Spam and Increase ur Nm of posts

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අරාබි රටවල් වගේ නෙවෙයි ඊශ්‍රායලය ආගමික නිදහස තියෙනවා.
    ලඟදි ලංකාවෙන් ගියපු අය එහේ පන්සලකුත් හදුවා. කිසි ප්‍රශ්නයක් නෑ :)

    එහේ අය අපේ මිනිස්සුන්ට හොඳට සළකනවා. තාම ඒ කාටවත් පෙට්ටියක් ඇතුලෙ ලංකාව එන්න වුණෙ නෑ.

    ඊශ්‍රායලය පිහිටුවන්න කලින්, පල්ස්තීනය පුරා විහිදී තිබුණු ක්‍රිස්තියානි, කතෝලික සිද්ධස්ථාන මුස්ලිම් පාලනයට නතුවෙලා තිබුණෙ

    ඒත් ඊශ්‍රායලය පිහිටෙව්වත් එක්කම මුස්ලිම් ග්‍රහණයෙන් බේරගෙන, යුදෙව් මුස්ලිම් ක්‍රිස්තියානි කතෝලික ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගිහිල්ල නිදහසේ වැඳපුදාගන්න අවස්ථාව දුන්නා

    7x1fy787pg7r6c9fg.jpg


    පස්සෙ කාලෙක මැදපෙරදිහ ක්‍රිස්තියානි-අරාබි ජාතිකයන්ව මුස්ලිම් ආක්‍රමණ වලින් බේරගන්නෙත් ඊශ්‍රායලය හමුදාවම තමයි.

    මේ හේතුව නිසාම අරාබි ලෝකයෙන් එල්ල වුණ හැම ආක්‍රමණයකදීම අරාබි ක්‍රිස්තියානි ජනතාව හිටියෙ ඊශ්‍රායලයත් එක්ක.

    අද ඊශ්‍රායලයේ 25% ක් මුස්ලිම්වරුන් නිදහසේ ජීවත් වෙනවා

    5q2iurcvta4zclffg.jpg


    ඒ මුස්ලිම් කාන්තාවන්ට අනික් මැදපෙරදිග රටවල් වල වත් නැති නිදහස, සමතැන දීලා තියෙනවා.

    අර කලින් කිව්ව යුධ පුහුණුව මේ ඊශ්‍රායලය-අරාබි ජාතිකයන්ට අනිවාර්‍ය වුණෙ නෑ. ඒත් සමහර ඊශ්‍රායලය-අරාබි ජාතිකයන්
    තමන්ගෙ කැමැත්තෙන්ම හමුදාවට එකතු වුණෙ අනික් කිසිම අරාබි රටකටත් වඩා තමන්ට නිදහස දුන්න නිසා.


    යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්‍රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්‍රශ්න බේරගත්තා.
    සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා.


    තමන්ව සමූලඝාතනය කරන්න ඇවිල්ලා අන්ත පරාජයක් ලබලා ඉන්න හිටින්න තැනක් නැතිවුණු පලස්තීනු මුස්ලිම්වරුන්ට Gaza, West Bank පැති ආපහු ලබාදුන්නා.
    ලබාදීලා නිතර නිතර ආහාර, බෙහෙත් විතරක් නෙවෙයි current එක පවා ලබාදෙන්න ඊශ්‍රායල රජය පියවර ගත්තා

    bq7nqi4tctvb68jfg.jpg


    හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා


    -----------

    ඊශ්‍රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.
    හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.


    යුදෙව්වන් හිට්ලර් ඉදිරියෙ ඒ කාලයේදි අසරණ උනත් අලුත පිහිටවූ ඊශ්‍රායල රාජ‍යෙ ආරක්ශක අංශ
    "Never Again" කියන සංකල්පය යටතේ ක්‍රියාත්මක වුණා

    ලෝකය පුරා කොතැනකදි යුදෙව්වන්ට කරදරයක් හිරිහැරයක් වෙනවද
    ඒ හැම වතාවකදීම ඊශ්‍රායල Superman කෙනෙක් වගේ ඒගොල්ලන්ගෙ පිහිටට ආවා

    වරක් ඊශ්‍රායල කමාන්ඩෝස් ලා හැතැම්ම 5000ක් ඈත උගන්ඩාවට පියාසර කරලා එහේ Airport එකක ප්‍රාණ ඇපයට ගත්තු යුදෙව් වැසියන් 102 බේරගන්න සමත් වුනා
    (Entebbe Raid).
    එහෙම ප්‍රාණ ඇපයට ගත්තු සියළුම මුස්ලිම් ගරිල්ලන් ඝාතනය කරපු ඒගොල්ලො Airport එකේ තිබුණූ ප්‍රහාරක යානා 20-30 කුඩු පට්ටම් කරලා තමයි ආවෙ
    (මේක හරිම රසවත් කතාවක්. පස්සෙ වෙලාවක වෙනම කියන්නම්)


    රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්‍රායලයට ගෙන්න ගත්තා.

    අදටත් මේ රටේ ජනගහනයෙන් 350% ක් ඉන්නෙ පිට රටවල් වලින් මේ රටට ආපු
    ජනතාවක් :yes: ඒ කියන්නෙ හිටපු ජනගහනය වගේ තුනහමාර ගුණයක් පිටරැටියො.

    ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්‍රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.

    ql1bexv2g15hvqefg.jpg

    (Jews en route to Israel from Yemen, during the Magic Carpet operation)

    ඕනෑම රටක යුදෙව් තරුණ තරුණියන්ට රටේ දවස් 10ක සංචාරයක අවස්ථාව ලැබෙනවා
    කෑම බීම ඉඳුම් හිටුම්, guide ල ඔක්කොම ඊශ්‍රායල රජයෙන් නොමිලේ සපයනවා. මේ ඔක්කොම කරන්නෙ ඒගොල්ලො රට ගැන පැහැදිල රටේ පදිංචියට එයි කියල හිතලා.

    අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්‍රායලය පුරවැසිබාවය දෙනවා.

    ඒත් ඒ කාලෙ, ලෝකෙ හතර අතෙන් ආපු යුදෙව්වන් කතා කළෙ ඒ ඒ රටවල් වල භාශාව (රුසියානු, පෝලන්ත, ජර්මන් වගේ).

    මේකට විසඳුමක් විදිහට ඒගොල්ලො, යුදෙව්වන්ගෙ භාෂාව විදිහට අවුරුදු 2000 ක් තිස්සෙ වඳවෙලා තිබ්බ තමන්ගෙ ආගමික බස, හීබෲ භාශාව කතා කරන්න ගත්තා !
    අවුරුදු දෙදහසකින් ඇහුනෙ නැති භාශාවක වචන මැදපෙරදිගින් ඇහෙන්න ගත්තා.

    (අපි දැන් පාලි වලින් කතා කරන්න ගියොත් කොයි තරම් අමාරු වෙයිද ?)
    0iu9xv79b7bs31jfg.jpg

    (News papers, Film නිශ්පාදන වල නම් ඔක්කොම තියෙන්නෙ Hebrew වලින්ම තමයි)

    මීට කලින් මේ මුළු මිනිස් ඉතිහාසයේම කොතනකවත් වඳවෙලා තිබුණූ භාශාවකට පණ දීලත් නෑ, එය රටක ප්‍රධාන භාශාවක් කරගෙනත් නෑ !

    සියලූම අලුත් හා පරණ විද්‍යාත්මක නම් වලට අදාල අලුත් හීබෲ වචන 2000 ක්
    සෑම අවුරුද්දකම භාශා විශ්වවිද්‍යාල වලින් නිකුත් කරනවා. මේ නිසා හීබෲ අතරට
    ඉංග්‍රීසි වචන කෑලි දාලා කතා කරන එක අවම වෙනවා
    :yes:

    මේ විදිහට ලෝකය පුරා යුදෙව්වන්ට නිවහනක් වුණ ඊශ්‍රායලය, තමන්ගෙ ජාතිය දශ ලක්ශ ගණනින් මරපු නාසි නිලධාරීන්ව දඩයම් කරන්න
    ලෝකයේ හැම පැත්තකටම මෙහෙයුම් දියත් කරනවා.


    තමන්ගෙ ජාතිය දස වද දීලා මැරුවත්, පුළුවන් හැම වෙලාවකදීම නාසි කාරයොන්ව පැහැරගෙන ඊශ්‍රායලය ගෙනල්ලා
    එහිදී අධිකරණ ඉදිරියෙ නිදහසට කාරණා දක්වන්න පවා අවස්ථාව දුන්නා. නීතීඥයන් ලබා දුන්නා.


    lraoo8rlr67zj87fg.jpg


    (Adolf Eichmann මෙයාව ආර්ජන්ටිනා රජයටත් හොරෙන් පැහැරගෙන ඇවිල්ල අධිකරණය ඉදිරියට පමුණුවනවා)

    ------------

    නමුත් ඇයි යුදෙව්වො යුරෝපේ අතෑරලා මේ මැදපෙරදිග දූවිලි ගොඩකට ආවෙ ? ඇමරිකාවට යන්න තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් ඔවුන්ට වැදගත් ?

    ඊශ්‍රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය නිසා.

    අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.

    6o9z6inaod8qnzofg.jpg

    (යුදෙව් Temple එකක ආකෘතියක්)

    ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට තනි තනිව ඒගොල්ලො තමන්ගෙ සස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා.
    අවුරුදු දහසක් පුරාවට පරම්පරාවෙන් පරම්පරාවට ඊශ්‍රායල සිහිනය නොනැසී පැවතුනා. හිතල බලන්න.. අවුරුදු 1000 ක් !


    ඉතිං අවුරුදු දහසකට පස්සෙ නැවත ඊශ්‍රායලයට ආපු යුදෙව්වන් තමන්ගෙ Temple එක නැවත ඉදි කළා.

    නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්‍රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා.

    යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.

    මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ.

    හැබැයි මේ විදිහට පිටුවහල් වෙන හැටි, සංහාරයට පත් වෙන හැටි ඔවුන්ගෙ බයිබලයේ පැහැදිලිවම කලින්ම අනාවැකි කරල තිබුණා.

    "යුදෙව්වන් ඊශ්‍රායලයෙන් පිටුවහල් වෙන බවත්"

    “යුදෙව්වන් රට හැර ගියාට පස්සෙ මුලු පොලවම නිසරු වෙලා කාන්තාරයක් වෙන බවත් “

    “හැර ගිය යුදෙව්වන් කවදාහරි ආපහු ඊශ්‍රායලයට එන බවත්”

    4abnc38nq8hr806fg.jpg

    (යුදෙව්වන් ඊශ්‍රායලය අගනුවර Tel-Aviv පිහිටුවන හැටි. ඒගොල්ලො එද්දි මේක එකම කාන්තාරයක් විතරයි)

    “ආවට පස්සෙ භූමිය නැවතත් දළු දාලා සාරවත් වෙන බවත් “ බයිබලයේ සඳහන් වුණා

    යුදෙව්වන් හැමදාමත් වැඩ කළේ බයිබලයේ මේ සැලසුමට අනුව.

    ඉතින් හිට්ලර් ගෙන් බේරිලා 3න් වෙනි වතාවත් නැවත ආපු යුදෙව්වන්, අර වැලි දූවිලි කාන්තාරයේ Greenhouses හදලා වගා කරන්න ගත්තා.

    41pn8dx0mnvpis3fg.jpg

    (අර ඈතින් පේන්නෙ කාන්තාරය තමයි)

    මේ හේතුව නිසා 21 සියවස වෙද්දි කලින් තිබුණට වඩා ගස් ප්‍රමාණය වැඩි කරගත්ත ලෝකෙ රටවල් 2 න් එකක් බවට පත් වුණා.
    බයිබලයේ අනාවැකි වෙනකං ඉන්නෙ නැතුව තමන්ම උත්සහයෙන් දියුණූ වුණා.

    ඊශ්‍රායලීය ජීව විද්‍යාඥයන් අතින් කාන්තාරයට සුදුසු බීජ වැඩිදියුණු වෙන්න ගත්තා. කාර්‍යක්ශම වගා ක්‍රම පිළිපැද්දා.
    වර්ථමානයේ පලදාවෙන් 70% ට අධික ප්‍රමාණයක් මේගොල්ලො අපනයනය පවා කරනවා :D

    මේ තියෙන්නෙ අද ඊශ්‍රායල අගනුවර Tel-Aviv

    17nkwh8lc1125plfg.jpg

    (අනික් මැදපෙරදිග රටවල් මේවා කළෙ තමගෙ තෙල් සම්පත් විකුණලම තමයි)

    තාම මේ රටේ වයස අවුරුදු 66ක් විතරයි !


    අවුරුදු දහස් ගණනක් පුරාවට දශ ලක්ශ ගණනින් සංහාරයට පත් වෙච්ච මිනිස්සු ටිකක් යුරෝපයේ, ඇමරිකාවෙ තමන්ගෙ සැප ජීවිත අතෑරලා
    තුත්තිරි ගහක් පැලවෙන්නෙ නැති දූවිලි කාන්තාරයක් උඩ,
    මුළු අරාබිකරයටම තනියෙම මූණ දෙන්න තරම් ප්‍රභල රාජ්‍යක් හදලා
    විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ලෝකයෙ ඉදිරියටම ඇවිල්ලා අවුරුදු 4000 ක
    සැළසුමක් සාර්ථකව ඉවරකරපු කතාව තමයි මේ :D


    ඉතිං මේ දේවල්, අපිට Film වල, පොත් පත්, ලිපි වල දකින්න ලැබෙන්නෙ නෑ.
    අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඊශ්‍රායලය කියන්නෙ මැදපෙරදිග තියෙන තවත් මුස්ලිම් රටක් විදිහට.

    ඒත් අරාබි රටවල් ආගමට බලයට ඇණකොටා ගනිද්දි මේ මිනිස්සු වටේම අරාබි රටවල්
    එක්ක යුධ වදින්නෙ තමන්ගෙ ජීවිතය රැකගන්න, තමන්ගෙ පවුල රැකගන්න
    කොටින්ම තමන් පය ගහලා ඉන්න පොළොව රැකගන්න :yes:

    rwjbaoad8esy4iufg.jpg



    අනික් අරාබි රටවල් තමන්ගෙ ආගමික වෙනස්කම් (shiite, sunni) වලට ලේ වගුරුවද්දි
    මැදපෙරදිග තියෙන එකම සාමකාමී රට බවට ඊශ්‍රායලය පත් වුණා.


    ඒ වගේම ඊශ්‍රායලය සමහර වෙලාවට මේ අරාබි රටවල් අතර ගැටුම් වලිදි තුවාල වෙච්ච අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරල ආපහු ඒ රටවල් වලටම යැව්වා.

    hyd33c3ie35dw4ufg.jpg


    අනික් රටවලත් විද්‍යාත්මක ව්‍යාපෘති දියත් කළා

    hvpo5vxpebg3wtpfg.jpg

    (මොහාවී කාන්තාරයේ කිර්යාත්මක වෙන ඊශ්‍රායල සුර්‍ය ශක්ති ව්‍යාපෘතියක්)

    පහුගිය අවුරුදු 50 ඇතුලත රටේ ජනගහනය 4 ගුණයක් වෙලා.. කාර්මික ව්‍යාපාර 50 ගුණයකින් දියුණූ වුණත් මුළු ජල පරිභෝජනය 10% අඩු කරගන්න මේගොල්ලො සමත් වුණා
    :shocked:


    මෙන්න මේ විශිෂ්ථ ජල කළමනාකරන හැකියාව පාවිච්චි කරලා ආප්‍රිකාවෙ නියඟයෙන්
    දුක් විඳින ගම්මාන රැසකට ඊශ්‍රායල රජය උදව් වෙනවා :yes:

    1bdl9fdwl6g9b03fg.jpg


    ඉතිං මේක මෙතනින් ඉවරද ?
    ඒක නං ශුවර් නෑ. හැබැයි යුදෙව්වන්ගෙ බයිබලයේ තියෙන ඊශ්‍රායලය දැන් තියෙන එකට වඩා සෑහෙන්න ලොකුයි ;)

    m74pytqc1on5yljfg.jpg


    මුං මේක අද හෙට අල්ලගනියි ද ? නැත්නං තව අවුරුදු 1000 කින් අල්ලයිද කියන්න අපි කවුරුත් දන්නෙ නෑ.

    දන්න එකම දේ තමයි. යුදෙව්වන් කියන්නෙ තමන්ගෙ වාරය එනකං අවුරුදු දහස් ගණනක් උනත් බලාගෙන ඉන්න පුළුවන් ජාතියක් කියන එක.


    හැබැයි ඉතිං මුළු ලෝකෙටම (Ex:- USA, Israel, Russia..etc) මුං ඉන්නෙ මිලියන 12-14ක් වගේ.
    ඔව්. ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා අඩුයි තමයි
    iUlEH7Ml8WOqqeIytmUFWJ1b2c_PRvMAiiNSiXxTAEg-lYB6JIhPDJ6Cx06H8HIcVoWREJ_LbdeXQok8USFaG5wm6PMu2_0zVxE1fnGUzUqLFFLkhefeMBOAnpFP0FujmA


    ඉතිං ශ්‍රී ලංකාව පරාජය පෙනී පෙනී Cricket match එකක් දිනන හැම වතාවකදිම. ජපනා හිරෝශිමා සිද්ධියෙන් අලු ගසල නැගිටපු හැටි අහන හැම අවස්ථාවකදීම, ලෝකෙට අළුත්ම විද්‍යාත්මක සොයාගැනීම් එනකොට
    ඉස්ලාම් අන්තවාදයට පහර වදින හැම වතාවකදීම,

    මැදපෙරදිග හුදෙකලා සටනක් ගෙනියන. ඒ අතරේම විද්‍යාවෙන් ගොඩාක් දේවල් ලෝකෙට දායාද කරපු මේ අපූරු රට ගැන ඕගොල්ලන්ට මතක්වේවි කියල මං හිතනවා :D

    ----------------------------------------------------
    ඊශ්‍රායලය ගැන කියන්න තව ඕනෙ තරම් කරුණු තියෙනවා
    මේ ඔක්කොම ලියන්න ගියොත් පොතක් වෙන නිසා. පස්සෙ වෙලාවක බලමු
    q4-0wxxmuk2lX5IDoOBWQjNttnsGBxypGPa34VBy6uZZWiay2GtDvwkhveOk40B5GZJgw_Bc0vCRVI0sgHe_EIC-HatY4sRjebQ0X2BG9oL6q3qgAU1OjnxOiUSnkAW3Eg


    පුළුවන් නම් තව අමතර දෙයක් එකතු කරන්න, වැරදි පෙන්නන්න,
    වෙලාව ලැබෙන විදිහට මං reply කරන්නම්

    Thread එක Rate කරන්න.
    SfXEPm67hjWibWQPhnPd1C3dK0bZFMtIjyi0bOrWCfgz1pEXg0olH_Urd0FJa_cpclGgA3RoDVMIUFfM0RT7HanIWv2u2SNkRjAfQSecHzSKmY1J3R55RQ6KfkJw1ldt5A
    rep වලින් වැඩක් නෑ :yes:


    Update !!

    අසිරිමත් ඊශ්‍රායලය Part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1670174

    මේ ලිපි ඔක්කෝම පිළිවෙලට බලන්න ඕනෙ නං
    මගේ blog එකට එබිලා යන්න :D

    ~ The Other side (click) ~


    Copyrights:- ඕනෑම කෙනෙකුට කර්තෲ අවසරයකින් තොරව ගෙඩිය පිටින් උස්සගෙන paste කිරීමට අවසර ඇත. ලිපියේ අරමුණ දැනුවත් කිරීම විනා, නම කොටාගැනීමට නොව.
    (කොහොමත් මගේ ඇත්ත නම Zeus නෙවෙයිනෙ). ඒත් පුළුවං නම් මේ thread එකේ link එකත් සඳහන් කරන්න.
    ඒ නැතත්. අනේ කමක් නැත.




    ------------------------------------------------------------------------------------------

    මේගොල්ලන්ගෙ යුද්ධ ගැන උනන්දුවක් ඇති වෙච්ච අය මේ BBC doc එක කොහොමහරි
    බලන්න .
    "1973 - 20th Century Battlefields Yom Kippur"
    Code:
    http://www.dailymotion.com/video/x1srbd9_20th-century-battlefields-1973-middle-east_tv
    පොඩ්ඩක්වත් කම්මැලි නෑ. Film එකකට වඩා නියමයි

    සදාම් ගෙ Nuclear Reactor එකට ගහපු එක
    Code:
    https://www.youtube.com/watch?v=aTtmhSAPus8

    Entebe Raid එක
    Code:
    https://www.youtube.com/watch?v=lemwyO054OI

    Birth of Israel BBC Doc එක
    Code:
    https://www.youtube.com/watch?v=4X4JCPckWgY

    මුංගෙ ඔත්තු සේවා වල මෙහෙයුම් ගැන දැනගන්න (The.Gatekeepers.2012.) බලන්න.

    Mossad එකේ කෙනෙක් leak කරපු මෙහෙයුම් ගොඩක් තියෙනව

    By Way of Deception -Victor Ostrovsky පොතේ

    මේ පොතේ ලංකාවෙ මුං කරපු මෙහෙයුම් ගැනත් තියෙනවා

    -------------------------------------------

    මේ දවස්වල Gaza Conflict ගැන මගේ Thread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1624208
     
    Last edited: