SpaceX, Tesla Motorsතරුණ ප්‍රකෝටිපතියෙකුගේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    SpaceX, Tesla Motorsතරුණ ප්‍රකෝටිපතියෙකුගේ

    SpaceX, Tesla Motors තරුණ ප්‍රකෝටිපතියෙකුගේ අධිතාක්ශණික සිහින



    Untitled.jpg

    අප මේ කතාකරන තරුණ ප්‍රකෝටිපතියා නමින් ඉලොන් මස්ක් (Elon Musk) නැමැතිය. දැනට 42වැනි වියෙහි පසුවන ඔහු උපතින් දකුණු අප්‍රිකාණුවෙකි. වයස 18 පිරුණු දකුණු අප්‍රිකාණු සුදු තරුණයින්ට හමුදාසේවය අනිවාර්ය වන අතර එකල ආපාතෙයිඩ් නම් වර්ණ්බේධවාදී ප්‍රතිපත්තිය අනුගමණය කල දකුණු අප්‍රිකාවේ පාළකයින් මෙන්ම හමුදාවද සුදු ජාතිකයින්ගෙන් පමණක් සැදුම්ලදී. හමුදාවට බැඳී කළු ජාතිකයින් මර්ධණය කිරීමට අකමැති වූ ඊලොන් කැනඩාවට සංක්‍රමණය වූ අතර 1992දී අමෙරිකාවේ පදිංචියට පැමිණියේය.

    1999දී x.com නැමති අන්තර්ජාල මූල්‍ය හා ගෙවුම් පහසුකම් සපයන සමාගමක් ආරම්භ කල ඔහු පසුව එය තවත් සමාගමක් හා බද්ධකොට සුප්‍රකට PayPal නම් ගෙවුම් සමාගම පිහිටුවා එහි සම නිර්මාතෲ ලෙස ගෞරවයට පාත්‍රවිය. 2002 වසරේදී පේ-පෑල් සමාගම ඊ-බේ (eBay) සමාගම මගින් ඩොලර් බිලියන 1.5කට මිළදීගන්නා ලද අතර පේ-පෑල් සමාගමේ විශාලම කොටස් කරුවාවූ ඊලෝන් එම ගණුදෙනුවෙන් ප්‍රකෝටිපතියෙකු බවට පත්විය.

    කුඩා කාලයේදී විද්‍යා ප්‍රබන්ධ ඉමහත් ආශාවෙන් කියවූ ඊලෝන්, අයිසැක් ඇසිමොෆ්ගේ "Foundation series" නම් විද්‍යා ප්‍රබන්ධ පෙල ඔහු වඩාත්ම ඇලුම්කල විද්‍යා ප්‍රබන්ධ මාළාව බව පවසෙනවා.

    ඊලෝන් පවසන ආකාරයට මිනිස් වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා හැකි ඉක්මණින් අභ්‍යවකාශය ජනාවාස කලයුතු වනවා. අයාලයේ යන ග්‍රහකයක් හෝ සුපිරි ගිණිකන්දක් මගින් ඩයිනෝසරයින් මෙන්ම මිනිසාද අභාවයට යා හැකියි. එමෙන්ම පසුගිය දශක හයතුල මිනිසා ලබා ඇති දැවැන්ත තාක්ශණික දියුණුවද මිනිසාගේ විනාශය උදාකරන්නට ඉඩ තිබෙනවා. ඊට උදාහරණ ලෙස ඊලෝන් පවසන්නේ කෘතිමව නිර්මාණය කරන ලද සුපිරි වෛරසයක් (යුධමය කටයුතු සඳහා) විද්‍යාගාරයෙන් නිදහස්වීමෙන්, වැරදීගිය විද්‍යාත්මක පර්යේෂණයක් හේතුවෙන් විද්‍යාගාරයක බිහිවන ක්ශුද්‍ර කළු-කුහරයක් (micro black hole) මගින්ද පෘථිවිය විනාශවී යා හැකියි, එමෙන්ම තවමත් නිර්මාණය කොට නොමැති, එහෙත් නුදුරු අනාගතයේ එලිදකින තාක්ශණයක් මගින්ද මිනිස් වර්ගයා විනාශවී යාහැකියි.

    ඊලෝන් පවසන ආකාරයට ඔහුගේ අධිතාක්ශණික සිහින මිනිස් වර්ගයාගේ අනාගත ආරක්ශාව පිනිසත්, පෘථිවියේ ආරක්ශාව පිණිසත් අවශ්‍ය තාක්ශණය නිර්මාණය කිරීමයි.

    SpaceX : අභ්‍යවකාශ ගවේශණය පෞද්ගලික අංශයට ගෙනයාම
    පේ-පෑල් සමාගම විකුණාදැමූ පසු අලුත් වැඩකට අතගැසූ ඊලෝන් 2002 වසරේදී SpaceX නම් සමාගමක් ආරම්භ කලේය. එහි අරමුණ වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය, හමුදා හා වෙනත් පෞද්ගලික සමාගම් සඳහා අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කිරීමයි. එවකට අමෙරිකාවේ රොකට්ටු නිර්මාණයේ ඒකාධිකාරය නාසා ආයතනයට තිබූ අතර නාසා ආයතනය අධික මුදලක් වියදම් කර නිර්මාණය රොකට්ටුවලට වඩා අඩු පිරිවැයකින් රොකට්ටු නිර්මාණය කොට අභ්‍යවකාශ තරණයේ බරපැණ අඩුකිරීමට පෞද්ගලික ව්‍යවසායකයෙකු වූ තමාට හැකි බව ඔහු ප්‍රකාශ කලේය.

    මෙය ඇසූ බොහෝ දෙනෙකු ඊලෝන් දවල් සිහින මවනවා යයි කියමින් සිනාසුනේ අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කිරීම සඳහා යන දැවැන්ත ආයෝජන හා තාක්ශණික කුසලතා අමෙරිකාව, යුරෝපා සංගමය, රුසියාව, චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් අතලොස්සක රාජ්‍ය අභ්‍යවකාශ ආයතන සතුව පමණක් රැඳි නිසාය. දැනටත් විශ්වාසවන්ත භාවයකින් රොකට්ටු ගුවන්ගත කලහැකි තාක්ශණයන් වැඩිදියුණු කොට ඇත්තේ අමෙරිකාව, රුසියාව හා චීනය පමණකි. ඉහත ලැස්යිතුවේ අනෙකුත් රටවල් අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කොට ගුවන්ගත කොට ඇතත් ඒවා අතලොස්සකට සීමා වී ඇත. යුරෝපා සංගමයේ අරියාන් රොකට්ටුව පවා විශාල තාක්ශණික ගැටලු ගණනාවකට මුහුණදෙමින් තිබේ. එහි පියාසැරි බොහෝ ප්‍රමාණයක් අසාර්ථකවී ඇත.


    What_Is_the_%27Hyperloop%27
    ඊලොන් මස්ක් සිය SpaceX සමාගමේ නිර්මාණයක් වන Falcon 9 අධිබල රොකට්ටුව සමග එහෙත් අශුභවාදීන්ගේ කෙනෙහිලි වලට පයින් ගැසූ ඊලෝන් සිය ධනය වැයකොට නාසා ආයතනය හා එහි කොන්ත්‍රාත්කාර සමාගම් වලින් විශ්‍රාම ගිය/නොගිය අති දක්ශ ඉන්ජිනේරුවන් හා විද්‍යාඥයින් රැසක් සිය සමාගමට බඳවාගෙන වැඩ ආරම්භ කලේය.

    2006දී ඊලෝන්ගේ ස්පේස්-එක්ස් සමාගම සිය මුල්ම රොකට්ටුව වූ ෆෝල්කන් 1 රොකට්ටුව සාර්ථකව අත්හදා බැලුවේය. ස්පෙස්-එක්ස් සමාගමේ ප්‍රගතිය කෙරෙහි පැහැදුනු නාසා ආයතනය 2008දී ස්පේස්-එක්ස් සමාගමට ඩොලර් බිලියන 1.6ක කොන්ත්‍රාතුවක් ලබාදුන්නේ 2011 වසරේදී ඔවුන්ගේ අභ්‍යවකාශ ශටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අමෙරිකානු ගගනගාමීන් හට අවශ්‍ය ආහාර හා වෙනත් සැපයුම් ගෙනයාම සඳහාය. 2012දී ස්පේස්-එක්ස් සමාගමේ ෆෝල්කන් 9 අධිබල රොකට්ටුව, ඩ්‍රැගන් නම් අභ්‍යවකාශ යානයද රැගෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධවූ අතර, මෙය පෞද්ගලික සමාගමක් නිර්මාණය කල අභ්‍යවකාශ යානයක් සාර්තකව කක්ශගතවී අන්තර්ජාතික අභ්‍ය්වකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධවුනු ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත වුනා.

    මේවන විට නාසා ආයතනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහණය ස්පේස්-එක්ස් සමාගමට භාරදී ඇතත් අමෙරිකානු ගගනගාමීන් ගෙනයාම සඳහා දැනට රුසියානුවන්ගේ වොස්ටොක් රොකට්ටුව හා සෝයුස් අභ්‍යවකාශ යානය භාවිතා කරයි. එහෙත් ස්පේස්-එක්ස් සමාගමට අමෙරිකානු අභ්‍යවකාශගාමීන් ගෙනයාහැකි අභ්‍යවකාශ යානයක් නිර්මාණය කිරීමේ වගකීමද නාසා ආයතනය ලබාදී ඇති අතර 2015දී මෙම මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය ගුවන්ගතවීම සඳහා සූදානම් කෙරේ.

    ඒ අනුව ඊලෝන්ගේ එක් අධිතාක්ශණික සිහිනයක් සැබෑවිය.


    Tesla Motors : සුපිරි ඉලෙක්ට්‍රික් කාරයක් නිර්මාණය කිරීම

    ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා මෝටර්ස් සමාගම නිර්මාණය කල ටෙස්ලා මොඩල් S සුපිරි ඉලෙක්ට්‍රික් කාරය
    2002 වසරේදී ස්පේස්-එක්ස් සමාගම ආරම්භකල ඊලෝන් 2003 වසරේදී තවත් අලුත් කර්තව්‍යයකට අත ගැසුවේය. ඒ කුඩා අවදියේ සිට ඔහුගේ සිහිනයක්ව තිබූ විදුලියෙන් දුවන, පරිසරය දූශණය නොකරන මෝටර් රථ නිපදවා ජනප්‍රිය කරවීමේ සිහිනයයි. තවත් සහෘදයින් කිහිපදෙනෙකු සමග විදුලි කාරයක් නිපදවීමේ සමාගමක් ආරම්භ කොට එහි ප්‍රධාන ආයෝජකයා වූ ඊලෝන්, එම සමාගමට "ටෙස්ලා" යනුවෙන් නම් තැබුවේය.

    සමාගමට ටෙස්ලා ලෙස නම් තැබුවේ විදුලිබල තාක්ශණයේ විප්ලවීය වෙනස්කම් සිදුකරමින් පොදු මහජනයාට විදුලි බලයෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරයට තාක්ශණය දියුණු කල "නිකොලා ටෙස්ලා" නම් භෞතික විද්‍යාඥයා හා නව නිර්මාපකයා සිහිවීම සඳහාය.

    නිකොලා ටෙස්ලා 1856 වසරේදී සර්බියාවේ උපත ලැබ පසුව අමෙරිකාවේ පුරවැසිභාවය ලැබූ විද්‍යාඥයෙකි. නිකොලා ටෙස්ලාගේ ප්‍රධානතම නිර්මාණයන් වන්නේ ප්‍රත්‍යාවර්තන ධාරා ප්‍රේරණ විදුලි මෝටරය (alternating current induction motor ) හා ප්‍රත්‍යාවර්තන ධාරා විදුලි ට්‍රාන්ස්ෆෝමරයයි. ඒ අනුව අද විදුලි පංකාවේ සිට සියලුම විදුලි උපකරණවල අඩංගු විදුලි මෝටරයේ නිර්මාතෘවරයා වන්නේ නිකොලා ටෙස්ලාය. එමෙන්ම ලොව පුරා විදුලි බල සම්ප්‍රේශණය ප්‍රායෝගිකව ව්‍යාප්තවන්නට පටන්ගත්තේ නිකොලා ටෙස්ලා නිර්මාණය කල විදුලි ට්‍රාන්ස්ෆෝමරය හේතුවෙනි. ඒ අනුව නිකොලා ටෙස්ලා යනු නූතන විදුලිබල තාක්ශණයේ පියා ලෙස සැලකිය හැකිය. ඊලෝන් ඇතුලු ආයෝජකයින් පිරිස සිය විදුලි කාර් සමාගම "ටෙස්ලා" ලෙස නම්කලේ මෙම මහා ප්‍රාඥයාට ගරු කිරීමක් පිණිසය.




    Tesla Roadster

    2003 වසරේ සිට වසර 5ක පර්යේෂණ හා සංවර්ධන වෑයමකින් පසුව 2008 වසරේදී ටෙස්ලා මෝටර්ස් සමාගම ටෙස්ලා රෝඩ්ස්ටර් නම් පූර්ණ වශයෙන් විදුලියෙන් ගමන් කරන අධිවේගී කාරයක් හඳුන්වා දුනි. පරිසර හිතකාමීලෙස අධිවේගී ධාවනයට ප්‍රිකරන ධනවත් අධිවේග ලෝලීන් සඳහා නිර්මාණය කර ඇති මෙයට එක්වරක් බැටරි ආරෝපණය කරගත්විට කිලෝමීටර් 390ක දුරක් ධාවනය කල හැකිය. එමෙන්ම තත්පර 4කට අඩුකාලයකදී නිසල බවේ සිට පැයට කිලෝමීටර් 100ක වේගයකට ත්වරණයවීමේ හැකියාවද ඇත.

    2008 Tesla Roadster අමෙරිකාවේ තරුණ ධනවතුන් හා හොලිවුඩ් නළුනිළියන් අතර ඉතා ජනප්‍රියවූ ටෙස්ලා රෝඩ්ස්ටර් මාදිලිය විවිධ සම්මාන ගණනාවකින් පුදලැබුවේ එහි අඩංගු වුනු නව තාක්ශණ නිපැයුම් සඳහා පමණක් නොව විදුලියෙන් දුවන වාහන ජනප්‍රිය කිරීමේලා පුරෝගාමී මහෙවරක් ඉටුකිරීම වෙනුවෙන්ය. විදුලි වාහන, පෙට්‍රෝල්/ඩීසල් වාහන මෙන්ම ප්‍රායෝගික, භාවිතයේදී තෘප්තියක් ලබාදිය හැකි බව ටෙස්ලා රෝඩ්ස්ටර් සුපිරි කාරය තහවුරු කරන ලදී.

    Tesla Model S

    ටෙස්ලා සමාගමේ දෙවන නිර්මාණය වන්නේ 2012 වසරේ හඳුන්වාදුන් දොර 4 සිඩෑන් වර්ගයේ "Model S" මාදිලියයි. එක් ආරෝපණයකින් කිලෝමීටර් 420ක් ගමන්කල හැකි මොඩෙල් S මාදිලිය ලොව වැඩිම දුරක් එක් ආරෝපණයකින් ගමන්කල හැකි විදුලි මෝටර් රථය ලෙස වාර්තා තබා තිබෙනවා. අමෙරිකානු ඩොලර් 70,000කට පමණ මිලකොට ඇති මොඩල් S කාර් 12,000ට අධික ප්‍රමාණයක් මේවන විට විකිණී අවසන්.

    BMW 5 Series මාදිලිය මෙන්ම ඒ හා සමාන හැකියාවන් ඇති මාදිලි සමග තරඟකල හැකි ලෙස නිමවා ඇති මොඩල් S සම්මාන රැසකින් පුදලබා තිබෙනවා. මෙම සම්මාන අතර 2013 World Green Car of the Year, Automobile Magazine's 2013 Car of the Year, Time Magazine Best 25 Inventions of the Year 2012 award යන සම්මාන විශේෂයි.




    Tesla Model S digital dashboard

    Tesla Model X (2014 SUV)

    ටෙස්ලා සමාගම 2014 වසරේදී මොඩල් x නම් SUV මාදිලියේ රථයක් හඳුන්වාදීමට බලා පොරොත්තුවෙනවා. 7දෙනෙකුට ගමන්කල හැකි ලංකාවේ අප ජීප්රථ ලෙස හඳුන්වන Sports Utility Vehicle (SUV) මාදිලියේ රථයක් වන මෙහි අනුරුවක් 2012 වසරේදී මාධ්‍යවෙත නිකුත්කලා.

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න
     
    • Like
    Reactions: mano3989

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩොව් මම දන්නා ඔන්ලයින් බුවෙක් ගාව ටෙස්ලා කාර් එකක් තිබ්බ. පට්ට බං. එක පාරක් චාර්ජ් කරලා සැතපුම් 250 ද කොහෙද යනවා. අම්මෝ ඒකෙ චාර්ජ් කරන වයර් එකේ සයිස් එක හරියටම පැට්‍රොල් ගහන බටේ තරම්. ඒ වගේ පැත්තෙන් දොරක් ඇරලා සෙට් කරන්න තියෙන්නේ. පාරේ තියෙනවලු ටෙස්ලා කාර් වලට චාර්ජ් කරන්න පොට්ස්.
     
    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න


    මරුසිරා;15479208 said:
    බුම්ප්

    ela ela ela apit dawasaka lankawe kollek hadana ekaka yamu

    patta wadakarayo set ekak..SpaceX gana kalain widusareth giya..

    :cool::cool::cool:



    Tfs mchn ++ . watina thread ekak


    රටට ආදරෙයි නම් මේ ගැනත් හිතන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=15484571&posted=1#post15484571