SLT BROADBAND

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    teli[1].jpg

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත්
    ස්‌කයි නෙට්‌වර්ක්‌ සමාගම වයිමැක්‌ස්‌ 16e
    බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාව හඳුන්වා දෙයි


    වයිමැක්‌ස්‌ 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව පිළිබඳව ස්‌කයි නෙට්‌වර්ක්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් මහතා මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින්. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ගේ්‍රග් යන්ග් මහතාද ඡායාරූපය වෙති.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් ස්‌කයි නෙට්‌වර්ක්‌ පුද්ගලික සමාගම 4ඨ තාක්‍ෂණය ලෙසින් ප්‍රචලිත වයිමැක්‌ස්‌ 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව පළමු වරට ශ්‍රී ලංකාවට ඊයේ (11 වැනිදා) කොළඹදී හඳුන්වා දුන්නේය.

    ස්‌කයි මැක්‌ස්‌ නමින් හඳුන්වන මෙම තාක්‍ෂණය ඔස්‌සේ අප රටේ ඉන්ටර්නෙට්‌ පාරිභෝගිකයන්ට තමන් වෙසෙන ප්‍රදේශයේදී වඩාත් ක්‍රියාකාරී සහ කාර්යක්‍ෂම අන්තර්ජාල සේවාවක්‌ ලබාගැනීමේ පහසුකම් උදාවනු ඇත.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරළ, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග්, ස්‌කයි නෙට්‌වර්ක්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත්, ස්‌කයි නෙට්‌වර්ක්‌ සමාගමේ අධ්‍යක්‍ෂ හිමල් හෙට්‌ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිනමන් ලේක්‌ සයිඩ් හෝටලයේ පැවැති උත්සවයකදී මෙම වයිමැක්‌ස්‌ 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව හඳුන්වා දෙනු ලැබීය.

    මෙම වයිමැක්‌ස්‌ තාක්‍ෂණය දැනට ඇමරිකාව, රුසියාව, තායිවානය, ජපානය, කොරියාව, මැලේසියාව වැනි රටවල අන්තර්ජාල පාරිභෝගිකයන් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස භාවිත කරමින් සිටිති.

    ස්‌කයි මැක්‌ස්‌ සමාගම මගින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම වයිමැක්‌ස්‌ බ්‍රොaඩ්බෑන්ඩ් තාක්‍ෂණය මේ වන විට අප රටේ ගෘහාශ්‍රිත පාරිභෝගිකයන්ට මෙන්ම ආයතනමය පාරිභෝගිකයන්ටද අත්විඳීමේ අවස්‌ථාව උදාවී තිබේ. ඉදිරියේදී මෙම අන්තර්ජාල සේවාව තවත් නවතම විශේෂාංගද ඇතුළත් අනර්ඝතම සේවාවක්‌ ලෙසින් වඩාත් ඵලදායි මිලකට අත්විඳීමේ අවස්‌ථාව තව නොබෝ දිනකින්ම උදාකරදීමට ස්‌කයි නෙට්‌වර්ක්‌ සමාගම අපේක්‍ෂා කරයි.

    ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක උපරිම වේගයක්‌ සහිත බ්‍රොaඩ්බෑන්ඩ් තාක්‍ෂණයකින් නිදහසේ අන්තර්ජාලයට සම්බන්ධවීමේ අවස්‌ථාව ලබාදීම අපගේ දැක්‌ම යෑයි මෙහිදී අදහස්‌ දැක්‌වූ ස්‌කයි නෙට්‌වර්ක්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් මහතා පැවසීය.

    මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග්, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරළ, ස්‌කයි නෙට්‌වර්ක්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    api mona unath unlimited,,,,,,mama ho gala download karanawa....habai tama speed limit une ne...un gaman unge ammla tattala matak karala mama hode dekek kiyala tamai contion speed eke hadaganne!