Southern High Way

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    දකුණු අධිවේගියේ නීති ගැන පොලීසිය පහදයි
    Vimasuma.com


    අනවසරයෙන් ඇතුළු වුණොත් දඩය රු.5000 යි

    ලබන 27 වනදාට විවෘත කිරීමට යන දකුණු අධිවේගී මාර්ගයේ රථ වාහන ගමන් කළ යුතු ආකාරයත් එහිදී අයකරන දඩ මුදල් හා මගී ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවත් පොලීසිය කරුණු පැහැදිලි කරයි. ‍

    මෙම මාර්ගය විවෘත කිරීම පිළිබඳව දැනුම් දීමට අද පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී පොලීසියේ නියෝජිතයින් පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා විසින් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය යනුවෙන් වෙනමම පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කර තිබෙන බවත් ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් 500 ක් අනුයුක්ත කර තිබෙන බවයි.

    මෙම නිළධාරීන්ගෙන් සැදුම්ලත් වෙනමම ගිනි නිවීමේ ඒකකයක්, ගිලන් රථ සේවයක්, ක්‍රියාත්මක බවත් ඕනෑම දුරකතනයකින් 1969 යන අංකයට කතාකර මෙම සේවාවන්ට අනතුරකදී දැනුම් දිය හැකි බවත් පොලිස් නිළධාරීන් සඳහන් කළේය.

    මෙම සේවාවන්ට අදාළ වාහන ගාල්ල පින්නදූව, කුරුඳුගහහැතැක්ම හා ගැලනිගම යන ස්ථානවල ස්ථානගත කර තිබෙන බව අනාවරණය විය.

    පොලීසිය පැවසුවේ මෙම මාර්ගයේ උපරිම වේග සීමාව පැයකට කිලෝ මීටර් 100 ක් බවත් අවම වේග සීමාවක් දැනට පනවා නොමැති වුවත් ඉදිරියේදී අධ්‍යනයකින් පසුව එවැනි සීමාවක් පැනවීමට සැලසුම් කර තිබෙන බවයි.

    දැනට අනිකුත් මාර්ග සඳහා බලපැවැත්වෙන රථ වාහන නීතිම මෙම මාර්ගය සඳහාත් භාවිතා කරන බවත් මාර්ගයට අනවසරයෙන් ඇතුළුවන වාහන වලින් හා පුද්ගලයින්ගෙන් රුපියල් 5000 ක දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බවත් පොලීසිය කීය.

    මීට අමතරව, මෙම මාර්ගයේ තිබෙන මංතීරු දෙකින් වම් පස තිබෙන මං තීරුව නිතරම භාවිතා කරන ලෙසත් දකුණු මං තීරුව වාහන ඉස්සර කිරීමේදී භාවිතා කරන ලෙසත් පොලිස් නිළධාරීන් ඉල්ලීමක් කළේය.

    වෙනත් මාර්ග වලට වඩා අනතුරු සිදුවිය හැකියැයි සැලකෙන මෙම මාර්ගයේ දෙපස බොහෝ තැන්වල පොලිස් නිළධාරීන් රාජකාරී සිදුකරන බවත් ඔවුන් රථ වාහන වැරදි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර තිබෙන බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

    මෙම මාර්ගයේදී ඕනෑවට වඩා අඩු වේගයකින් ගමන් ගන්නා වාහන වලට මාර්ගය අවහිර කිරීම යටතේත් පැයකට කිලෝ මීටර් සියයකට වඩා වැඩි වේගයකින් ගමන් කරන වාහන වලට අනතුරු දායක ලෙස රිය පැදවීම යටතේත් දඩ නියම කරන බවත් ඒවා එම ස්ථාන වලදීම නවත්වා හෝ පිවිසුම් ගේට්ටු වලදී නියම කරන බවත් පොලිස් නිළධාරීන් කීය.
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    පොලිසියට නිකම් රජ මඟුල් වගේ වේවි! හයියෙන් ගියත් දඩ / හෙමින් ගියත් දඩ:P