මම ඔයා කියපු කතාවට උදාහරණයක් කිවුවෙ.
ඔයා කියන්නෙ හයි කැපෑසිටි බයික් රෙජිස්ටර් නොකරන එක නීතියෙ අඩුවක් කියලනෙ.
එහෙනං අනිත් දේවල් වලටත් එහෙම හිතන්න පුලුවන්.
රටේ නීතිය සීයට සීයක් හරි නොවෙන්න පුළුවන්, ඒත් මෙතැනදි high capacity bike රෙජිස්ටර් නොකරන්නෙ ලංකාවේ මාර්ග පද්ධතියේ තිබෙන අඩුපාඩු වගේ කරුණු සලකලා බලලා වෙන්න පුළුවන් ඒ නිසා ඒක නීතියේ අඩුපාඩුවක් කියලා හිතන්න අමාරුයි නේද?
අනික ටිකක් හොයල බැලුවොත්, ලෝකෙ අනිත් රටවල් වලත් පාරට දාන්න තහනම් කරපු, සීමා පනවපු වාහන වර්ග තියෙනව.
ඒ නිසා, මම කියන්නෙ රටේ නීතියක් තියෙනවනං, ඒ නීතියට රටේ සෑම පුරවැසියෙක්ම අවනත විය යුතුයි එහෙම නොවෙනවා නම් ඒක නීතිය ඉක්මවා යාමක්
නෑ. මම ඒකයි කියන්නෙ ඔයා හොයල බලල නෑ කියල. ලියාපදිංචි නොකර ඉන්න කිසිම හේතුවක් නෑ..
පාරවල් වල එහෙම අඩුපාඩුවක් නෑනෙ?
ඔයා කියන්නෙ මේව පදින්න motogp track එකක් ඕනෙ කියලද?
මේව road leagal බයික් සේරම. එහෙම road leagal නොවන බයික් තියනව. ඒව නම් පදින්න බෑ කිසිම රටක
Kawasaki H2R, Ducati Desmocedisi, මේ වගේ ඒව
-------------
මේක sport event එකක් day to day life එකේ දෙයක් නෙමෙයි. ඔයාය අනුව
පෙරහැරවල පාරෙ අලි යන එක, පාරෙ ගිනි ගොඩවල් ගහන එක. පාර වහන් picket කරන එක. අවුරුදු උත්සව වල බයිසිකල් රේස් පදින එක. යුධ වාහන පෝලිමට පාරෙ පෙලපාලි යන එක. පාරෙ මැරතන් දුවන එක. දේශපාලන රැස්වීම් තියන එක සේරම නීතිය ඉක්මවායාමක් ද?