Spin riders ගැන උඹලගේ අදහස්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    වලේ නම් තමා නීති නමන්න යන විනයක් නැති උං ඉන්නකම්.
    මෙහෙම හිතන්නකො බ්‍රෝ..

    ඔයා පට්ට බේබද්ද. බොන්න ආසයි. විනෝදාංශෙ වගේ.

    ඔයා ආසම බෝතලේ ශිවාස්. ලෝකෙ ශිවාස් වලට කිසිම තහනමක් නෑ..

    හැබැයි ඔන්න ලංකාවෙ උන් සැර වැඩී ගාන වැඩී අපිට දරාගන්න අමාරුයි කියල ශිවාස් තහනම් කරනව.

    හැබැයි ඒකෙ කිසිම පදනමක් නෑ. ඒක ටිකක් මිල. හොද කොලිටි බෝතලයක්. ලෝකෙ තහනම් මත්පැන් එකක් නෙමේ.

    ඔයා පට්ටම බේබද්ද නම්, ශිවාස් බොන්නම ආසයි නම් ඒක කොහොම හරි බොන්න විදිහක් හොයාගන්නෙ නැද්ද්?

    මම ඔයාට කියන්මෙ ඕපන් මයින්ඩ් ඉදල නිකන් හිතල බලන්න.

    කිසිම සදාරන හේතුවක් නැතුව තමාට බලෙන් කරනන් නොදී හිර කරන් ඉන්න දෙයක් කරන්න ඔයාගෙ හිත ඔයාව පොලඹවන්නෙ නැද්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම ආසත් නීති සම්පාදනය වෙලා මේ ලිමිටේශන් අයින් වෙනව දකින්න..

    450ට වැඩි උන පමණින් accident වැඩි වෙනව කියන පදනම මොකක්ද ඔයා?
    ------ Post added on Mar 19, 2022 at 11:50 AM

    මං එහෙම එකක් කියල නෑ. බයික් පදින තරුණ වයසෙ ගොබ්බයො ගොඩක් ඉන්නවා. දැනටම කොච්චර අනතුරු බයික් වලින් කරනවද කියල පේනව ඇතිනෙ. ඒ රටේ හරි හමන් මාර්ග නීතියක් වත් වෙන්නෙ නැති නිසා. සම්පූර්ණ මාර්ග නීති හරියට ක්‍රියාත්මක නොකර, හරියට දැනෙන දඩයක් වත් නොගහ, එච්චර හයි කැපෑසිටි බයික් පදින්න දීලම බලන්න තියෙන්නෙ. එතකොට මං කියන එක පේන්න තියේවි. වෙන රටවල් වල ඒ බයික් වලට අවසර දෙන එක කතා කරනව නං ඒ රටවල් වල නීති ටිකත් එක්කම ගේන්න කියන්න. අන්න ඒක නං ලොජිකල්. එහෙම නැතුව කියන මේවයි buc piccoගෙ අඳෝනාවලුයි දෙකම එකයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මෙහෙම හිතන්නකො බ්‍රෝ..

    ඔයා පට්ට බේබද්ද. බොන්න ආසයි. විනෝදාංශෙ වගේ.

    ඔයා ආසම බෝතලේ ශිවාස්. ලෝකෙ ශිවාස් වලට කිසිම තහනමක් නෑ..

    හැබැයි ඔන්න ලංකාවෙ උන් සැර වැඩී ගාන වැඩී අපිට දරාගන්න අමාරුයි කියල ශිවාස් තහනම් කරනව.

    හැබැයි ඒකෙ කිසිම පදනමක් නෑ. ඒක ටිකක් මිල. හොද කොලිටි බෝතලයක්. ලෝකෙ තහනම් මත්පැන් එකක් නෙමේ.

    ඔයා පට්ටම බේබද්ද නම්, ශිවාස් බොන්නම ආසයි නම් ඒක කොහොම හරි බොන්න විදිහක් හොයාගන්නෙ නැද්ද්?

    මම ඔයාට කියන්මෙ ඕපන් මයින්ඩ් ඉදල නිකන් හිතල බලන්න.

    කිසිම සදාරන හේතුවක් නැතුව තමාට බලෙන් කරනන් නොදී හිර කරන් ඉන්න දෙයක් කරන්න ඔයාගෙ හිත ඔයාව පොලඹවන්නෙ නැද්ද?

    එහෙම කියල ටැක්ස් මොකුත් ගෙවන්නේ නැතුව හොර පාරෙන් ශිවාස් ගෙන්නගන්න එක වැරදියිනේ? :lol:
     
    • Haha
    Reactions: Sen-lu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    කරමු මිතුර කරමු :LOL:
    ඔයාලට නම් මොකද.. දැං ලාන්සර් EX පැද්දට.
    සල්ලි ගානක් නැති දවසක evolution 10 එකක් හරි එහෙම ත් නෑ නම් GTR එකක් හරි ගෙනත් පදින්න පුලුවන්. ඔයාගෙ ආසව ඔයාට සම්පූර්ණ කරගන්න පුලුවන්. නීතියෙන් බාදාවක් නැ..

    ඔයා බයික් වලට ආස නෑ වෙන්න පුලුවන්.

    ඒත් බයික් වලට ආස එකෙක්ට සල්ලි තිබුනත් ඒ දේ කරගන්ම නීතිමය රාමුවක් නෑ..

    අසාධාරණ නැද්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම කියන්නෙ ඔය වගේ සමාජ හදල සල්ලි එකතුකරල ලොකු ඉඩමක් අරගෙන ලොකු ට්‍රැක් හදල ඒක ඇතුලෙ පදින්න ඕනෙ උන්ට ඕනෙ කෙහෙල්මලක් කරන්න දෙන්න ඕනෙ. ඔය වගේ ඒවා බලන් ඉන්න ආස එවුන්ට එතෙන්ට ගිහින් බලන් ඉන්න හදන්න ඕනෙ. පෞද්ගලික ඉඩමක නිසා මාර්ග නීති අදාල වෙන්නෙත් නෑ. අනිත් මිනිස්සුන්ට, වාහනවලට කරදරේකුත් නෑ. යක්ක පුත්තුන්ගෙ අසහනෙත් නැතිවෙනව. ඕන්නං බලපත්‍ර දීලා ආන්ඩුවට ගානක් කඩාගන්නත් පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔයාලට නම් මොකද.. දැං ලාන්සර් EX පැද්දට.
    සල්ලි ගානක් නැති දවසක evolution 10 එකක් හරි එහෙම ත් නෑ නම් GTR එකක් හරි ගෙනත් පදින්න පුලුවන්. ඔයාගෙ ආසව ඔයාට සම්පූර්ණ කරගන්න පුලුවන්. නීතියෙන් බාදාවක් නැ..

    ඔයා බයික් වලට ආස නෑ වෙන්න පුලුවන්.

    ඒත් බයික් වලට ආස එකෙක්ට සල්ලි තිබුනත් ඒ දේ කරගන්ම නීතිමය රාමුවක් නෑ..

    අසාධාරණ නැද්ද?

    ඔයා අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්නකෝ

    වෙන වාහනේක ප්ලේට් ගහගෙන ගිය එකට නීතිය ක්‍රියාත්මක කරලද?

    අවසර ගත්තට නීති කඩ කරන්න අවසර දීලා නෑනේ.

    qaBRJHj.png

    එහෙම කියල ටැක්ස් මොකුත් ගෙවන්නේ නැතුව හොර පාරෙන් ශිවාස් ගෙන්නගන්න එක වැරදියිනේ? :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    එහෙම කියල ටැක්ස් මොකුත් ගෙවන්නේ නැතුව හොර පාරෙන් ශිවාස් ගෙන්නගන්න එක වැරදියිනේ? :lol:
    ටැක්ස් ගෙවලවත් ශිවාස් ගෙන්නෙ දෙන්නෙ නෑ නම්? හොරෙන් පන්නල බොන්නෙ ම නැ? 😂

    දැං ගංජ තහනම්. ඉදල හිටල හරි පොඩි පාරක් අදින්න සෙට් උනොත් අම්මො තහන්ම් බෑ කියන්නෙ නෑනෙ අයියෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ටැක්ස් ගෙවලවත් ශිවාස් ගෙන්නෙ දෙන්නෙ නෑ නම්? හොරෙන් පන්නල බොන්නෙ ම නැ? 😂

    දැං ගංජ තහනම්. ඉදල හිටල හරි පොඩි පාරක් අදින්න සෙට් උනොත් අම්මො තහන්ම් බෑ කියන්නෙ නෑනෙ අයියෙ..

    ඔයාට තේරෙනවනේ ඔය "ඔයාලත් කරයිනේ" කියල කරන්නේ නීතිය මහ දවාලෙ කැඩුව තමයි කියන එක පිළිගන්න තියෙන විළිලැජ්ජාව අත් දෙකෙන් වහගන්න හදන එක කියලා? :geek:
     
    • Like
    Reactions: Sen-lu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    ඔයා අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්නකෝ
    ඉතිං මම කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරන්න කියල. මාර්ග නීති කඩකරපු ඒවට.

    ඒ එක්කම කියන්නෙ පදනම් විරහිත restrictions ඉවත් කරල sport car වලට තියන තත්වයම super bikes වලටත් ලැබෙන්න ඕනෙ කියන එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නම්බර් ප්ලේට් එකක් දෙන්න රෙජිස්ටර් කරන්න දෙන්න එපායැ.. ඒකනෙ තියන ප්‍රශ්නෙ.. ඒවට විසදුමක් නෑ තාම

    නම්බර් ප්ලේට් එකක් නැත්තන් වෙන එකක නම්බර් ප්ලේට් එකක් ගහගෙන යන්නද ඕන? අම්මෝ බං අවංකවම ලංකාව ඔය තත්වෙන් තියෙන එකම ඇති. :dull:

    පාරෙ පදින්න තහනම් කියන වචනෙ වැරදි, පාරෙ පදින්න නීති සකස් කරල නෑ.
    ------ Post added on Mar 19, 2022 at 9:22 AM

    උඩ උබේම පෝස්ට් එක ආයෙත් හෙමීට කියවපන්කො මචන් දෙපාරක් තුන් පාරක් තේරෙනකම්. ඒකෙ තියෙන්නෙ රෙජිස්ටර් කරන්න බෑ කියලා. ඒ කියන්නෙ තහනම්. තහනම් නැති වාහන රෙජිස්ටර් කරන්න පුලුවන්. (තහනමට මම සම්පූර්ණයෙන් එකඟයි කියල කොහෙවත් කිව්වෙ නෑ.)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    ඔයාට තේරෙනවනේ ඔය "ඔයාලත් කරයිනේ" කියල කරන්නේ නීතිය මහ දවාලෙ කැඩුව තමයි කියන එක පිළිගන්න තියෙන විළිලැජ්ජාව අත් දෙකෙන් වහගන්න හදන එක කියලා? :geek:
    ටැක්ස් ගෙවලත් ගෙන්නන්න් දෙන්නෙ නෑ නම් ශිවාස් ඔයා හොයාගෙන හරි බොන්නෙ නැද්ද?

    මම කියන්නෙ ඔයා පට්ට බේබද්දෙක් නම්?
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    විසදුම තමයි පදනම් විරහිතව ලියාපදිංචියට අවස්තාව නොදී ඉන්නෙ නැතුව ඒ සදහා අවස්තාව දෙන එක.

    නීතියට අනුවයි tour එක ගියේ.. මේ කියන මහත්වරුන්ට ඉරි කපල හයි ස්පීඩ් ගිහිල්ල වැරදි කරල නැටුවම ඇති ඉතිං.. මම කියන්නෙ මාරග නීති කඩ උන තැන් තියනව නම් ඒකට නීතියෙන් කටයුතු කරන්න පුලුවන් කියන එක
    ------ Post added on Mar 19, 2022 at 11:56 AM
    හොර බයික් දාගෙන මාර්ග නීති කඩාගෙන වාහන හප්පගෙන නීතියට අනුව ගිය ගමනට උබලා මෙහෙම කියයි කියලා හිතුවේ නෑ. කුහකයෝ

    20220319_122438.jpg
     
    • Haha
    Reactions: Tricle_Buwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම ඔයා කියපු කතාවට උදාහරණයක් කිවුවෙ.

    ඔයා කියන්නෙ හයි කැපෑසිටි බයික් රෙජිස්ටර් නොකරන එක නීතියෙ අඩුවක් කියලනෙ.
    එහෙනං අනිත් දේවල් වලටත් එහෙම හිතන්න පුලුවන්.

    රටේ නීතිය සීයට සීයක් හරි නොවෙන්න පුළුවන්, ඒත් මෙතැනදි high capacity bike රෙජිස්ටර් නොකරන්නෙ ලංකාවේ මාර්ග පද්ධතියේ තිබෙන අඩුපාඩු වගේ කරුණු සලකලා බලලා වෙන්න පුළුවන් ඒ නිසා ඒක නීතියේ අඩුපාඩුවක් කියලා හිතන්න අමාරුයි නේද?
    අනික ටිකක් හොයල බැලුවොත්, ලෝකෙ අනිත් රටවල් වලත් පාරට දාන්න තහනම් කරපු, සීමා පනවපු වාහන වර්ග තියෙනව.

    ඒ නිසා, මම කියන්නෙ රටේ නීතියක් තියෙනවනං, ඒ නීතියට රටේ සෑම පුරවැසියෙක්ම අවනත විය යුතුයි එහෙම නොවෙනවා නම් ඒක නීතිය ඉක්මවා යාමක්

    spot on.. 👌 👌 👌
    100%
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතිං මම කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරන්න කියල. මාර්ග නීති කඩකරපු ඒවට.

    ඔයත් ඒවට විරුද්ධයි නම් මෙයාල මාර්ග නීති කඩ කරන එක ප්‍රශ්න කරල ඒකට විරුද්ධයි කියන අනිත් අයට කුහකයො කියන්නෙ ඇයි? :LOL:

    තමන්ගෙ සල්ලි වලින් ආතල් එකක් ගන්නව බලන් ඉන්න බැරි කුහක මිනිස්සු රැලක් බං උඹල..

    මේ තරම් කුහක වෙන්න එපා. රටේ සල්ලි වියදම් කරන්නෙ නෑ නම්. කාටවත් කරදරයක් නෑ නම් ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නෙ?

    දැන් තේරුණාද ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ කියලා? :giggle:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    නම්බර් ප්ලේට් එකක් නැත්තන් වෙන එකක නම්බර් ප්ලේට් එකක් ගහගෙන යන්නද ඕන? අම්මෝ බං අවංකවම ලංකාව ඔය තත්වෙන් තියෙන එකම ඇති. :dull:

    උඩ උබේම පෝස්ට් එක ආයෙත් හෙමීට කියවපන්කො මචන් දෙපාරක් තුන් පාරක් තේරෙනකම්. ඒකෙ තියෙන්නෙ රෙජිස්ටර් කරන්න බෑ කියලා. ඒ කියන්නෙ තහනම්. තහනම් නැති වාහන රෙජිස්ටර් කරන්න පුලුවන්. (තහනමට මම සම්පූර්ණයෙන් එකඟයි කියල කොහෙවත් කිව්වෙ නෑ.)
    ඉතිං මම කියන්නෙ ඒ තහනම සම්පූර්ණයෙන් පදනම් විරහිතයි කියන එක. මෙහෙම කට්ට කාල යන්න ඕනෙ නෑ ඒ නීති තිබුන නම්?

    මම කියන්නෙ මේවට නීති සකස් වෙන්න ඕනෙ කියන එක. ඒක රජයටත් ආදායමක්. දැන් තතවය ටැක්ස් ගෙවල සේරම හරියට කරන්න procedure එකක් නැතිකම.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Mun seta eka.. oya gam wala bokku uda inna 3wheel/bike adu kule parayo tikak... unge version 2 me... :lol:

    Nothing more nothing less... :lol: Mun hithuwata loku wade kale kiyala... patta adu kule... :lol:

    ලංකාවෙ උන්ගෙ mindset එක.
    ගණන් වැඩි වාහනේකින් මොන වැඩේ කරත් අවුලක් නෑ. වාහනේ සුපිරි නිසා උනුත් සුපිරි කියල හිතන්නෙ. ගණන් අඩු වාහනේකින් කරොත් විතරයි අඩු කුලේ & වැරදි. :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    ඔයත් ඒවට විරුද්ධයි නම් මෙයාල මාර්ග නීති කඩ කරන එක ප්‍රශ්න කරල ඒකට විරුද්ධයි කියන අනිත් අයට කුහකයො කියන්නෙ ඇයි? :LOL:

    දැන් තේරුණාද ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ කියලා? :giggle:
    ඉතිං ගිය හැම එකාම මාර්ග නීති කඩකරල නෑ.. කඩ කරපු අයට නීතිය ක්‍රියාතමක කරන්න පුලුවන් කියල කිව්වෙ.

    මම කුහකයි කියන්නෙ. තමාට කිසිම බදාවක් නොවුන දෙයක් වෙන කෙනෙක් කරනකොට බලන් ඉන්න බැරි එකට
     
    Sen-lu

    Well-known member
  • මෙහෙම හිතන්නකො බ්‍රෝ..

    ඔයා පට්ට බේබද්ද. බොන්න ආසයි. විනෝදාංශෙ වගේ.

    ඔයා ආසම බෝතලේ ශිවාස්. ලෝකෙ ශිවාස් වලට කිසිම තහනමක් නෑ..

    හැබැයි ඔන්න ලංකාවෙ උන් සැර වැඩී ගාන වැඩී අපිට දරාගන්න අමාරුයි කියල ශිවාස් තහනම් කරනව.

    හැබැයි ඒකෙ කිසිම පදනමක් නෑ. ඒක ටිකක් මිල. හොද කොලිටි බෝතලයක්. ලෝකෙ තහනම් මත්පැන් එකක් නෙමේ.

    ඔයා පට්ටම බේබද්ද නම්, ශිවාස් බොන්නම ආසයි නම් ඒක කොහොම හරි බොන්න විදිහක් හොයාගන්නෙ නැද්ද්?

    මම ඔයාට කියන්මෙ ඕපන් මයින්ඩ් ඉදල නිකන් හිතල බලන්න.

    කිසිම සදාරන හේතුවක් නැතුව තමාට බලෙන් කරනන් නොදී හිර කරන් ඉන්න දෙයක් කරන්න ඔයාගෙ හිත ඔයාව පොලඹවන්නෙ නැද්ද?
    ඔව් උඹ ආසත් ඇති ඕව රෙජිස්ටර් කරන්න බැරිවෙන්න සාධාරණ හේතු නැතුවත් ඇති. හැබැයි ඕක නෙවෙයිනෙ පොයින්ට් එක.

    මිනිස්සු ට්‍රැෆික් එකක හරි පෝලිමට ඉන්නව. උඹ හිතනව මොන උට්ටක්ද මට පෝලිමේ ඉන්න බෑ මම වමෙන් දාල යනව කියල. උඹ වමෙන් දැම්ම ගමන් අනිත් උනුත් මමත් මොකටද මෙහෙම ඉන්නෙ මමත් වමෙන් දානව කියල උඹේ පස්සෙන් එනව එතකොට දන්නෙම නැතුව උඹ පස්සෙන් තව පෝලිමක්ම හැදිල. අන්තිමට එහෙන් මෙහෙන් දාල එකෙක්වත් යන්න බැරිවෙන්න සිස්ටම් එකම හිරවෙනව.

    ලොකු පොඩි අදාල නෑ වැරැද්ද නම් වැරැද්ද. වෙන කෙනෙක් කරනකොට ඒක වැරදි වෙන්නයි තමන් කරනකොට හරි වෙන්නයි බෑ. විනයක්නැති සමාජයකට පැවැත්මක් නෑ නූල කැඩුන සරුංගලේ වගේ ඔහේ පාවෙලා කඩාගෙන වැටෙනව. ඒක තමයි අද රටටම වෙලා තියෙන්නෙ. ඒක නිසා වැරැද්දක් උනාම ඒක අඳුරගෙන ඉස්සරහට එකම නොකර ඉන්න බලන්න සාධාරණීයකරනය හේතු හොයන්නෙ නැතුව.