Slingaa - මාලිංග 2004 සිට.......

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Slingaa - මාලිංග 2004 සිට.......

    ස්ලින්ගා - මාලිංග
    2004 ශ්රී ලංකා - ඔස්ට්රෙලිය ඩාවින් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී එකම ඕවරයේ පන්දු හතරක් ඇතුලත කඩුලු 2 ක් දවාගත් කොලු ගැටයා කව්දැයි බහුතරයක් විමසන්නට විය. ඩරෙන් ලීමන් සහ ඇඩම් ගිල්ක්රිස්ට් එම කඩුලු දෙක සමග වූ බැවින් තත්වය වඩාත් බැරෑරුම් විය. යලි දෙවන ඉනිමේදීද කඩුලු හතරක් දවා ගත් මේ නහර කාරයාගේ ගමන ඉවෙන් මෙන් වටහාගත් ඇඩම් ගිල්ක්රිස්ට් තරගය අවසානයේදී ශ්රී ලංකා විවේකාගාරයට පැමිණ තරගයේ භාවිතා කල විකට් කුරක් සිහිවටනයක් ලෙස ඔහුට පිරිනමන ලදී.
    රත්ගම වැල්ලේ සැහැල්ලු පන්දු ක්රීඩා කල ලසිත් මාලිංග ලෝකයේ වැඩිම ආකර්ෂණය සහ අවධානය දිනා ගන්නේ 2007 ලෝක කුසලනයේදීය. දකුණු අප්රිකාවට එරෙහිව පිට පිට පන්දු හතරකින් කඩුලු හතරක් දවාගත් මාලිංග අදටද එවැන්නක් කල ලෝකයේ පළමු සහ එකම පන්දු යවන්නයි. එදා කැරිබියන් දුපත් තරුණියන් වශීකල මාලිංගගේ කොණ්ඩ මෝස්තරය තරගාවලියේ සරාගීම ක්රීඩකයා ලෙස නම් කිරීම දක්වා ඔහුව රැගෙන ගියා.
    කාලය සමග මාලිංග විටින් විට පුවත් මවන්නේ තම කඩුලු දඩයමත් පිටියේ එහා සිදුවීමුත් හරි හරියටම කල බැවිනි. 2008/2009 කාල වකවානුවේ පැයක ගුවන්විදුලි වැඩසටහනකට ඔහුව එක්කරගන්නට මට හැකියාව ලැබුණි. මාලිංග එකල අබාධයකින් දැඩිලෙස පීඩාවිදි කාල වකවානුවයි. කවදත් තම අදහස් කෙලින්ම කියන මාලිංග එදත් බොහෝ දෑ මුදා හැරියා. කණ්ඩායමේ රැදෙන්නට කොණ්ඩය කපාගෙන එන ලෙස මාලිංගට තරවටු කල පරිපාලනය ඔහුට ප්රතිකාර කරන්නට වියදම් දරන්නට අකමැති විය.ඒ හේතුවෙන්ම එවකට ඔස්ට්රේලියාවට ගොස් සැත්කම් කරගන්නට මාලිංගට සිදුවුයේ තමන්ගේම වියදමෙනි.රට වෙනුවෙන් ක්රිකෙට් ගැසූ ඔහු " තමන් හිසට තම අතමය සෙවනැල්ල " තේමා කරගත්තේ එදා පටන්ය. එදා ගුවන් විදුලියේදී මාලිංග මගෙන් ඇසුවේ යලි ක්රිකෙට් නොගැසුවොත් ඔහු ජීවත් වන්නේ කෙලෙසද යන්නයි.
    පරිපාලනය අස්ථිර වූ ශ්රී ලංකා ක්රිකෙට් තුල මාලිංග හිතුවක්කාර ගමනකට මුල පිරුවේ ඉන් අනතුරුවය. තම වයස 27 දී ටෙස්ට් පිටියට සමුදෙන්නට ඔහුම තීරණය කෙරිණි. ඒ වනවිටත් තම අවසන් ටෙස්ට් තරගාවලියේ ගාල්ල තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ගම්බීර් , ඩ්රාවිඩ් , තෙන්ඩුල්කාර් , දෝනි දවාගනිමින් තරගයේ වීරයාවූ මාලිංග ටෙස්ට් කඩුලු 100 පසුකල තුන්වන ශ්රී ලාංකිකයා ලෙසද ඉතිහාසගත විය. ටෙස්ට් වලට ආයුබෝවන් කී මාලිංග IPL වෙනුවෙන් එකදිගට ඕනෑතරම් වෙහෙසෙන්නට විය.
    මාලිංගගේ පක්ෂියා රජවන්නේ 2014 WT20 අතරතුරය.පන්දු යැවීමේ අඩු ඕවර ගනනක් රදවාගත් බැවින් චන්දිමාල්ට තරග තහනමක් පැනවිණි. උප නායක මාලිංගට නායකත්වය භාරවන්නේ තාවකාලිකවය. නමුත් මහේල - සංගා - දිල්ෂාන් ගේ අත්දැකීම් මතින් ලෝක කුසලානය දිනනා මාලිංග නායකත්වය සදාකාලිකව තමන්ටමයි සිතා කටයුතු කරයි.
    අද යලි මාලිංග කතා බහට ලක්ව ඇත. ඔහුගේ ආබාධයේ සුවවීමේ දිනය ගැන අරවින්ද ඉගිකලේ ටික දිනකට කලිනි.දැන් සභාපති තිලංග කියන්නේ මාලිංග IPL යන්නටනම් අවසර ගත යුතු බවත් ඔහුගේ කටයුතු පිළිබද විනය පරීක්ෂණයක් බොහෝවිට කැදවිය හැකි බවත්ය.
    කරුණු මෙසේ සිදුවද්දී තවත් විශිෂ්ටයකුට කළකිරීම පමණක් ඉතුරු වේ ද.....? ක්රීඩාවේ පරිපාලනය කඩාවැටුන තැන යක්ෂයෝ පිනුම් ගැසූ ඉතිහාසය මාලිංගට තමා ගැන පමණක් හිතන්නට ඉඩ විවර කලේය.එදා සේම අදද ක්රීඩකයකු වැටුණු විට ඔහු ගොඩනගන්නට නිශ්චිත වැඩ පිළිවෙලක් මෙරට නැත.තමා උපතින් රැගෙන එන කුසලතාවයට පසුකලෙක දාඩිය , කදුළ මුසු කල ඔපමට්ටම් කරගන්නට ක්රීඩකයකු සහ ඔහු වටා සිටින පරපුරක් අනන්ත අප්රමාණ වෙහෙසක් ගනිති. ඒ වෙහෙසට නිවැරදි අගයක් දෙන්නට පරිපාලනය එදා සිට අසමත්ය.මෙරට ක්රිකෙට් පරිපාලනය කල ඇත්තන් තමන්ගේ ගොඩ වැඩිකරගන්නට වෙහෙසුනා මිස රටේ ක්රිකෙට් වෙනුවෙන් අගයක් දෙන්නට අසමත් වුනි.
    මෙරට පරිපාලනයට කොන්දක් තිබුනානම් මාලිංගට සිතුසේ රිසිසේ තීරණ ගන්නට ඉඩ නොලැබෙනු ඇති. ලෝක කුසලානයක් කට උඩ තිබියදී UAE තරගයක් ක්රීඩා කිරීමට ඔහුට ඉඩ දී ලෝක කුසලානයද අහිමි කරවීමේ හිතුවක්කාරී තීරණයේ වරද පාලකයන්ගේ නොවේද...? කොටින්ම කිවහොත් මාලිංගගේ නායකත්වය සමග කණඩායමේ බහුතරයක් පීඩනයෙන් සිටින බව දැන් මතුවද්දී එයට මුලින්ම පිළිතුරු සෙවිය යුත්තේ ද පාලකයන්ම නොවේද.....?
    රටට පෙර IPL මුදුනින් පිළිගත් කණ්ඩායමට පළමු වෙඩිමුර පත්තු කලේ අර්ජුන රණතුංගය.එදා එංගලන්ත සංචාරය පසෙක තබා IPL වන්දනාවේ ගිය සංගා, මහේල ඇතුළු සියල්ලන්ට එවකට ක්‍රීඩා ඇමතිවරයා ආශීර්වාද කලේය.එදා නියපොතෙන් කඩන්න තිබු දෙය අද පොරවෙන් කපන්නටත් අපහසුය.
    රත්ගම වෙරලේ ක්රිකෙට් ගැසූ මාලිංග අන්තර්ජාතික (ඔහුම කියන පරිදි ) ක්රීඩකයකු කලේ මේ රටය. ඔහුට ඕනෑම මොහොතේ මෙරට පරිපාලනය ඔහුව අත් හැරියේය. නමුත් එය වෛරයක් ලෙස තබා රටේ ක්‍රිකෙට් උකසට තැබීම සාධාරණද ................?
    මාලිංග හිතුවක්කාරී ගමනක රැගෙන ගියේද පරිපාලනයයි. ඔහුට ඔරොත්තු නොදෙන නායකත්වය ඔහුට පැවරුවේද මේ පරිපාලනයයි. අද මාලිංග සහ පරිපාලනය යලි දෙපැත්තට අවි අමෝරා සිටිති. මීට පෙර කල යුතු වූ බොහෝදේ (නිෂ්කාශන වාර්තා ) දැන් කරන්නට උත්සහ කරති. එය අනාගතයට හොදය.නමුත් වේග පන්දුවෙන් ලොවක් සලිත කල රටක් කුල්මත්කල විශිෂ්ටයකුට ගෞරුවාන්විත සමුගනීමකට හෝ ඉඩක් වෙන්කරනවානම් කොතනද හරි හෝ වැරැද්ද යන්න තේරුම් ගැනීමට මෙරට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇත.


    -මංජුල ලන්දෙකුඹුරගේ බුකියෙන් උපුටා ගැනීමකි

     
    • Like
    Reactions: DangerMan119

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    mekai wade arjunaya thama CB eka kanne....
    anika uge malli....

    anith CB eke inna unuth ekai...

    lankawen IPL ghnna puluwan ekekta inne Malinga witharai...
    penawane thathwe...
    anik unwa ganan gnnewath na...

    vaas unath kapala damme ape CB eke un thma....

    mn nm kiynne malinga athi tharam hamba kaarn uge paththen oota deyak kara gnna eka hodai....

    CB eke inne nasthikara un tikak...
    daramadasa da mkada mnda thilangasumathi pala wage un board ekata dala kisima wadak na dn itn...

    sanath e athin shape.sana,sanga wage damma nm hoda okata...
    sangata unath ape CB eken case eka addane...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපි දොස්තරලට බනිනවා රජයේ රෝහලේ මිනිස්සුන්ට බෙහෙත් දෙන්නැතුව තමන්ගෙ පෞද්ගලික ක්ලිනික් එකට යනව කියලා ඒත් මාලින්ග රටට සෙල්ලන් කරන්නැතුව IPL ගහන්න යද්දි මිනිස්සු බෝඩ් එකට බනිනව. ඔන්න ඔහොමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපි දොස්තරලට බනිනවා රජයේ රෝහලේ මිනිස්සුන්ට බෙහෙත් දෙන්නැතුව තමන්ගෙ පෞද්ගලික ක්ලිනික් එකට යනව කියලා ඒත් මාලින්ග රටට සෙල්ලන් කරන්නැතුව IPL ගහන්න යද්දි මිනිස්සු බෝඩ් එකට බනිනව. ඔන්න ඔහොමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි.

    Sira kathawa machan
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mekai wade arjunaya thama CB eka kanne....
    anika uge malli....

    anith CB eke inna unuth ekai...

    lankawen IPL ghnna puluwan ekekta inne Malinga witharai...
    penawane thathwe...
    anik unwa ganan gnnewath na...


    vaas unath kapala damme ape CB eke un thma....

    mn nm kiynne malinga athi tharam hamba kaarn uge paththen oota deyak kara gnna eka hodai....

    CB eke inne nasthikara un tikak...
    daramadasa da mkada mnda thilangasumathi pala wage un board ekata dala kisima wadak na dn itn...

    sanath e athin shape.sana,sanga wage damma nm hoda okata...
    sangata unath ape CB eken case eka addane...

    ඇයි උබට IPL ලොකුද?අනේ යකෝ..ඉන්දියන් උන්ගේ ගූ ගොඩක් හින්දා අපේ රටේ ක්‍රිකට් ගහන උන්ව බාල්දු කරන්න එපා යකෝ.උබත් අර මාලිංග වගේම තමා හිතන්නේ..:angry::angry::angry:
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    me post eke samahara karunu ekka man ekaga wenawa hama kenatama ekama handena bedanawanam me hugak katha nathiwenawa habai malingage paththen baluwoth u karana de hari u hambakaroth witharai u ta kanna wenne wena aya u ta genath denne na ne
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හැමෝම අයිපිඑල් ගහපල්ලා බං පුළුන්කමක් තිබ්බොත් පැට්රිස් පාරකට ලංකා ටීම් එකට ගහපල්ලා.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    මාලිංග criketer කෙනෙක් වුනේ IPL ගහලා නෙමේ ලංකාවට ගහලා. තමන්ගේ නම හදා ගත්තට පස්සේ රට 2 කට තබා සල්ලි 1ට ඒම අනුමත කරන්න පුළුවන් රටක් ජාතියක් ගැන හිතන්නේ නැති කෙනෙකුට පමණයි. සැබෑ ලාංකිකයා අත්පොලසන් දෙන්නේ IPL ගහන මාලිංගට නොව තම මව්බිමට මුල් තැන දෙන මාලිoගටයි.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඇයි උබට IPL ලොකුද?අනේ යකෝ..ඉන්දියන් උන්ගේ ගූ ගොඩක් හින්දා අපේ රටේ ක්‍රිකට් ගහන උන්ව බාල්දු කරන්න එපා යකෝ.උබත් අර මාලිංග වගේම තමා හිතන්නේ..:angry::angry::angry:

    ubata mole nae kiyana eka therum ganna IPL lokui thamai u asaneepa wela iddi kawuda uta viyadam kale ubada :baffled: U gahanne uge talent eken :yes: Maddaya karayinuth karanne uwa kapana ekamai u kelin katha karana nisa
    mekai wade arjunaya thama CB eka kanne....
    anika uge malli....

    anith CB eke inna unuth ekai...

    lankawen IPL ghnna puluwan ekekta inne Malinga witharai...
    penawane thathwe...
    anik unwa ganan gnnewath na...

    vaas unath kapala damme ape CB eke un thma....

    mn nm kiynne malinga athi tharam hamba kaarn uge paththen oota deyak kara gnna eka hodai....

    CB eke inne nasthikara un tikak...
    daramadasa da mkada mnda thilangasumathi pala wage un board ekata dala kisima wadak na dn itn...

    sanath e athin shape.sana,sanga wage damma nm hoda okata...
    sangata unath ape CB eken case eka addane...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඇයි උබට IPL ලොකුද?අනේ යකෝ..ඉන්දියන් උන්ගේ ගූ ගොඩක් හින්දා අපේ රටේ ක්‍රිකට් ගහන උන්ව බාල්දු කරන්න එපා යකෝ.උබත් අර මාලිංග වගේම තමා හිතන්නේ..:angry::angry::angry:

    IPL lokukamak na...
    malingaya injured wela iddi okawa ainma karala damme board eke un thama...
    okata mkt treatment wath kale na.... kotinma kiwwoth oowa ainma karala damma wage wadak kare.
    dn thathwen hamadema blnna epa bn.mata IPL loku neme mn IPL blnneth na :lol::lol:

    methana doctorsla gawala katha kiyewwata wadak na doctor kenkge job ekai player knkge job ekai dekak... :rofl::rofl:

    poddak balapn vaas wa kapuwe kawuda kiyala....

    ubala ada eye ipaduna un neme neda :baffled::rofl::P

    ape rate un baldu karanna one na.eth dn ape unge godak talent eka bahala.hoda un enna thawa kalayak ynwa.

    issara IPL walata ape team eken 5,6ta wada gihin hitiye...
    ethkota oya sadde naththe mkda :rofl:
    sanga ehema giye oya ODI series ekak hari test series ekak hari atharamada dala....

    ubala okkoma malingata dan baninne mona padanamakinda kiyapnko balanna :rolleyes:

    gon kamata kiyawana nari pataw thama bn ubala...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ubata mole nae kiyana eka therum ganna IPL lokui thamai u asaneepa wela iddi kawuda uta viyadam kale ubada :baffled: U gahanne uge talent eken :yes: Maddaya karayinuth karanne uwa kapana ekamai u kelin katha karana nisa

    munta kiyala wadak na bn...
    kisi padanamakin neme katha karanne...
    ohe baninwa....

    dn IPL ynne malinga witharane...dn dagana ootama baninwa... :rofl::rofl:

    vaas,sanga,mahela,dilshan,malinga wage unta CB eken apu kapili e kalema lokuwata giye...
    mun ewa wath dannne nathuwada mnda katha karanne nam.....

    eeta CB eka kiynne patta salliyak ena thanak...
    eth un ewa walin club gahana unwa hadannwath hariyakata salli danne na.boruwa karanne bageta bagayak...

    eka thama hoda playersla club level eken hadenne naththeth....

    thisara ehema team eken ain wela ausi ehemath yanna haduwe... :rofl:
     
    Last edited: