Slingaa - මාලිංග 2004 සිට.......
ස්ලින්ගා - මාලිංග
2004 ශ්රී ලංකා - ඔස්ට්රෙලිය ඩාවින් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී එකම ඕවරයේ පන්දු හතරක් ඇතුලත කඩුලු 2 ක් දවාගත් කොලු ගැටයා කව්දැයි බහුතරයක් විමසන්නට විය. ඩරෙන් ලීමන් සහ ඇඩම් ගිල්ක්රිස්ට් එම කඩුලු දෙක සමග වූ බැවින් තත්වය වඩාත් බැරෑරුම් විය. යලි දෙවන ඉනිමේදීද කඩුලු හතරක් දවා ගත් මේ නහර කාරයාගේ ගමන ඉවෙන් මෙන් වටහාගත් ඇඩම් ගිල්ක්රිස්ට් තරගය අවසානයේදී ශ්රී ලංකා විවේකාගාරයට පැමිණ තරගයේ භාවිතා කල විකට් කුරක් සිහිවටනයක් ලෙස ඔහුට පිරිනමන ලදී.
රත්ගම වැල්ලේ සැහැල්ලු පන්දු ක්රීඩා කල ලසිත් මාලිංග ලෝකයේ වැඩිම ආකර්ෂණය සහ අවධානය දිනා ගන්නේ 2007 ලෝක කුසලනයේදීය. දකුණු අප්රිකාවට එරෙහිව පිට පිට පන්දු හතරකින් කඩුලු හතරක් දවාගත් මාලිංග අදටද එවැන්නක් කල ලෝකයේ පළමු සහ එකම පන්දු යවන්නයි. එදා කැරිබියන් දුපත් තරුණියන් වශීකල මාලිංගගේ කොණ්ඩ මෝස්තරය තරගාවලියේ සරාගීම ක්රීඩකයා ලෙස නම් කිරීම දක්වා ඔහුව රැගෙන ගියා.
කාලය සමග මාලිංග විටින් විට පුවත් මවන්නේ තම කඩුලු දඩයමත් පිටියේ එහා සිදුවීමුත් හරි හරියටම කල බැවිනි. 2008/2009 කාල වකවානුවේ පැයක ගුවන්විදුලි වැඩසටහනකට ඔහුව එක්කරගන්නට මට හැකියාව ලැබුණි. මාලිංග එකල අබාධයකින් දැඩිලෙස පීඩාවිදි කාල වකවානුවයි. කවදත් තම අදහස් කෙලින්ම කියන මාලිංග එදත් බොහෝ දෑ මුදා හැරියා. කණ්ඩායමේ රැදෙන්නට කොණ්ඩය කපාගෙන එන ලෙස මාලිංගට තරවටු කල පරිපාලනය ඔහුට ප්රතිකාර කරන්නට වියදම් දරන්නට අකමැති විය.ඒ හේතුවෙන්ම එවකට ඔස්ට්රේලියාවට ගොස් සැත්කම් කරගන්නට මාලිංගට සිදුවුයේ තමන්ගේම වියදමෙනි.රට වෙනුවෙන් ක්රිකෙට් ගැසූ ඔහු " තමන් හිසට තම අතමය සෙවනැල්ල " තේමා කරගත්තේ එදා පටන්ය. එදා ගුවන් විදුලියේදී මාලිංග මගෙන් ඇසුවේ යලි ක්රිකෙට් නොගැසුවොත් ඔහු ජීවත් වන්නේ කෙලෙසද යන්නයි.
පරිපාලනය අස්ථිර වූ ශ්රී ලංකා ක්රිකෙට් තුල මාලිංග හිතුවක්කාර ගමනකට මුල පිරුවේ ඉන් අනතුරුවය. තම වයස 27 දී ටෙස්ට් පිටියට සමුදෙන්නට ඔහුම තීරණය කෙරිණි. ඒ වනවිටත් තම අවසන් ටෙස්ට් තරගාවලියේ ගාල්ල තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ගම්බීර් , ඩ්රාවිඩ් , තෙන්ඩුල්කාර් , දෝනි දවාගනිමින් තරගයේ වීරයාවූ මාලිංග ටෙස්ට් කඩුලු 100 පසුකල තුන්වන ශ්රී ලාංකිකයා ලෙසද ඉතිහාසගත විය. ටෙස්ට් වලට ආයුබෝවන් කී මාලිංග IPL වෙනුවෙන් එකදිගට ඕනෑතරම් වෙහෙසෙන්නට විය.
මාලිංගගේ පක්ෂියා රජවන්නේ 2014 WT20 අතරතුරය.පන්දු යැවීමේ අඩු ඕවර ගනනක් රදවාගත් බැවින් චන්දිමාල්ට තරග තහනමක් පැනවිණි. උප නායක මාලිංගට නායකත්වය භාරවන්නේ තාවකාලිකවය. නමුත් මහේල - සංගා - දිල්ෂාන් ගේ අත්දැකීම් මතින් ලෝක කුසලානය දිනනා මාලිංග නායකත්වය සදාකාලිකව තමන්ටමයි සිතා කටයුතු කරයි.
අද යලි මාලිංග කතා බහට ලක්ව ඇත. ඔහුගේ ආබාධයේ සුවවීමේ දිනය ගැන අරවින්ද ඉගිකලේ ටික දිනකට කලිනි.දැන් සභාපති තිලංග කියන්නේ මාලිංග IPL යන්නටනම් අවසර ගත යුතු බවත් ඔහුගේ කටයුතු පිළිබද විනය පරීක්ෂණයක් බොහෝවිට කැදවිය හැකි බවත්ය.
කරුණු මෙසේ සිදුවද්දී තවත් විශිෂ්ටයකුට කළකිරීම පමණක් ඉතුරු වේ ද.....? ක්රීඩාවේ පරිපාලනය කඩාවැටුන තැන යක්ෂයෝ පිනුම් ගැසූ ඉතිහාසය මාලිංගට තමා ගැන පමණක් හිතන්නට ඉඩ විවර කලේය.එදා සේම අදද ක්රීඩකයකු වැටුණු විට ඔහු ගොඩනගන්නට නිශ්චිත වැඩ පිළිවෙලක් මෙරට නැත.තමා උපතින් රැගෙන එන කුසලතාවයට පසුකලෙක දාඩිය , කදුළ මුසු කල ඔපමට්ටම් කරගන්නට ක්රීඩකයකු සහ ඔහු වටා සිටින පරපුරක් අනන්ත අප්රමාණ වෙහෙසක් ගනිති. ඒ වෙහෙසට නිවැරදි අගයක් දෙන්නට පරිපාලනය එදා සිට අසමත්ය.මෙරට ක්රිකෙට් පරිපාලනය කල ඇත්තන් තමන්ගේ ගොඩ වැඩිකරගන්නට වෙහෙසුනා මිස රටේ ක්රිකෙට් වෙනුවෙන් අගයක් දෙන්නට අසමත් වුනි.
මෙරට පරිපාලනයට කොන්දක් තිබුනානම් මාලිංගට සිතුසේ රිසිසේ තීරණ ගන්නට ඉඩ නොලැබෙනු ඇති. ලෝක කුසලානයක් කට උඩ තිබියදී UAE තරගයක් ක්රීඩා කිරීමට ඔහුට ඉඩ දී ලෝක කුසලානයද අහිමි කරවීමේ හිතුවක්කාරී තීරණයේ වරද පාලකයන්ගේ නොවේද...? කොටින්ම කිවහොත් මාලිංගගේ නායකත්වය සමග කණඩායමේ බහුතරයක් පීඩනයෙන් සිටින බව දැන් මතුවද්දී එයට මුලින්ම පිළිතුරු සෙවිය යුත්තේ ද පාලකයන්ම නොවේද.....?
රටට පෙර IPL මුදුනින් පිළිගත් කණ්ඩායමට පළමු වෙඩිමුර පත්තු කලේ අර්ජුන රණතුංගය.එදා එංගලන්ත සංචාරය පසෙක තබා IPL වන්දනාවේ ගිය සංගා, මහේල ඇතුළු සියල්ලන්ට එවකට ක්‍රීඩා ඇමතිවරයා ආශීර්වාද කලේය.එදා නියපොතෙන් කඩන්න තිබු දෙය අද පොරවෙන් කපන්නටත් අපහසුය.
රත්ගම වෙරලේ ක්රිකෙට් ගැසූ මාලිංග අන්තර්ජාතික (ඔහුම කියන පරිදි ) ක්රීඩකයකු කලේ මේ රටය. ඔහුට ඕනෑම මොහොතේ මෙරට පරිපාලනය ඔහුව අත් හැරියේය. නමුත් එය වෛරයක් ලෙස තබා රටේ ක්‍රිකෙට් උකසට තැබීම සාධාරණද ................?
මාලිංග හිතුවක්කාරී ගමනක රැගෙන ගියේද පරිපාලනයයි. ඔහුට ඔරොත්තු නොදෙන නායකත්වය ඔහුට පැවරුවේද මේ පරිපාලනයයි. අද මාලිංග සහ පරිපාලනය යලි දෙපැත්තට අවි අමෝරා සිටිති. මීට පෙර කල යුතු වූ බොහෝදේ (නිෂ්කාශන වාර්තා ) දැන් කරන්නට උත්සහ කරති. එය අනාගතයට හොදය.නමුත් වේග පන්දුවෙන් ලොවක් සලිත කල රටක් කුල්මත්කල විශිෂ්ටයකුට ගෞරුවාන්විත සමුගනීමකට හෝ ඉඩක් වෙන්කරනවානම් කොතනද හරි හෝ වැරැද්ද යන්න තේරුම් ගැනීමට මෙරට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇත.
-මංජුල ලන්දෙකුඹුරගේ බුකියෙන් උපුටා ගැනීමකි

U gahanne uge talent eken
Maddaya karayinuth karanne uwa kapana ekamai u kelin katha karana nisa 