SOLO Refund

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ තියෙන්නේ කලින් දාපු ත්‍රෙඩ් එක

    https://elakiri.com/threads/slt-payment-issue.2126387/

    මට දැන් සති දෙකකට විතර කලින් refund එක හම්බුනා. වැඩේ උනේ මෙහෙමයි. මං සීන් එක කියලා මේල් එකක් දැම්මා. ඊටපස්සෙ customer service එකේ කෙල්ලෙක් කතා කලා. කේස් එක වෙලා මාස 3,4ක් ගිහින් හින්දා ඒකි නිකන් refund කරන එක ෂුවර් නැති කතාවක් කිව්වා. (මට ඉතින් ටිකක් මල පැන්නා, හරිද :frown:) මං ඒ පාර කිව්වා මගෙ account එක තියෙන branch එකෙන් කිව්වෙ bank එකේ අවුලක් නැතිය, slt එකේ අවුලක් වෙන්න ඕනෙය කියලා, ඒ හින්දා slt එකට complaint එකක් දාලා උන් එහෙම payment එක ඇවිත් නැතෙයි කියනකන් මට මාස තුනක් බලන් ඉන්න උනාය කියලා. ඒ පාර ඒකි "හරි සර්, මේකට මොනවද කරන්න පුළුවන් කියලා අපි බලලා කියන්නම්" කියලා තිබ්බා. සතියක් විතර ගියා එත් මොකුත් ආරංචියක් නෑ. ඒ පාර මං ආයේ මේල් එකක් දැම්මා. පහුවදා උදේ ආපහු කෝල් එකක් ආවා. ෆෝන් එක දෙපාරයි රිං උනේ, අතට ගද්දිම කට් උනා. ඒ නම්බරේට ආයේ ගත්තම උන්ගේ hot line එකේ රෙකෝඩින් එකක් යනවා. ඒකෙන් උන්ගෙ agent කෙනෙක්ව contact කරගන්න විනාඩි 10ක් විතර ලයින් එකේ හිටියා, එත් හැම එකාම බිසී. තුන් පාරක් විතර හවස් වෙනකන් try කළා, ඒත් මොකෙක්වත් ගත්තේ නෑ.

    එදා රෑ ආපහු මං මේල් එකක් දැම්මා ඔය ටික කියලා (ටිකක් තද tone එකකින් :frown:). පහුවදා ආපහු අර වෙලාවටම උන් කෝල් කළා. මං රෙඩි පිට ඉඳලා ආන්සර් කළා. එදත් කෙල්ලෙක් ගත්තෙ. ඒකි කිව්වා payment එක reverse කරන්න පුළුවන්, ඒකට මං dispute එකක් දාන්න ඕනෙ කියලා. ඒකට අදාළ ෆෝම් එක site එකෙන් download කරගන්න හැටි කියලා, ඒක පුරවලා, sign කරලා මේල් එකක් දාන්න කිව්වා උන්ගේ cs එකට. මාත් ඉතින් pdf එකම එඩිට් කරලා, e sign එක ගහලා දැම්මා (සම්පුර්ණ විස්තරේ ආපහු කියලා ලියුමකුත් attach කළා). ඒක දාලා මාසයක් හමාරක් ගියත් උන්ගෙන් ආපහු update එකක් එන පාටක් තිබ්බේ නෑ. මගෙත් රතු කට්ට පැනගෙන යන ගමන් තිබ්බෙ. ආපහු යන්න ඉතුරුවෙලා තියෙන්නේ consumer affairs එක විතරයි. ඒත් dispute එකකට solution එකක් දෙන්න දවස් 120ක් උපරිම යන්න පුළුවන් කියලා ෆෝම් එකේ තිබ්බා. ඒකට agree වෙලා තිබ්බ හින්දා 120 පනිනකන් මොකුත් කරන්නත් බෑ. ඒ හින්දා මං ආපහු මේල් එකක් දැම්මා update එකක් ඉල්ලලා (ඒකත් ටිකක් තද tone එකකින් :frown:). ඊට සතියකට පස්සේ අන්තරස්දාන වෙලා තිබ්බ ගාන මගෙ account එකට වැටිලා, උන් මේල් එකකුත් දාලා තිබ්බා වැඩේ හරි කියලා.

    ඕක තමා උනේ. ඒත් overall උන්ගේ සර්විස් එක ගැන මං නම් එච්චර සැටිස් නෑ උන් නිකන් කට්ට කමට මාව වටේ යවලා, මට එපා කරවන්න හදනවා වගේ feeling එකක් මට තිබ්බෙ (තාම එහෙමයි). මං මෙච්චර හරියක් type කලෙත් තව එකෙක්ට මෙහෙම එකක් උනොත් උන් එක්ක ගනු දෙනු කරන්න මේ විස්තර ටික වැදගත් වෙයි කියලා. කොහොම හරි අන්තිමට මගේ සල්ලි ටික හම්බුනු හින්දා මං සතුටින් :)
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,839
    23,446
    113
    මටත් ඔය කේස් එක උනා, අවුල තියෙන්නේ SLT පැත්තේ. උන්ට පේමන්ට් එක ගියාට System එකේ Update වෙන්නේ නෑ. Customer Care කතා කරලා Complain එකක් දාලා, SLT එකට, Consumer Affair Authority CC කරලා මේල් එකක් දැම්මා, පැයක් යද්දි Payment එක Update කරලා මේල් එකක් දාලා තිබුනා.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මටත් ඔය කේස් එක උනා, අවුල තියෙන්නේ SLT පැත්තේ. උන්ට පේමන්ට් එක ගියාට System එකේ Update වෙන්නේ නෑ. Customer Care කතා කරලා Complain එකක් දාලා, SLT එකට, Consumer Affair Authority CC කරලා මේල් එකක් දැම්මා, පැයක් යද්දි Payment එක Update කරලා මේල් එකක් දාලා තිබුනා.
    අනේ මන්දා බන්. අපි payment එක කරන්න බටන් එක එබුවට පස්සේ වෙන ටික උන් දෙගොල්ල බලාගන්න එපයි. slt payment update වෙන්න සමහර වෙලාවට සතියක් දෙකක් යනවා. ඒත් ඉතින් උනුත් payment එකක් ඇවිත් නෑ කියන්න මාස 3ක් තැටමුවනේ. අනිත් එක, බැංකුව පැත්තෙ අවුලක් නම් උන්ටත් එහෙම එකක් ඇවිත් නෑ කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ. ඉස්සෙල්ලා බැංකුව පැත්තෙන් transaction එක හරියට උනා කියලා ඔප්පු කරන එක බැංකුවෙ වැඩක්. initialize වෙන්නෙ එතනින්නෙ
     
    • Like
    Reactions: NRTG

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Frimi walin karaddi ewelema wage wenawane :unsure:
    මටත් කලින් නම් වෙලා නෑ. මේ සීන් එක වෙලා, teleshop එකේ manager ව හම්බෙන්න ගියාම පොර කිව්වෙ සමහර වෙලාවට සතියක් දෙකක් යනවා කියලා
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    කවුද බන් බුල ගහලා තියෙන්නෙ??
    බැංකුවද? slt උන්ද?
     
    • Like
    Reactions: AVES and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හච් එකෙන් ඔහොම වැඩක් කලා. හච් එකයි බැන්ක් එකයි දෙකටම කෝල් කලා උන් චෙක් කරන්නම් කියනව. දෙකෙන් එකක්වත් responsibility එක ගන්නෙ නෑ. බැංකුවයි, හච් එකයි, consumer එකයි තුනටම cc කරල ඇහුව කාලෙ නාස්ති කරන්නෙ නැතිව solution එකක් දෙන්න කියල. එදාම refund කලා. පස්සෙ එදාම බැංකුවෙනුයි, හච් එකෙනුයි දෙකෙන්ම කෝල් කරල උන් සමාව ගත්ත. මේල් කරලත් තිබ්බ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,118
    113
    @Solo Rider මු තමා ඔය app එක හදලා hnb එකට වික්කේ. මුට කෙස් එක දාපන්.මුගේ කෑල්ල තමා ෆෝන් වලින් ඔය කෝල් ගන්නෙත්. මු app එක හදනවට උගේ කෙල්ල bank එකට ගන්න ඕන කියලා අත යටින් සින් එකක් ගියා.
     
    • Haha
    • Love
    Reactions: AVES and NRTG

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කවුද බන් බුල ගහලා තියෙන්නෙ??
    බැංකුවද? slt උන්ද?
    බැංකුවට තමා ඉතින් වැඩි බර එන්නෙ. උන්ගේ ඇප් එකෙන්නෙ transaction එක පටන් ගන්නෙ. හරි නම් උන් ඉස්සෙල්ලම උන්ගේ පැත්ත clear කියලා prove කරන්න ඕනෙ. ඒත් ඉතින් slt එකත් තකට තක. උන් දෙගොල්ලම හරි වෙලා ඇප් එකෙන් බිල ගෙවපු මං වැරදිකාරයා වෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. මේ ලංකාවනෙ :rolleyes:

    @Solo Rider මු තමා ඔය app එක හදලා hnb එකට වික්කේ. මුට කෙස් එක දාපන්.මුගේ කෑල්ල තමා ෆෝන් වලින් ඔය කෝල් ගන්නෙත්. මු app එක හදනවට උගේ කෙල්ල bank එකට ගන්න ඕන කියලා අත යටින් සින් එකක් ගියා.
    ඔව් ඔව් වෙන්න පුළුවන්. මං ගෙවපු ගාන slt එකට නොයා උගේ එකවුන්ට් එකට යන්න හදාගෙන තිබ්බා වෙන්න පුළුවන්. වැඩේ මාට්ටු උනාම කෙල්ල දම්මලා ශේප් කරවලා ගේම අතාරින පාටක් නැති හින්දා ආපහු සල්ලි ටික රිටන් කරන්න ඇති. චෞර සුනඛයා :angry:
     
    • Like
    Reactions: Max_r