මම පාවිච්චි කරන slt fiber connection එකේ වැඩ කරගෙන යනකොට සමහර sites load වෙන්නේ නැතුව යනවා. ඒ වෙලාවට Google, Facebook වගේ සයිට්ස් වැඩ කරනවා. හැබැයි ඒ වෙලාවටම dialog connection එකකින් බැලුවාම ඒ සයිට් ගැටලුවක් නැතුව ලෝඩ් වෙනවා. Router එක restart කරාම ආයෙත් ගැටලුවක් නැතුව වැඩ කරන්න ගන්නවා. වැඩ කරන ගමන් සමහර වෙලාවට එහෙම උනාම ටික වෙලාවකින් නිකන්ම හරි යනවා. directly ip එක type කරලා යන වෙබ් සයිට් වැඩ කරන්නෙ නැතුව යනවා. මුලු network එකටම මේ ගැටලුව තියනවා. Router එකේ firewall off. මේකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද?