SLT Fiber Router internet

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේක Fiber router සම්බන්ධ ප්‍රශ්නයක්.

    ADSL තියන අයට Internet සහ Telephone දෙකම වෙන වෙනම පාවිච්චි කරන්න පුලුවන්කම තියෙනවනෙ...
    ඒ කියන්නෙ Telephone එක කොහොමත් සම්බන්ධ වෙලා තියෙන නිසා... අවශ්‍ය නම් ADSL Router එක Off කරල තියන්න පුලුවන්.

    SLT Fiber ගත්තම දැන් ඒක කරන්න බැහැනෙ. Router එක හරහා Internet/Telephone දෙකම එන නිසා... router එක off වුනොත් දෙකම නැහැ.
    ඒ කියන්නෙ router එක ඇවිත් තියෙන්නෙ always connected විදිහට තියන්නමයි.

    මේක මම හිතන්නෙ බොහෝ දුරට කරන්න බැරිව ඇති. නමුත්....
    මේ Fiber Router වල telephone එක තියෙද්දි internet එක off කරන්න ක්‍රමයක් තියෙනවද? ඒ කියන්නෙ WiFi off කරල නෙමෙයි. අපිට අවශ්‍ය වෙලාවට internet connection එක on/off කරන්න. කොහොමත් SLT එකෙන් අපිට දෙන්නෙ තියෙන basic router එකක්නෙ.
    සමහර විට මේ වගේ facility එකක් තියෙන advanced router තියෙන්න පුලුවන්. Bandwidth, speed control කරන router තියෙනව. Internet සම්බන්ධයෙන් එහෙම එකක් තාම දැක්කෙ නැහැ.
     
    • Like
    Reactions: NRTG