Software ටික එකින් එක install කර කර ඉන්නෙ නැතිව ඔක්කොම එක

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Softwareටික එකින්එක නැතිව ඔක්කොම එකපාර install කරලදාම&#354

    ඔයාල දන්නවනෙ ඉතින් අපේ PC එක format කරල windows දාන්න වුනාම අපි install කරල තිබ්බ අපි නිතර භාවිතා කරන software කෑලි ටික(ඒ කියන්නෙ ඔය VLC Player එක, KM Player එක, FireFox, එතකොට Skype වගේ ඒව ටික) ආයෙ මුල ඉඳන්ම එකින් එක install කරන්න ඕනි. එකින් එක install කරන එක මහ එපාවෙන වැඩක්. ඉතින් මෙන්න ඒකට විසඳුමක්; Ninite.
    Ninite.jpg


    මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.
    1. ඔයාල Ninite website එකට ගිහාම එතන අපි නිතර භාවිතා කරන ජනප්‍රිය apllication list එකක් තියෙනව. ඔයා එතනින් ඔයා නිතර භාවිත කරන ඔයා කැමති application ටික select කරන්න.

    2. ඊට පස්සෙ Get Installer කියල තියෙන button එක click කරන්න. එතකොට ඔයාලට ඔයාල select කරපු ඔක්කොම application ටික එකපාර install කරගන්න පුලුවන් installation file එක download වෙයි.

    දැන් හරි. දැන් ඉතින් ඔයාට ඕනෙ වෙලාවක මේ file එක run කරල ඔයාල කලින් එකින් එක install කරපු application හුඟක් ඒව එකපාර install කරගන්න පුලුවන්.

    දැන්ම Ninite website එකට ගිහින් වැඩේ පටන් ගන්න මෙතන කොටන්න. ආහ්.. තවදෙයක් කියන්න අමතක වුනා. මෙච්චර වෙලා කතාකලේ windows use කරන කස්ටියට. Linux use කරන කස්ටිය ඉන්නව නම් මෙතන කොටල වැඩේ පටන් ගන්න. Good Luck!


     
    Last edited: