News ycombinator කියන වෙබ් අඩවිය ගැන නොදන්න කෙනෙක් නෑනේ. මේ වෙබ් අඩවිය ගැන, එකට දාපු post මිලියන 1.15 ක් එක්ක පහුගිය දවසක කරපු data analysis එකෙදී පුළුවන් වෙනවා පැහැදිලිවම ඔය පහළ තියෙනවා වගේ යුග 6කට බෙදන්න පුළුවන්.
2006–2009 — Web 2.0 + Hacker Culture
2010–2012 — Mobile Goes Mainstream
2013–2015 — Startup / VC / Growth Era
2016–2018 — Cloud + DevOps Takes Over
2019–2021 — Data + Systems + Pandemic Shock
2022–2026 — Generative AI + Policy/Safety Era
මෙන්න මේ කියන යුග වල සිද්ද වෙච්ච වෙනස්කම්, කොහොමද ඒ වෙනස්කම් කාලයත් එක්ක ටික ටික ගොඩ නැගුණේ කියන එක එහෙම ම මේ news.ycombinator එකේ තියෙනවා අපි dairy එකක් ලිව්වා වගේම.
මට මේ site එක ගැන කියපු Harsha Siriwardena ව මට මුලින් ම හම්බ වෙන්නෙත් Hackathon එකකදි. ඔය 2012-2015 කාලේ තිබ්බ startup trend එක එහෙම ඇත්තට ම ඒ කාලේ ඉදලා industry එකේ හිටපු අය witness කරා. Wso2 එකෙන් දවස් දෙකක Hackathon එකක් එහෙමත් තිබ්බ. පස්සේ ඔය Hackathon ටික එහෙම්මම අඩු වෙලා ගියා. ඔව්ව ගැන එහෙම මේ diary එකේ ලස්සනට ලියැවිලා තියෙනවා.
මේකේ මම දැක්ක තව ලස්සන charts කීපයක් තමා Software industry එක ම http වල ඉදලා Https වලට මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක, පහුගිය අවුරුදු 3නෙ කොහොමද ප්රශ්න අහන එකේ ඉදලා අලුත් දේවල් හදන්න මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක (මේ chart එක ගැන නන් වෙනම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා). ආයේ database trend එක.
මේ report එකේ මම පුළුවන් උපරිම එකතු කරන්න පුළුවන් reports එකතු කරලා publish කරාට සම්පූර්ණ data analysis එකෙන් 20%ක් විතර වගේ තමා ඔය එකතු වෙලා තියෙන්නේ. තව මෙතනට එකතු කරපු නැති report එහෙමත් ගොඩක් තියෙනවා.
ඒ නිසා, මම හිතාගෙන ඉන්නේ ඔයා එක එක charts ගැන වෙන වෙනම පෝස්ට් දාන්න ඒ නිසා මේ ගැන ගොඩක් මේ post එකේ ලියන්නේ නෑ,
මේ ලින්ක් දෙකේ තියෙනව Detail Analysis එකක්.
https://dewmal.substack.com/p/hacker-news-is-a-living-time-capsule
මෙතන තියෙනව report එක
https://hn.insight.syigen.com/
ඔය වගේ report එකක් හදන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් හරි මේ report එක ගැන හිතෙන්නේ මොනවද කියලා පහළින් comment එකක් දාන්න.
