Spicy Tom-Yam Soup !!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළකිරිය නිවාඩු අරන් ආපසු ආව සන්තෝසෙට ඔන්න මම සූපයක් හදන්නයි යන්නෙ!!
    මේක තායි සුප් එකක් ටිකක් කට සැරට නහය දන එකක්. වැහි දවසක රෑට කියාපු එක!!
    තායි බසින් Tom-Yam කියන්නෙ Lemon Grass හෙවත් සේර වලට. මේ සුප් එකේ ප්‍රධාන රසකාරකය සේර!! මෙයට යොදාගන්නා කෆීර් ලයිම් සහ ගලන්ගාල් අල වෙනුවට ආදේශක යොදාගෙන ඇත!!


    ty11.jpg


    අවශ්‍ය දේවල් -
    ty1.jpg


    ලොකු සේර ගස් 2-3ක්
    සෙලරි දඩු කීපයක්
    දෙහි හෝ වෙනත් පැගිරි කොළ කීපයක් (කෆීර් ලයිම් කොළ වෙනුවට)
    දෙහි ගෙඩියක්
    ලොකු ඉගුරු කැබැල්ලක් (ගලන්ගාල් අල වෙනුවට)
    ලොකු ලූනු ගෙඩියක්
    කොත්තමල්ලි කොළ මිටක්

    ty2.jpg


    ඉස්සො, දැල්ලො සහ මාලු වැනි දේ ග්‍රෑම්75- 100 බැගින්
    කුකුල් මස්, ඌරු මස් වැනි මස් වර්ග කීපයක් ග්‍රෑම් 75-100 බැගින්
    හතු වර්ග කීපයක් ( Oyster, Button, Shitake, Strew , Black or white fungus)

    ty3.jpg


    සියල්ල තරමක කැබලි කපා ගන්න.

    ty4.jpg


    මස්, මාලු හා හතුද කැබලි කපා ගන්න.

    ty5.jpg


    තෙල් මේස හැන්දක් ලිප තබා කෑලි මිරිස් හෝ චිලී පේස්ට් තේ හැන්දක් එකතු කරන්න.

    ty6.jpg


    ඉන්පසු කපාගත් එළවලු ,හතු හා මස් සියල්ලම එකතු කරන්න.

    ty7.jpg


    ලුණු තේ හැන්දක්, දෙහි යුෂ තේ හැදි 2-3ක් , මාලු සෝස් තේ හැන්දක් සහ සෝයා සෝස් මේස හැන්දක් එක් කරන්න.
    ty8.jpg

    විනාඩි 3-4ක් බැදුන පසු ස්ටොක් හෝ වතුර කෝප්ප 3-4ක් එක් කර විනාඩි 10ක් පමණ හොදින් තම්බා ගන්න.

    ty9.jpg


    අවශ්‍යනම් සේර කැබලි සහ සෙලරි කැබලි ඉවත් කර ගන්න.

    ty10.jpg


    කලින් පිසගත් නූඩ්ල්ස් සහ කපාගත් කොත්තමල්ලි කොල උඩට සුප් එක වත්කර පිලිගන්වන්න!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අතීතයට යා නොදී ඔබ වෙනුවෙන් ...........!!!