Sonnayo Duwala waren

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Engirisi terena un meka balapan :rofl::P

    bond-scam-cbr-pm.jpg


    NewsFirst Removes Ranils Cloths :rofl::rofl:
    https://www.facebook.com/NewsfirstS...mVNhBL-WqR5nTzmrLH5gfFG7e7ndPHzIHonXEkhFLqMvI

    You all have been taken for a Ride by the Sirisena :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Ammata udu. Sirasen Ponilata saratama arala neda? Ado meka telecast karoth ponilata gu yayi. Meka sure da sirasen haduwa ekak kiyala?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113


    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකාරයට පැය 24ක් අපට අවශ්‍ය නොවේ. ප්‍රවෘත්ති විකාශය කරන විනාඩි 22 ඇත්ත හෙළි කිරීමට අපට ප්‍රමාණවත් වේ.

    අගමැතිවරයා මාධ්‍යයට ඇඟිල්ල දිගු කළ ද බැඳුම්කර වංචාව හරහා රටට සිදු වූ පාඩුව ගැන මේ වනවිට මුලු රටම දනී.

    අර්ජුන මහේන්ද්‍රන් නමැති සිය මිතුරාත් ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් නමැත්තාත් සම්බන්ධ කරගනිමින් විනාඩි කිහිපයක් තුළ රටේ ජනතාවට සිදු කළ පාඩුව බිලියන 1.6 කි.

    විගණකාධිපතිවරයාගේ වාර්තාවලට අනුව අවුරුදු ගණනක් රැකියාව කර විශ්‍රාම ගන්නා අවස්ථාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන EPF අරමුදලට මේ වංචාවෙන් අහිමි වූ මුදල රුපියල් බිලියන 12.5 කි.

    බැඳුම්කර වංචාව හේතුවෙන් අවුරුදු 30ක් බිලියන ගණනක පාඩු විඳීමට රටේ ජනතාවට සිදු විය.

    මේ මහා වංචාව අනාවරණය වූ අවස්ථාවේ අගමැතිවරයා කළේ පක්ෂයේ නීතිඥවරුන් 3දෙනෙකුගේ කමිටුවක් පත් කර වාර්තාවක් සකස් කිරීමයි.

    මිතුරා තවදුරටත් මහ බැංකුවේ මුල්පුටුවේ තබා ගනිමින් පාර්ලිමේන්තුවේ පවා මේ වංචාව සාධාරීකරණය කිරීමට උත්සාහ කළේ ය.

    තවත් විශාල පිරිසක් සිටියදී තම පියා පමණක් ඉලක්ක වන්නේ මන්දැයි රවී කරුණානායක මහතාගේ දියණිය සමාජ මාධ්‍යවලින් ප්‍රශ්න කර තිබේ.

    දූෂණ විරෝධී සංවිධාන, දේශපාලන පක්ෂ තවදුරටත් චෝදනා කරන්නේ මේ වංචා සහගත ගනුදෙනුවට මුල් වූ පළමු සාකච්ඡාව තවත් අය විමර්ශනය කල යුතු බවයි.

    රටේ ජනතාවගේ මුදල් සොරා ගැනීමට අමතරව දැන් ජනතාවගේ විද්‍යුත් දත්ත ICTA ආයතනයට පත් කළ හිතවතුන් හරහා රැස්කර ගැනීමට උත්සාහ දරමින් සිටි. මේවා සිදුවන්නේ රටේ අණපනත් පවා නොසලකා හරිමිනි.

    දිගින් දිගටම මේ වංචා හෙළිවෙද්දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය මුවාවෙන් මාධ්‍යයට සීමා පැනවීමට උත්සාහ කළ නමුත් එය වැලකී ගියේ අප තනිවම අධිකරණය හමුවට ගොස් කරුණු පෙන්වා දීම හේතුවෙනි.

    19 වන සංශෝධනයෙන් මාධ්‍ය මර්දනයට අවස්ථාවක් නොලැබීම නිසා දැන් ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත නමින් අලුත් ලියවිල්ලක් සකස් කරමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාන බලමින් සිටියි.

    මිතුරන් හා හෙංචයියන් යොදාගෙන ජනතාවගේ මුදල් කොල්ලකමින් යන්නේ රටේ ජනතාව දිනෙන් දින ඉහළ යන දුප්පත්කමෙන් පීඩා විඳිමින් සිටියදී ය.

    රටට බත දෙන ගොවියා අද වනවිට කන්න 4 ක් වගා කිරීමට නොහැකිව දුක් විඳිමින් සිටි.

    ඔවුන්ට සහනාධාර ලබාදීමට මහ බැංකු බැඳුම්කරයෙන් අහිමි කළ මුදල යොදා ගැනීමට නොහැකි වූයේ ද?

    2017 අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 77 කට ආසන්න වේ.

    ඉන් පාසල්වල ගොඩනැගිලි වැනි යටිතල පහසුකම්වලට වෙන්ව ඇත්තේ රුපියල් මිලියන 500 ක පමණ මුදලකි.

    කන්දකුලියමුනේ රජයේ විද්‍යාලය සහ කල්පිටිය සින්ද්‍රාත්ත්‍රි මාතා විදුහලේ දරුවන්ට අධ්‍යාපනය හැදැරීමට ගොඩනැගිල්ලක් තනාදීමට වැයවන්නේ රුපියල් මිලියන 10කටත් පමණ අඩු මුදලකි.

    මහ බැංකු වංචාවෙන් අහිමි කළ මුදල් යෙදවූයේ නම් එවැනි ගොඩනැගිලි කීයක් ඉදි කළ හැකිව තිබුනේද?

    රටේ ජනතාවගෙන් 70,000 ක් ඉක්මවා වගුකඩු රෝගයෙන් පීඩාවිඳින අතර එක් ගම්මානයකටම පිරිසිදු ජලය දියහැකි මෙවැනි පිරිපහදු කීයක් මේ මුදලින් සක් කළ හැකිව තිබුනේද?

    ජලපිරිපහදු හදනවා වෙනුවට සිදුවූයේ බැඳුම්කර වංචාවට මුල්වූවන්ට බදු සහන ලබා දෙමින් මත්පැන් නිපදවීමේ කර්මාන්ත ශාලා ඉදිකරන්නට ඉඩදීමයි.

    ඉන් නොනැවතී රටේ ජනතාවගේ බඩගින්න නිවන්නට තිබූ හාල් තොගයක් ද මේ මත්පැන් නිපදවන්නන්ට ලබාදී තිබුණි.

    මේවා මෙසේ සිදුවෙද්දී ජාතික විගණන පනත තවමත් සිහිනයක් බවට පත් ව තිබේ.

    එය දැන් ඇත්තේ අගමැති කාර්යාලයේ ය.

    මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළේ නම් බැඳුම්කර වංචාකරුවන්ගෙන් ජනතා මුදල් යළි අය කර ගැනීමට විගණාකාධිපතිවරයාට බලතල හිමිවනු ඇති.

    එය දිනෙන් දින ප්‍රමාද කරමින් සිටින්නේ කවුරුන් ආරක්ෂා කිරීමට ද?

    කොළඹ නුවර අධීවේගී මාර්ගය, වොක්ස්වගන් කර්මාන්ත ශාලාව, හොරණ ටයර් කම්හල, ජාතික ගෙවීම් වේදිකාව මේවා රටේ ජනතාවට අමතක නොවනු ඇත.

    මේවා ජනතාව ඉදිරියේ අනාවරණ වෙද්දී මාධ්‍ය සමග උරණවන අගමැතිවරයා කෙරෙහි ජනතාවගේ මතය, ඔහු පරාජය වූ මැතිවරණ 29 ඉතා පැහැදිලිව පෙන්වා තිබේ.

    ඔබ සමගම සිටින දූෂණයට වංචාවට එරෙහිවන්නන් නිරන්තරයෙන් අප වෙත හෙළි කරන තොරතුරු ජනතාව වෙනුවෙන් අනාවරණ කිරීමට අප කිසිවිටක පසුබට නොවනු ඇත.

    රටේ ජනතාව මෝඩයින් නොවන බව ද අප යළි යළිත් සිහිපත් කරමු.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    පිල් දෙකයි. මහින්ද රනිල් රවි .. අනික සිරිසේන..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    20t31up.jpg


    උබලගේ අම්මල පොලු ඉරුවා කියල උබල පොලු උරනව කියල අපි මක් කරන්නද? කොන්ද පන නෑති පොන්සියෝ :P
     

    Similar threads