මචන්ලා, මගේ තියෙන්නේ SLT Web family internet package එක. ඒක දැන් මාසයක් විතර ඉදන් හරියට වැඩ කරන්නේ නෑ. සතියකට දෙතුන් පාරක් call කර කර හදන්න කියන්න ඕනේ. ඊට පස්සේ දවස් දෙක තුනක් එක දිගට වැඩ කරනවා ඊට පස්සේ අයෙත් අවුල් ගහනවා. මට දැන් ඇති වෙලා බන් තියෙන්නේ call කරලම. සමහර දවස් වලට call කරලා මල පැනල ටිකක් තදින් මන් කතා කලොත් customer care එකේ ඉන්න එවුන් ලයින් එක cut කරනවා. මොන මගුලක්ද කියපන්කො බිලත් හරියට ගෙවල මෙහෙම කටු කන්න ඕනෙද.? මොනාද බන් මේකට මන් කරන්නේ? වෙන connection එකකට මාරු වෙන්නත් බෑ. SLT වගේ ඒ ගානට එච්චර data දෙන්නේ නෑ වෙන connections වල. නැත්තන් හු.. පදේ කියල මාරු වෙනවා. ඇයි බන් උන්ට උන්ගේ රාජකාරිය හරියට කරන්න බැරි? මට කරන්න දෙයක් තියනවා නම් කියපල්ලකෝ. 










උඹේ province එක මොකද්ද? උඹ අයිති regional office එකේ manager ට email එකක් දාපං. ඊට පස්සෙ උගෙ number එකට කතා කරපං ගොඩක් වෙලාවට ගන්නේ උන්ගෙ Personal Assistant තමා. manger ට දෙන්න කියපං. කොහොම හරි කතා කරන්න ඕන කියල ගනිං 



