SLPL තව තවත් දියාරු වේ
විදෙස් ක්‍රීඩකයින් නොමැතිව තරගාවලිය පැවැත්වෙන ලකුණු
මුදල් අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී පැවැත්වීමට යන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා බොහෝ දුරට විදෙස් ක්‍රීඩකයින් සහභාගී කර නොගනු ඇතැයි වාර්තා වේ.
මූලාශ්‍ර උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය මේ බව වාර්තා කරන අතර මේ මස 19 වනදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය ඕස්ට්‍රේලියානු, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්ත හා පාකිස්තානු ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණි.
ප්‍රංශ පුවත් සේවය අනාවරණය කරන පරිදි ක්‍රීඩකයින් ඉල්ලා ඇති ඉහළ ගාස්තු ගෙවීමට මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි බව පෙනේ.
මේ අනුව, මෙම තරගාවලිය දේශීය ක්‍රීඩකයින් පමණක් යොදාගෙන පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ මූලාශ්‍ර උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාවද සහභාගී වූ අතර එහිදී මූල්‍ය අක්‍රමිකතා සිදුව තිබෙන බව මේ වනවිට හෙළිවෙමින් ඇත.
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩකයින්ට සහභාගීවීමට අවස්ථාව නොදීමට පසුගියදා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය.