Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන APIs, YouTube Channels, VS Code Extensions, Libraries, Websites Mega Thread !! 🔴

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේ තියෙන්නේ මට මෙච්චර කාලෙකට සෙට් වුන Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන Chrome Extensions, VS Code Extensions, Websites, APIs Apps, Libraries හා YouTube Channels කීපයක්. මෙතන තියෙන සමහර එව්වනම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. ඔයගොල්ලොන්ටත් හම්බුන මේ වගේ Programmers ලට වැදගත් වෙන තව එක එක ජාතියෙ courses, tools, libraries, software packages, YouTube Channels වගේ එව්වා තියෙනවනම් පල්ලෙහා Reply එකකින් දාගෙන යන්න. මටත් අලුතෙන් සෙට් වෙන tools එහෙම මං අලුත් Replies වලින් පල්ලෙහායින් add කරන්නම්.
    P.S. - මං හිතුවට වඩා මේ Thread එක සෑහෙන්න දිග වුනා!! :baffled:





    සේරටම කලින් මට සෙට් වුන email Newsletters ටිකක links ටිකක් මං දාලා ඉන්නම්. ඔයගොල්ලො ගිහින් මේ Newsletters වලට Sign-up වෙන්න. මං අලුතෙන් මේ ලෝකෙට එන technologies ගැන එහෙම update වෙන්නේ මේ Newsletters ටික කියවලා. මොකද මං අහලා තියෙන විදිහටනම් IT Field එකේ ඉන්න කට්ටියට programming languages ඉගෙනගන්නවටත් වඩා කරන්න අමාරුම වැඩේ අලුතෙන් එන technologies ගැන "update" වෙලා ඉන්න එක. මොකද ලෝකෙ ඉතාමත් ශිග්‍රයෙන්ම දියුණු වෙන filed එකක් තමයි IT Field එක කියන්නේ. අපි "මේ අවුරුද්දේ" ඉගෙනගත්ත දෙයක් සමහර විට "ලබන අවුරුද්ද" වෙනකොටම outdated වෙලා ඊට වඩා හොඳ technology එකකින් ඒ පරණ technology එක replace වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ Newsletters ටික කියවන්න. ගොඩක් වෙලාවට මේ Newsletters ටික release වෙන්නේ සතියකට සැරයක් ගානේ. ඒ හින්දා කිසිම ගේමක් නැතුව මේ ටික ඔයාලට කියවන්න පුළුවන්. තව Gmail එකට ගිහින් අලුතෙන් labels ටිකක් හදලා ඒ labels වලට මේ එන Newsletters ටික Move කරලා හෙන පිළිවෙලකට මැච් එක ගහගන්න පුලුවන්නම් තවත් හොඳයි.

    https://tldr.tech/
    (මේක නම් පට්ටම පට්ට!! හැබැයි මේක Daily Newsletter එකක්. Science, Technology, Programming, Web Development, Data Science, Big Tech & Startups වගේ හැම මගුල ගැනම updates තියෙන සුපිරිම Newsletter එකක් මේකෙන් අපිට දිනපතාම එවනවා. මං නම් කැමතිම Newsletter එක මේක. ඒත් ඉතින් ඔයගොල්ලො පුරුද්දකට වගේ හැමදාම Newsletters කියවන්නේ නැත්තං මේකෙන් එවන Newsletters ගොඩගැහෙන්න පුළුවන්. අනිත් එව්වා නම් Weekly Newsletters. එව්වගෙ නම් එහෙම ගොඩගැහෙන අව්ලක් නෑ.)

    https://www.smashingmagazine.com/the-smashing-newsletter/
    (මේක Front-End and UX Design ගැන තියෙන Newsletter එකක්. මේකත් පට්ට!!)

    https://cooperpress.com/publications/
    (මේක ඇතුලේ එක එක Weekly Newsletters කීපයක්ම තියෙනවා. ඒ Newsletters අතරින් ඔයගොල්ලොන්ගෙ Specific Field එකට අදාළ Newsletters වලට ඔයගොල්ලෝ sign-up වෙන්න. මං නම් Sign-up වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ මෙන්න මේ Newsletters ටිකට.)
    https://javascriptweekly.com/
    https://frontendfoc.us/
    https://nodeweekly.com/
    https://react.statuscode.com/
    (මේ වගේ තව එක එක Languages වලට හා Technologies වලට අදාලව ඒ ගොල්ලෝ වෙන වේනම් Weekly Newsletters Release කරනවා.)

    https://hackernewsletter.com/
    https://changelog.com/weekly
    (මේ දෙකත් පට්ට!)

    https://stackshare.io/weekly
    https://webtoolsweekly.com/
    (මේ Newsletters දෙකේ Developers ලට වැදගත් වෙන අලුතෙන් release කරපු tools ගැන එහෙම විස්තර තියෙනවා.)

    https://www.freecodecamp.org/email-sign-up/
    (මේක freeCodeCamp එකේ Newsletter එක. මේකෙත් අධ්‍යාපනික resources සෑහෙන තොගයක් තියෙනවා.)





    පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන Chrome Extensions කීපයක්.

    Wappalyzer
    https://chrome.google.com/webstore/detail/wappalyzer-technology-pro/gppongmhjkpfnbhagpmjfkannfbllamg

    මේකෙන් ඕනෑම Web App එකක Tech Stack එක නිර්මාණය කරද්දී ඒ සඳහා යොදාගෙන තියෙන tools ටික පෙන්නනවා.

    Wappalyzer.PNG



    Grepper
    https://chrome.google.com/webstore/detail/grepper/amaaokahonnfjjemodnpmeenfpnnbkco?hl=en

    අපි මොකක් හරි Programming වලට අදාළ ප්‍රශ්නයක් Google එකේ Search කරද්දී ඒ ප්‍රශ්නෙම මිට කලින් search කරලා ඒකට ගැලපෙන උත්තරයක් හොයාගත්ත මනුස්සයෙක් ඒ උත්තරේ Grepper එකට add කරලා තිබ්බනම් Grepper විසින් ඒක Code Snapshot එකක් විදිහට Search Results වල උඩින්ම පෙන්නනවා.

    Grepper.PNG



    You Search Engine
    https://you.com/
    මේක Software Developers ල සඳහාම නිර්මාණය කරපු Search Engine එකක්. මේකෙත් Chrome Extension එකක් තියෙනවා. හැබැයි ඒ Chrome Extension එක පාවිච්චි කරනවට වඩා කරන්න තියෙන හොඳ ම වැඩේ තමා කෙලින්ම උඩ තියෙන Link එකට ගිහිල්ලා you com Search Engine එක පාවිච්චි කරන එක. මොකද මේකේ Chrome Extension එක Install කරගත්තොත් එහෙම Google Search Engine එක you com Search Engine එකෙන් Replace වෙනවා. එතකොට ඒක හෙන වාතයක් වෙනවා. මේකෙන් Coding වලට Related මොනවහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට අදාළ උත්තර වල Code Snapshots එහෙම කෙලින්ම Search Results වල උඩින්ම පෙන්නනවා.

    you 4.png



    Gitpod
    https://chrome.google.com/webstore/detail/gitpod-always-ready-to-co/dodmmooeoklaejobgleioelladacbeki
    මේක ඇවිල්ලා Github Repo එකක් Browser එකෙන් VS Code Project එකක් විදිහට open කරලා පාවිච්චි කරන්න පුළුවන්කම සලසලා දෙන Extension එකක්. Github Repo එකකට ගිහිල්ලා නිකන්ම > button එක ඔබලත් ඒ Repo එක Browser Based VS Code Project එකක් විදිහට open කරන්න පුළුවන්. හැබැයි එහෙම open කරන VS Code එකේ terminal එක වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒත් Gitpod පාවිච්චි කරනවානම් අපි normally desktop එකේ VS Code පාවිච්චි කරනවා වගේම Browser එකෙත් VS Code පාවිච්චි කරන්න පුලුවන්. VS Code Terminal එකත් Browser එක ඇතුලේ ඉඳගෙනම පාවිච්චි කරන්න පුළුවන්.

    gitpod.png






    පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන VS Code Extensions ටිකක්. මෙව්වා Language-Specific Extensions නෙමෙයි. පොදුවේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් Extensions.

    Code Time
    https://marketplace.visualstudio.com/items?itemName=softwaredotcom.swdc-vscode
    මේකෙන් ඔයාගේ Coding Time එක monitor කරන්න පුළුවන්. ඔයා Actively Code කරමින් හිටපු කාලය හා ඔයා Code කරන්නේ නැතුව නිකංම Screen එක දිහා බලාගෙන හිටපු කාලය වෙන වෙනම Detailed Report එකක් විදිහට Statistics එක්කම ඔයාට මේ Extension එකෙන් බලාගන්න පුළුවන්.

    Emoji 😜
    https://marketplace.visualstudio.com/items?itemName=Perkovec.emoji
    මේ Extension එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. මේක පාවිච්චි කරලා Command Palette එකෙන් Emojis insert කරන්න පුළුවන්.

    Prettier
    https://marketplace.visualstudio.com/items?itemName=esbenp.prettier-vscode
    මේකනම් හැමෝම දන්න Extension එකක් වෙන්න ඕනේ. මේක Install කරගෙන මොකක් හරි Language එකකින් Code එකක් ලියලා alt + shift + F එබුවහම ඒ code එක හැමෝටම පහසුවෙන් කියවගන්න පුළුවන් වෙන විදිහට Format වෙනවා. තව ඔය පොඩි පොඩි semicolon එහෙම දාන්න අමතක වෙලා තිබ්බොත් alt + shift + F ඔබපු ගමන් එව්වත් ඉබේම add වෙනවා. මේක ඕනෑම language එකකට වැඩ. මේක නම් ඉතින් හැම programmer කෙනෙක් ගාවම අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ Extension එකක්.

    Code Spell Checker
    https://marketplace.visualstudio.com/items?itemName=streetsidesoftware.code-spell-checker
    මේකනම් Life-Saving Plugin එකක්. 🤩 Programmer කෙනෙක්ගේ ජීවිතේට එන්න පුළුවන් ප්‍රශ්න වලින් ලොකුම ප්‍රශ්නයක් තමා මොකක් හරි පොඩි Spelling Mistake එකක් නිසා සම්පූර්ණ Code එකම වැඩ කරන්නේ නැතුව යන එක. මේකෙන් ඔයගොල්ලෝ ලියන Syntax, Variables, Functions, Values, Comments වගේ හැම එකකම මොකක් හරි Spelling Mistake එකක් / Typo එකක් තියෙනවද කියලා Check කරනවා. ඔයගොල්ලෝ CamelCase එකෙන් Variables එහෙම නම් කරලා තිබ්බත් මේ Extension එකෙන් එහෙම CamelCase එකෙන් ලියපු Code වලත් Spelling Mistakes තියෙනවද කියලා Check කරනවා.

    Bookmarks
    https://marketplace.visualstudio.com/items?itemName=alefragnani.Bookmarks
    මේකත් පට්ට වටින extension එකක්. මේක පාවිච්චි කරලා Code එක ඇතුලේ තැනින් තැන Bookmarks Create කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ තැන් වලට ලේසියෙන්ම මේ Bookmarks පාවිච්චි කරලා Navigate කරන්න පුළුවන්.

    indent-rainbow
    https://marketplace.visualstudio.com/items?itemName=oderwat.indent-rainbow
    මේක install කලාම Code එකක Opening and Closing Tags දෙක හෝ Parenthesis අතරේ පාට තීරුවක් ඇඳෙනවා. ඒ පාට තීරුව දිගේ ඇහැ ගෙනිච්චහම ලේසියෙන්ම Closing Parenthesis එක හෝ Closing Tag එක තියෙන ස්ථානය හොයාගන්න පුළුවන්.

    Polacode
    https://marketplace.visualstudio.com/items?itemName=pnp.polacode
    මේක පාවිච්චි කරලා ලේසියෙන්ම Code Snapshots Create කරන්න හා Share කරන්න පුළුවන්.

    vscode-icons
    https://marketplace.visualstudio.com/items?itemName=vscode-icons-team.vscode-icons
    මේක install කරගත්තහම අපි project එකක් ඇතුලේ create කරන Folders හා Files වලට ඒ ඒ File එකට හෝ Folder එකට ගැලපෙන icon එකක් add වෙනවා .

    Live Share Extension Pack
    https://marketplace.visualstudio.com/items?itemName=MS-vsliveshare.vsliveshare-pack
    මේක මං නම් පාවිච්චි කරලා නෑ. හැබැයි මං හිතන්නේ Software Companies වල job කරන කට්ටියනම් මේ Extension එක හැමදාම පාවිච්චි කරනවා ඇති. මේක පාවිච්චි කරලා real time විදිහට programmers ල දෙතුන්දෙනෙක්ට එකට එකතු වෙලා "එකම" project එකක් open කරගෙන ඒ හැමෝටම ඒ project එක ඇතුලේ Type කරන්න, Debug කරන්න වගේ වැඩ කරන්න පුළුවන්ලු. ඒ ගොල්ලොන්ට එහෙම Collaboratively වැඩ කරන ගමන් Audio Chat හා Text Chat කරන්නත් පුළුවන්ලු මේ Extension එකෙන්. මට තේරුණ විදිහට නම් මේක පට්ට වටින Extension එකක්.





    මේකේ ඉතුරු ටික මං මේ Thread එකේ පලවෙනි Reply එකෙන් දාන්නම්. ElaKiri එකේ දාන Message එකක Characters ප්‍රමාණය 10000 ඉක්මවන්න බෑ කියලා Warning Alert එකක් මට දැන් ආවා.
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන YouTube Channels කීපයක්.

    Fireship - මේක තමා මගේ ආසම YouTube Channel එක. Programming සහ Web Development ලෝකේ සිද්දවෙන දේවල් ගැන Update වෙන්න සහ අලුතෙන් එන Technologies ගැන මූලික දැනුම ගන්න තියෙන ලේසිම ක්‍රමය තමා මේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න එක.
    https://www.youtube.com/c/Fireship

    freeCodeCamp.org - මේකනම් පට්ටම වටින Channel එකක්. මේකේ Courses හිතාගන්නවත් බැරි තරම් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. Free courses වල පැය දහස් ගණනක video content මේ YouTube Channel එකේ තියෙනවා.
    https://www.youtube.com/c/Freecodecamp

    Traversy Media
    https://www.youtube.com/c/TraversyMedia

    JavaScript Mastery
    https://www.youtube.com/c/JavaScriptMastery

    The Net Ninja
    https://www.youtube.com/c/TheNetNinja

    Flutter Mapp
    https://www.youtube.com/c/FlutterMapp

    DesignCourse
    https://www.youtube.com/c/DesignCourse

    Web Dev Simplified
    https://www.youtube.com/c/WebDevSimplified

    codeSTACKr
    https://www.youtube.com/c/codeSTACKr

    Envato Tutes+
    https://www.youtube.com/c/tutsplus

    DesignCode
    https://www.youtube.com/c/DesignCodeTeam

    Adrian Twarog
    https://www.youtube.com/c/AdrianTwarog

    NetworkChuck
    https://www.youtube.com/c/NetworkChuck

    edureka!
    https://www.youtube.com/c/edurekaIN

    TechWorld with Nana
    https://www.youtube.com/c/TechWorldwithNana

    Code with Ania Kubów
    https://www.youtube.com/c/AniaKubów

    Coder Coder
    https://www.youtube.com/c/TheCoderCoder

    codedamn
    https://www.youtube.com/c/codedamn

    Marcus Ng
    https://www.youtube.com/c/MarcusNg

    The Flutter Way
    https://www.youtube.com/c/TheFlutterWay

    James Bachini
    https://www.youtube.com/c/JamesBachini

    Codegrid
    https://www.youtube.com/c/Codegrid

    Online Tutorials
    https://www.youtube.com/c/OnlineTutorials4Designers

    EGATOR
    https://www.youtube.com/c/EGATORTUTORIALS

    CodingLab
    https://www.youtube.com/c/CodingLabYT

    Wizard LK - මේක ලංකාවේ අයියා කෙනෙක් කරන සිංහල content තියෙන සුපිරි channel එකක්.
    https://www.youtube.com/c/WizardLK

    පල්ලෙහා video එකේ තවත් Developers ල කීපදෙනෙක්ගෙම YouTube Channels ගැන සඳහන් වෙලා තියෙනවා.






    පල්ලෙහා තියෙන්නේ ඔයගොල්ලොන්ට වැදගත් වෙයි කියලා මට හිතෙන අනිත් එව්වා.

    Figma
    https://www.figma.com/
    මේක ඇවිල්ලා පට්ටම පට්ට browser-based design tool එකක්. (මේක Free විදිහට පාවිච්චි කරන්න පුළුවන් Software එකක්.) මේක නිකන් Adobe XD වගේ. හැබැයි ඒකට වඩා මේක සුපිරි. මේකෙන් Apps වල හා Websites වල Prototypes හදාගන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවලුත් මේකෙන් කරගන්න පුළුවන්. Web Design කරන කට්ටියට නම් මේක පට්ටම වටිනවා. Web Development සහ App Development කරන කට්ටියටත් මේක පට්ට වටිනවා. මේකෙන් හදන එව්වා අපිට Assets විදිහට Export කරල පාවිච්චි කරන්නත් පුළුවන්.

    Rive
    https://rive.app/
    මේක ඇවිල්ලා ලේසියෙන්ම Animations create කරලා එව්වා Assets විදිහට export කරගෙන අපේ Apps හා Websites වලට add කරගන්න පුළුවන් සුපිරිම browser-based app එකක්. මේකෙන් හදන්න පුළුවන් Animations දැක්කහම සිරාවටම පිස්සු වැටෙනවා. 🤩

    dev to
    https://dev.to/
    මේක ඇවිල්ලා Software Developers ලට වැදගත් වෙන Articles සෑහෙන තොගයක් තියෙන Website එකක්. මේකෙ දවසකට Articles සෑහෙන තොගයක් ලියවෙනවා.

    Medium
    https://medium.com/
    මේකත් Software Developers ලට වැදගත් වෙන Articles සෑහෙන තොගයක් තියෙන Website එකක්. මේකෙත් දවසකට Articles සෑහෙන තොගයක් ලියවෙනවා. ඔයගොල්ලොන්ට Software Development ලෝකේ අලුත් trends ගැන එහෙම දැනගන්න ඕනෙනම් මේකේ තියෙන articles කියවන එක ලොකුම ලොකු උදව්වක් වෙයි.

    https://dev.to/cruip/50-free-tools-and-resources-to-create-awesome-user-interfaces-1c1b#animations
    මේ article එකේ Front-end Developers ලට වැදගත් වෙන Tools and Resources 50 ක් ගැන සඳහන් වෙලා තියෙනවා. Photos and Videos, Illustrations, Palette, Typography, Animations and Effects, Iconography, Patterns and Shapes, Utility කියන Categories වලට ඒ Tools and Resources ටික බෙදා වෙන් කරලා තමයි මේ article එකේ දක්වලා තියෙන්නේ.

    Feedly
    https://feedly.com/
    මේක ඇවිල්ලා RSS Feeds ලේසියෙන්ම Organize කරගන්න පුළුවන් App එකක්. තමාට කියවන්න අවශ්‍ය කරන Articles වල RSS Feeds ටික මේ App එකට ගෙන්නගෙන ඒක හරහා ලේසියෙන්ම Article එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

    Reddit
    https://www.reddit.com/
    Reddit ගැනනම් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇතිනේ. ඒකෙත් Developers ලට ගොඩක් වටින subreddits කීපයක්ම තියෙනවා.

    Discord
    https://discord.com/
    මේක ගැනත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අහලා ඇතිනේ. මේකෙත් Developers ලට ගොඩක් වැදගත් වෙන Groups කීපයක්ම තියෙනවා.

    DevDocs
    https://devdocs.io/
    මේකෙ මේ ලෝකේ තියෙන හැම Programming Language එකකම හා Library එකකම Documentations ටික එකම තැනක තියෙනවා. අපිට ඕනෑම Library එකක හෝ Programming Language එකක Official Documentation එක මෙතනින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

    Daybook
    https://daybook.app/
    මේක ඇවිල්ලා Free Diary / Journal එකක්. ඔයගොල්ලො පුරුද්දක් විදිහට ඔයගොල්ලොන්ගේ Software Development Journey එකේ Progress එක හා Milestones ටික මේ Diary එකේ ලියන්න. එහෙම තමන්ගෙ Journey එක ගැන Report එකක් තියාගෙන ඉන්න එක ඔයගොල්ලොන්ට අනාගතේට ගොඩක් වැදගත් වෙයි.

    StackShare
    https://stackshare.io/
    ලෝකේ තියෙන companies ගොඩක් ඒගොල්ලොන්ගේ Tech Stack එකේ පාවිච්චි කරලා තියෙන Libraries and Tools මොනවද කියලා විස්තර මේ Website එකට අන්තර්ගත කරලා තියෙනවා. මොකක් හරි company එකක් (උදා: https://www.airbnb.com/ ) ඒගොල්ලොන්ගේ Web or Mobile Application එක හදද්දී පාවිච්චි කරපු tools මොනවද කියලා අපිට දැනගන්න ඕනේ වුනොත් එහෙම මේ Website එකෙන් ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් මොකක් හරි Library එකක් හරි Tool එකක් හරි මේ ලෝකෙට ආවොත් ඒ ගැන විස්තරත් මේ Website එක කියෙව්වොත් ලේසියෙන්ම දැනගන්න පුළුවන්.

    Firebase
    https://firebase.google.com/
    මේක ඇවිල්ලා Google එකට අයිති සුපිරිම Backend-as-a-Service එකක්. මේකෙ Real Time Database, Authentication, Web Hosting, Serverless Computing, Push Notifications, Google Analytics වගේ Features හැම එකක්ම අන්තර්ගත වෙලා තියෙනවා. Web and Mobile Applications නිර්මාණය කරන ක්‍රියාවලිය ගොඩක්ම පහසු කරවන Development Platform එකක් තමයි මේක.

    Stack Overflow
    https://stackoverflow.com/
    මේක ගැන නම් ඔයගොල්ලො අනිවාර්යෙන්ම දන්නවා ඇති. ඔයගොල්ලෝ ලියපු Code එකේ මොකක් හරි error එකක් හෝ Bug එකක් ආවොත් ඒ ගැටලුව හොඳට පැහැදිලි කරලා මේ Website එකේ Post කරන්න. එතකොට මේ Website එකේ ඉන්න Community එකේ කට්ටිය ඒ ප්‍රශ්නෙට ගැලපෙන Solution එකක් ඔයාට ඉදිරිපත් කරයි. ඔයාට පැන නැගුණු ප්‍රශ්නයම මීට කලින් පැන නැඟුණු එක්කෙනෙක් ඒ ප්‍රශ්නෙ මේ Website එකේ දැනටමත් Post කරලා තිබීමට ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේ වෙලාවල් වලට ඒ Post එකට දාලා තියෙන solutions ටික කියවීමෙනුත් ඔයාට ඔයාගේ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරය ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වෙයි.

    https://www.aternity.com/blogs/the-50-best-javascript-libraries/
    මේ Article එකේ Web Developers ලට වැදගත් වෙන Libraries 50 ක් ගැන විස්තර අන්තර්ගත වෙලා තියෙනවා.

    https://rapidapi.com/blog/most-popular-api/
    මේ Article එකේ Web Developers ලට වැදගත් වෙන APIs 50 ක් ගැන විස්තර අන්තර්ගත වෙලා තියෙනවා.





    පල්ලෙහා තියෙන්නේ මට හම්බුන Software Development වලට අදාල Courses තියෙන Websites. එව්වට ගිහින් ඔයගොල්ලොන්ට ගැලපෙන Courses තෝරගන්න.

    https://www.udemy.com/

    https://www.coursera.org/

    https://www.udacity.com/

    https://www.freecodecamp.org/

    https://fireship.io/

    https://www.skillshare.com/

    https://www.linkedin.com/learning/

    https://www.pluralsight.com/

    https://www.w3schools.com/

    https://www.khanacademy.org/

    https://www.codecademy.com/

    https://www.edureka.co/

    https://www.simplilearn.com/

    Course එකක් Download කරගන්නේ කොහොමද කියලා පල්ලෙහා Thread එකේ ලියැවිලා තියෙනවා.

    Thread 'Course එකක් හරි Seeds අඩු ඕනෑම File Size එකක Torrent එකක් හරි ලේසියෙන්ම Free Direct Download කරගන්නේ මෙහෙමයි' https://elakiri.com/threads/course-එකක්-හරි-seeds-අඩු-ඕනෑම-file-size-එකක-torrent-එකක්-හරි-ලේසියෙන්ම-free-direct-download-කරගන්නේ-මෙහෙමයි.2055289/





    ඔයගොල්ලොන්ටත් සෙට් වුන මේ වගේ එක එක ජාතියේ එව්වා තියෙනවනම් පල්ලෙහා Reply එකකින් දාගෙන යන්න. මටත් සෙට් වෙන අලුත් දේවල් මං අලුත් Replies වලින් මේ Thread එකට add කරන්නම්.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකේ දාල නැත්නම් මන් දානවා කියල හිතන් හිටිය list එකක් තිබ්බා.. පළවෙනි reply දෙක කියවල බලද්දී ඒ සේරම දැනටමත් දාලා 😂good work bro.. Tfs :yes:❤️