මේ ආණ්ඩුව තරමට මෝඩ තකතීරු අමනෝඥ ආණ්ඩුවක් මෙතෙක් බලයට පැමිණ නැති තරම්. දැන් ෆේස්බුක් එකට මුවාවෙලා තමන්ගේ නොහැකියාව වසාගන්න බලනවා. ආණ්ඩුව හිතනවා ඇති ෆේස්බුක් වාරණයෙන් තමන්ගේ වැඩබැරිකම වහගන්න පුලුවන් කියලා . ඒත් ඔවුන් දන්නේ නෑ දැනටමත් ලක්ෂ ගානක තරුණ ඡන්ද මේකෙන් ඔවුන් අහිමි කරගත් බව. මිලියන යකට වැඩි ඡන්ද ප්‍රමාණයක් මේ අවකාශවල සංසරණය වෙනවා. ඒ ටික සහමුලින්ම නැති කරගෙන බලය රැකගන්න යාම තරම් මෝඩකමක් තවත් තිබිය නොහැකියි .
නුවර සිද්ධිය සමානයි අලුත්ගමට.ඒත් මහින්ද රාජපක්ෂ මහතා ඒ තත්ත්වයන් පාලනය කිරීමට ෆේස්බුක් වාරණය කරන්න ගියේ නෑ. එදා මහින්ද රාජපක්ෂ මේ පියවර දවසකට හරි ගත්තා නම් විකල්ප ගොත්‍රයේ තක්කඩි සහ එන්ජිඕ බැලයන් වාරණයට එරෙහිව මොනවගේ නාඩගමක් එදා නටන්නට ඉඩ තිබුණේ ද? අද ඔවුන්ට මේ වාරණය එච්චර ගැටලුවක් නෙමෙයි. භාෂණයේ, ලේඛනයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස උපරිමයෙන් ඉල්ලා මරාගෙන මැරෙන්න වීදි බැහැපු අය මේ ආන්ඩුව ගෙනියන මර්දනය හමුවේ ගොලුවන් වගේ. එක අතකට රාජපක්ෂ ආණ්ඩුවෙන් භාෂණයේ ලේඛනයේ නිදහස ඉල්ලපු සුපිරි ජාත්‍යන්තරවාදීන් ලෙස පෙනී හිටපු තක්කඩින්ගේ රෙද්ද කැඩුණ එක නම් බොහොම හොදයි.
මේ ෆෙස්බුක් මර්දනය එන්නේ ඊනියා ජාතිවාදයක් තුරන් කර ගැනීමට නොව ආණ්ඩු විරෝධය අවම කරගැනීමට අතීසාරයට අමුඩය ගැසීමේ උපක්‍රමයක් ලෙසය. තෙල්දෙණියේ සිංහල තරුණයා මුස්ලිම් පිරිසක් පහර දී මරා දැමූ පසු (පහර කෑ තරුණයා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඉතා අසාධ්‍යව සිටියදී පහර දුන් අයට ඇප දී නිදහස් කිරීමත් ගැටලුවක් ) ආන්ඩුව කලේ ඒ අහඹු සිදුවීම තරමක් වැවෙන්නට ඉඩ දී එය දේශපාලන වාසියකට පෙරළා ගැනීමේ කාලකණ්ණිකමයි. මේ නීච ක්‍රියවට අනුබලය සැපැවූවේ අන් කවරෙකුත් නොව රනිල් වික්‍රමසිංහ බව නොතේරෙන අය සිටිය නොහැකියි. ඔහුට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒ මේ සංවාදයක් පැවැති මොහොතක ඔහුට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයෙන්ම කැරැල්ල යළිත් වර්ධනය වීගෙන ඒම වලක්වා ගත්තේ නුවර ගින්නට ඉඩ දී රටේ ප්‍රමුඛ අවධානය ඒ වෙතට යොමු කිරීමෙනි. ඒ මුවාවෙන් තමන්ට එරෙහි මතවාදය සමාජගත වන සමාජ මාධ්‍යද වාරණය කරගත් අතර දැන් ගින්නෙන් පසු අවධාන ඒ වෙතට යොමුකර තිබේ. දැන් සංවාදය ෆේස්බුක් වාරණය කරන්නේ ද නැද්ද යන්නයි. ප්‍රශ්න යටපත් කරගැනීමට ගත් මරිමෝඩ තීරණවලට උත්තර පෙබරවාරි 10 ජනතාව ලබාදුන් අතර මේවටත් උත්තර ඉදිරි ඡන්දයකදී ලැබෙනු නියතයි. දැනට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධයට තියෙන්නේ බලයට පැමිණ පැය විසිහතරක් යන්නටත් මත්තෙන් වාරණයකින් තොරව සියලු සමජ ජාල නිදස් කරන බව මාධ්‍ය සාකච්ඡාවක් කැදවා රටට ප්‍රකාශ කිරීම පමණි. එය නොමිලේ වයිෆයි දෙනවා කියනවට වඩා ප්‍රායෝගිකව කල හැකි ආකර්ෂණීය ඡන්ද පොරොන්දුවකි, මාතෘකාවකි. බලය රැකගැනීමට දරන ආණ්ඩුවේ මෙවැනි නිර්ලජ්ජිත නිස්සාර උත්සාහයන් අනිවාර්යයෙන්ම පරාජය කලයුතු අතර මතක තබා ගන්න මේ ආණ්ඩුව බලයට පැමිණි දින සීය ඇතුළත කලේ දෙමළ ජාතිවාදය පතුරවපු බෙදුම්වාදය පෝෂණය කරපු ටැමිල් නෙට් වෙබ් අඩවිය පවා නිහදස් කිරීමයි. ඒ නිසා මේක ජාතිවාදය පිටුදකින ආණ්ඩුවක් නොව සුළු ජාතික ජාතිවාදය පෝෂණය කරන සිංහල විරෝධී ආණ්ඩුවක්. ඔවුන් අන් අයට ජාතිවාදීන් කියන්නේ මේ ඇත්ත වසන් කර ගැනීම සදහායි. ඒ නිසා ජාතිවාදය මුවාවෙන් ෆෙස්බුක් දඩයමටත් සිංහල තරුණයන් අත්අඩංගුවට ගැනීමටත් විරුද්ධ වෙමු. තොරතුරු දැනැගැනීමේ අයිතිය ලේඛනයේ භාෂණයේ නිදහස ගැන කතා කරමින් බලයට ආපු මේ ආණ්ඩුවේ තක්කඩි වාරණය කිරීම් වලට එරෙහි වෙමු. මොකද මොවුන් බලයට ආවේ වාරණයට එරෙහි වීම ප්‍රබල සටන් පාටයක් කරගෙනය.
රත්තනදෙණියේ මේධානන්ද හිමි.