මෙන්න මන් ලයිසොන් ගත්ත විදිය.
සැහැල්ලු + බයික් වලට තමා ගත්තේ. 15000 ක් ඕන කිවුවා ලර්නස් එකෙන්. මුලින් 5000 ක් ගෙව්වා. ඊටපස්සේ මෙඩිකල් එක ගන්න තැනක් කියල රිසිට් එකක් දුන්නා. මෙඩිකල් එක කරන තැනට ඒක පෙන්නුවම මට කාමරේකට යන්න කිව්ව. ඒකෙ හිටිය ගෑනු ලමයෙකම් මගෙන් ඇස් පේනවද කියල ඇහුව. මම කිව්ව පේනව කියල. (ඇත්තටම මගේ එක ඇහක් පේනව පොඩ්ඩක් අඩුයි. ඒ වුනාට මට කන්නාඩි දාන්නේ නැතිව ලොකු ප්රශ්නයක් වෙලා නම් නෑ.) ඊට පස්සේ එයා කොලයක ඒක ලියාගත්තා. ඊට පස්සේ බර බැලුවා. උස මැන්නා. ලේ වර්ගය දන්නවද ඇහුවා. මම දැනන් හිටියේ නෑ. එයා මගේ ඇගිල්ලක් හිල්කරල කාඩ් එකකට ලේ බින්දු තුනක් තියල මගේ ලේවර්ගය කිවුවා. ඒව ඔක්කොම කොලේ මාක් කරල මාව ඩොක්ටර් කෙනෙක් ගාවට යැවුව. එතනින් ඩොක්ටර් මට තියෙන ලෙඩ ජාති මොනවද, අම්මට තාත්තට තියෙන ලෙඩ මොනවද, කියල විස්තර වගයක් ඇහුව. ඒ ඇහුව වේගෙට මොනවද ඇහුවේ කියල මට හරියට මතක නෑ. මම අහපු හැම එකකටම නෑ නෑ කියල උත්තර දුන්න. ඊට පස්සේ මෙඩිකල් ෆෝම් එක පුරවල සීල් එක ගහල අත්සන් කරල රු. 500 ක් අරන් එක මට දුන්න.
ඊප පස්සේ දවසක මොකක්ද කාර්යාලයකට එන්න කිවුව. ඒදා ගියාම පැය 4-5 ක් කට්ටක් කාල එතන වැඩ ටික කරල දුන්න. එතනින් ෆොටෝ ගහල, ඇගිලි සලකුණු අරන්, අත්සන ස්කෑන් කරල වැඩ ගොඩක් තියෙනව කරගන්න. කෑම ටයිම් එක අහුවුන හින්ද තව ටිකක් වෙලා ගියා.
එතනින් ලිඛිත පරීක්ෂනයට දවසක් දෙනව. ඊට පස්සේ ලර්නස් එකෙන් පොඩි පොතක් හෙමත් දුන්න පාඩම් කරගන්න කියල. විභාගෙට ලැමිනෙට් කරපු පොතක් වගේ එකක් දෙනව. ඒක එක් කෙනාට වෙනස් ප්රශ්න තියෙන පොත් තමා හම්බෙන්නේ. එක හින්ද කොපි කරන්න එපා. කොපි කරන්න දෙයකුත් නෑ. මට හම්බවුන පොතේ නම් හරි ඒව ලගින් හරි ලකුණක් දාල තිබුනා. නැතත් ඒ පුශ්න අමාරු නෑ.
විභාග හරියට ලියල පාස් වුනොත්. ටෙම්පරි ලයිසොන් එක එනව. ඊට පස්සේ ලර්නස් එකේ පුරුදු කරන්න පටන් ගන්නව. මම ගිය ලර්නස් එකේ තිබුනේ පරන වැනට් එකක්. එක් කෙනෙක්ට විනාඩි 10ක් වගේ තමා පුරුදු වෙන්න ලැබෙන්නේ. ටිකක් අමාරු අයට නම් ඊට වඩා වැඩි වෙලාවක් දෙනව. කුණුහරප එහෙම කිවුවෙ නැති වුනාට වැරදියට කරන කොට තදටම බනිනවා. දනිහට අතට පිටට එහෙම ගහනව. ගෑනු ළමයි කියල සමාවක් නෑ. හැබැයි ඒ අයට අතට විතරයි ගහන්නේ. මට නම් එක පාරක්වත් ගුටි කන්නවත් බැනුම් අහන්නවත් සෙට් වුනේ නෑ. ගැහුවට බැන්නට යන්න යද්දි දුව, පුතා කියල කතා කරල තරහද? කියලත් අහනව. මට ලර්නස් යන්න හම්බුනේ දවස් 8 යි. ට්රයල් එකට දින ආව.
ටුයල් එක දවසට අපිට සුදු ෂර්ට් ඇතගෙන එන්න කියල කිවුව. හැමොම එහෙම ඇදගෙන ආවෙ. ගෙවන් තිබුනු සල්ලි ඔක්කොම එකතු කරගත්ත. උදේම අර කලින් කාර්යාලයට ගිහින් ටෙම්පරි කොලේ දීල මොනවද වැඩ වගයක් කරන්න තියෙනව. හරියටම මතක නෑ.
එතන වැඩ ඉවර වුනාට පස්සේ ටුයල් පෙන්නන තැනට ගියා යද්ද උදේ 9.30 ට ඇති. හවස 4.45 ට විතර තමා ට්රයල් පෙන්න්න පටන් ගන්නේ. එදා තමා අපිට මෝටර් සයිකලේ දුන්නේ පුරුදු වෙන්න. ට්රයල් පෙන්නන් ඕන 100සීසී ට වඩා වැඩි බයික් එකකින්. 100සීසී ට වඩා අඩු එකකින් පෙන්නුවොත් 100සීසී ට වඩා වැඩි බයික් පදින්න ලයිසන් දෙන්නේ නෑ. මට ඒ වෙද්දි බයික් පදින්න පුලුවන්. එත් මන් ක්ලච් නැති බයික් පැදල නෑ. ලර්නස් එකේ බයික් එක ක්ලච් නැති එකක්. ඒක හින්ද ඒක මට ටිකක් නුහුරුවට තිබුනේ. හවස 5 ට විතර අපි වෑන් එකේ නග්ගගෙන අරන් ගියා ටුයල් පෙන්නන්න. එක්කෙනෙක්ට කි.මි. 0.5 ක් වගේ දුන්න. ගියර් 4 ට යනකන් දාන්න ඕන. හෑන්ඩ් සිග්නල් හරියටම දාන්න ඕන. රිවස් එකක් දාන්නත් තියෙනව. අපිත් එක්ක ගිය 22 න් හැමෝම පාස්. (ගොඩක් අය පන්ඩිත වැඩ කරන්න ගිහිල්ලු ෆේල් වෙන්නෙ. ඒ කෙදි බලන්නේ හරියට පරිස්සමට වාහනේ හසුරව ගන්න පුළුවන්ද කියල විතරයි.)
හවස 6 ට විතර බයික් ට්රයල් පෙන්නන් යනකොට සෑහෙන්න කරුවලයි. අනිත් අයත් ගිහින්. අපේ ලර්නස් එකේ අය විතරයි හිටියේ. මට ක්ලච් නැති බයික් හුරු නැති හින්ද එකපාරක් කකුලත් තියවුනා. කොහොම හරි අප්සෙට් එකක් නැතිව පාස් කරල තිබුනා.
ඊට පස්සේ සතියකින් විතර ලයිසන් එක ලර්නස් එකට ඇවිත් තිබුනා.