මේ වසරේ මුල් අර්ධය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 15.7 ක දැවැන්ත අලාභයක් වාර්තා කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ නවතම දත්ත මගින් හෙළිවේ.
මේ අනුව, 2013 මුදල් අමාත්‍යංශ වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගම මුල් මාස හය තුළදී රුපියල් බිලියන 54.4 ක ආදායමක් උපයාගත් බවයි.
මේ වසර තුළදී ශ්‍රී ලංකන් වෙත මහජනතාවගේ මුදල් රුපියල් බිලියන 12.5 ක් රජය විසින් ලබාදී තිබෙන අතර ගිය වසර දෙක තුළදී සමාගමට ලබාදුන් මහජන මුදල් පිළිවෙලින් රුපියල් බිලියන 14.2 ක් සහ රුපියල් බිලියන 12.6 ක්වේ.
2014 අයවැය මගින්ද රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක්ද, මිහින් ලංකා වෙත ඇමරිකානු ඩොලර් මිලියන 50 ක්ද වෙන්කර ඇත.
තිබ්බේ Vimasuma එකේ..
way to go



