Sri lanka Educrion Ministry

Sakibura

Member
Sep 20, 2009
226
10
0
Top Lanka News පෙබරවාරි 09
දුෂ්කර සිංහල ගම්මාන වලට වාසය කරන දිළිදු සිංහල දරුවන්ගේ අධ්‍යාපනය ගැන සැලකිල්ලක් නොදැක්විමේ පුවත් රට හැම තැනින්ම ඇසේ. සමහරෙක් අධ්‍යාපන බලධාරීන් සිංහල දරුවන් ඉගෙණ ගන්නවාට කැමති නැති නිසා එය සිදුවේ. තවත් පලාතක බෞද්ධ දරුවන් නිසා ඔවුන්ට අධ්‍යාපන පහසුකම් නොසපයන අධ්‍යාපන බලධාරින් සිටිති. මේ හේතු දෙකටම වෙනස් හේතුවක් පදනම් කරගත් කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විල්ගමුව මහවතැන්න රජයේ විදුහල විනාශකිරිමට කටයුතු කර තිබේ.
විල්ගමුව මහවතැන්න විදුහල හැමදාම ගුරු හිගයෙන් පිඩා විදි පාසැලකි. එහි උගත්තේ දිළිදු ගොවියන්ගේ දු දරුවන් පමණක් නිසා කලාපීය බලධාරින් කිසිම විටක මහවතැන්න විදුහලේ ගුරු හිගය නැති කිරිමට සිතුවේ නැත. නමුත් දෙමව්පියෝ කලාපීය අධ්‍යාපන බලධාරියාට මේ ගැන පැමිණිලි කළහ. ඒ නිසා අධ්‍යාපන බලධාරින් සහ මහවතැන්න විදුහලේ දෙමව්පියන් අතර සාකච්ඡාවක් ඇතිවුනි. පාසැලට ගුරුවරුන් ලබාදෙන්නැයි දෙමව්පියන් ඉල්ලූහ. කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඊට පිළිතුරු සැපයුවේ මහවතැන්න රජයේ විදුහල කණිෂ්ඨ පාසැලක් බවට පත් කිරිමෙනි.

මෙතැන් පටන් විල්ගමුව මහවතැන්න රජයේ විදුහලේ 6 හා 7 වසර පංතිවල ඉගෙණිම ලැබු දරුවන්ට මෙම පාසැලින් සැතපුම් 5 එපිටින් පිහිටි පාසැල් දෙකකින් එකකට යන්ඩ සිදුවේ. මේ දරුවන්ට එහෙම යන්ඩ යාන වාහන පහසු කම් නැත. බස් වෑන් නැත. වන්නාතර මැදින් ඉතා දුකසේ මේ දුරයන්ඩ සිදුවේ. එමනිසා මෙය හෙණ ගහණ අපාරාධයකි. වසල ක‍්‍රියාවකි.

අධ්‍යාපන බලධාරින් මහවතැන්න පාසැලේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් මේ වසල ක‍්‍රියාව කිරීම පිළිබදව යම් යම් හේතු අසන්ට ලැබේ. ඒ සැමට පෙර දරුවන්ගේ අධ්‍යාපනයට විනකටින මේ වසලයින්ගේ පරමාර්ථය රජය කෙරේ මහජනයා කලකීමදැයි සෙවීම ප‍්‍රදේශයේ දේශපාලන නායකයාගේ යුතුකමකි.

විල්ගමුව මහහවැන්න විදුහලට අවශ්‍ය ගුරුවරුන් ලබාදී එම ගම්වල අසරණ ගොවිදරුවන්ට පිහිටවිමේ ශක්තිය අධ්‍යාපන ඇමතිවරයාට ඇත්නම් මේ ගැටඵව විසදේ