Sony dvd recorder ප්‍රශ්නයක්....

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    Sony dvd recorder ප්‍රශ්නයක්....

    යාළුවනේ මං ලඟ sony dvd recorder (RDR-HX720 160GB HDD) එකක් තියෙනවා. පිටින් වීඩියෝ එකක් දීල ඒක හාඩ් ඩිස්ක් එකට රෙකෝඩ් කරන්න පුළුවන්. පස්සෙ ඒ ඩීඩියෝ DVD වලට ගහගන්න පුළුවන්.
    ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් dvd write කරන්න බෑ. dvd බලන්නත් බෑ. ඉතින් හාඩ් එකේ තියෙන ඩීඩියෝ ටික ගන්න විදිහක් නෑ. ලෙන්ස් සුද්ද කරල දන්න සෙල්ලම් දැම්මා, එමමයි. (මේකෙ usb නෑ) ඉතින් මම හාඩ් එක ගලවලා මගේ pc එකට ගහල බැලුවා. පාටිෂන් පෙන්නන්නෙ නෑ. ආපහු රෙකෝඩර් එකට ගැහුවහම HDD ERROR කියන ලස්සන පනිවිඩේ එනවා.....
    මම නෙට් එකෙන් අරගෙන රිකවරි 2-3කින් පරණ ෆයිල් ටිකක් ගත්තා, ඒවයෙ වීඩියෝ වගයක් තියෙනවා. ඒත් ප්ලේ වෙන්නෙ නෑ.
    අන්තිමට රෙකෝඩරේට හාඩ් එක ගහල service menu ගිහින් හාඩ් එක ෆෝමැට් කලා. දැන් රෙකෝඩර් එක අවුලක් නෑ. ඒත් වීඩියෝ ටිකත් නෑ.
    කොහොමද පරණ වීඩියෝ ටික ගන්නෙ? දන්න කෙනෙක් ඉන්නවද?
    මේක මෙහෙන් ගත්ත එකක් නෙමෙයි. එන්ගලන්තෙ කොම්පැණියෙන් ඇහුවම උන් කියන්නෙ මෙහෙ ඒජන්ට හරි එහෙට හරි එවන්න කියල. වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?
    දන්න කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්...