෙන් සල්ලි දෙනව කියන්නෙ ඉතින් භාණ්ඩාගාර අධිපති තුමාගේ ඇකවුන් එකෙන් දෙන අහවල් එකක් නොවෙයිනෙ.
ලංකා කණ්ඩායම එන්ගලනිතයේදී එක්දින තරගවල
ඊයේ පුහුණු එක්දින තරගයේදී ජයසූරිය (78) නැවත තමන්ගේ සුපුරුදු රිද්මයට ආව ඒ වගේම වැදගත්ම දේ මැතිව්ස් (81) හා ජීවන් මෙන්ඩිස් (99) ලකුණු අතර සිටීම. තරගය අවසානයේ ලංකාව ජය ගත්තත් නොදැක්ක පැත්තක් පෙන්නන්න හිතුන ඊයේ තරගයේ ක්‍රීඩාකරපු පිති කරුවන්ගේ අතීත වාර්තා අරන් බැලුවම first class 50 ඔවර තරගවල ශතක වාර්තා කරන ලද ක්‍රීඩකයන් සිටියේ 4 දෙනෙකු පමණි. සනත් (33), මහේල (15), චන්දිමාල්(1),කණ්ඩම්බි(2). අනෙක් එකදු ක්‍රීඩකයෙක්වත් අන්තාර් සමාජ 50 ඔවර් තරගවලවත් ශතක ගසා නැත. ලකුණු 1000 සීමාව පිතිකරුවන් සියලු දෙනා පසු කර සිටියත් පිතිකරු සාමාන්‍යය ඉතා සාමාන්‍ය අගයක තිබේ. සම්පූර්ණ විස්තරය
එන්ගලන්තයට එරෙහිව 20-20 තරගය කණ්ඩම්බී විසින් මෙහෙයවීමට ඉඩ ඇත මන්ද ඩිල්ශාන් තවමත් ඇගිල්ලේ අබාදය සුව වනතෙක් විශ්‍රාම ගන්වා ඇති නිසාය. එදින ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායමේ චන්දිමාල් හා ජීවන් මෙන්ඩිස් හැර අනෙක් සියලුම ක්‍රීඩකයන් කණ්ඩම්බීට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්වේ. එසේ තිබුයදී අන්තර්ජාතික කරලියේ අත්දැකීම් නොමැති කණ්ඩම්බීගේ නායකත්වයෙන් වැඩක් වේවිදැයි සැක සහිතය.
සුදුස්සාට සුදුසු තැන නොදීම මේ රටේ අනාධිමත් කාලේ සිට පැමිණේන පුරුද්දකි එය ක්‍රිකට් වලටත් එසේමය.
මම නම් මේ දවස්වල ක්‍රිකට් බලන්නෙ නැහැය මොකද රටේ ජාතික නාලිකාවෙ චැනල් අයි නාලිකාව ඇර අනිත් ඔක්කොම චැනල් අපේ රූප පෙට්ටියෙ පේන නිසාය.. ඔය චැනල් එක අල්ලන්නට ගොස් ලගදී කුස්සියේ මුට්ටියක් බිද දැමුවාය ඒ ඇන්ටනාව කුස්සිය හරහා අරන් යාමේදීය දැන් අපේ ගෙදර ඇන්ටනාව තහනම් මාතෘකාවක්ය.. අමතක විය මම ඉන්නේ කොළොම්පුරේය කොළොම් පුරේට ජාතික නාලිකාව වදින්නේ නැත.
Tags: Sri Lanka, slc, england vs sri lanka, corruption, nishantha, slc horu, slc robbers, cricket robbers, political cricket, cricket politics, stupid sri lanka cricket
Read more: http://www.cricturf.com/blogs/entry/slcko.html#ixzz1Q5K08Jse
කියවල නියන්ම යන්නෙ නැතුව කොමෙන්ට් එකක් දාල අදහස් දක්වල යන්න... ඔක අපේ සයිට් එකට ලියපු බ්ලොග් සටහනක්.. පුලුව්න්නම් සයිට් එකෙත් කොමෙන්ට් එකක් දැම්මට තරහ නැහැ...

Last edited: