Sri Lanka Insurance කැත වැඩ

DR. Hondahitha

Junior member
  • May 31, 2012
    84
    22
    8
    මම වැඩ කරන්නේ නර්තන කණ්ඩායමක. අපි ලංකාවේ ගොඩක් අය දන්න පිළිගත් Dance Team එකක්. දැන් සතියකට විතර කලින්, හරියටම කියනවනම් (2018 නොවැම්බර් 8) අපි ගියා හම්බන්තොට Shangri-La හොටෙල් එකට Sri Lanka Insurance ඉවෙන්ට් එකකට.

    ඒක උදේ ඉඳලම තියෙන නිසා පාන්දර 2ට අපි කොළඹින් පිටත් වුනේ. හොටෙල් එකට යනකොට උදේ 6යි. අපිට වෙනදට හොටෙල් එකෙන් දෙන changing රූම් එක Sri Lanka Insurance එකෙන් අරන් කියලා අපිට වෙන තැනකින් පොඩි changing රූම් එකක් දුන්නා. ඒක ඇතුලේ AC තියා ෆෑන් එකක් වත් නෑ. අපි කල්පනා කලා කොහොමද දවසක් ම මේක ඇතුලේ ඉන්නේ කියලා.

    කොහොමහරි Rehearsal කරලා ඉක්මනට ඇඳගෙන ලෑස්ති වුනේ බඩගින්නවත් බලන්නේ නැතුව, පළවෙනි dance එක උදේ 10ට තියෙන නිසා. පලවෙනි dance එක ඉවර වුණා. හොටෙල් එකෙන් අපිට කිව්වා තේ එහෙම තියෙනවා ඉස්සරහා ඕනේ නම් බොන්න පුළුවන් කියලා. ඒ හින්දා අපි තේ බිව්වා. තේ බීලා ඉවර වෙන්න හම්බුනේ නෑ මෙන්න එක්කෙනක් ඇවිල්ලා කියනවා dancers ලට තේ බොන්න බෑ ඒකට අවසර දීලා නෑ කියලා. අපිට හරිම ලැජ්ජාවක් හිතුනා. උදේ ඉඳන් සෑහෙන දුරක් ඇවිල්ලා, බඩගින්නේ dance එකක් කරලා තේ එකක් බිව්වා කියලා, Sri Lanka Insurance වගේ company එකෙකින් අපිට එහෙම දෙයක් අහගන්න වෙයි කියලා අපි නිකමට වත් හිතුවේ නෑ.

    කොහොම හරි ඊළඟ dance 4ක් ම තිබුනේ හවස. අපි ආයෙත් ඇහුවා අපිට වෙනදා දෙන රූම් එක ගන්න පුළුවන් වෙයිද කියලා. මොකද ෆෑන් එකක් වත් නැතුව හම්බන්තොට තියෙන රස්නයත් එක්ක පොඩි කාමරයක දවසක්ම ඉන්නවා කියන එක හරිම අමාරු වැඩක්. කොහොමහරි අහලා අහලා අපිට රූම් එක දෙනකොට දවල් 2.30ත් පහුවෙලා.. ඒකියන්නේ දවසෙන් බාගයක්ම ගිහින්.
    ඉතින් මේ වෙච්ච ප්රශ්නත් එක්ක අපි දවල්ට කෑවෙත් එළියෙන්. හවස් වෙනකොට ඉවෙන්ට් එක කරපු අයගෙන් අපිට දැනගන්න ලැබුණා රෑ කෑම පිටින් ගෙනත් කන එක ඒගොල්ලොන්ටත් ප්රශ්නයක් මොකද event එක වෙලාවේ ඒගොල්ලෝ එතනින් එහෙ මෙහෙ යන්න ගියොත් වැඩේ හරියට කරන්න බැරිවෙන නිසා, ඒනිසා ඒ අය Sri Lanka Insurance එකෙන් අහනවා හොටෙල් එකෙන්ම කන්න පුලුවන්ද කියලා, ඒත් එක්කම dance team එකටත් කන්න පුලුවන්ද කියලා අහලා කියන්නම් කියලා. තව ටිකක් වෙලා යනකොට අපිට පණිවිඩයක් ආවා හොටෙල් එකෙන් කන්න පුළුවන් හැබැයි වැඩිය ඒ පැත්තේ ගැවසෙන්නේ නැතුව බෙදාගෙන ඇවිත් අපේ රූම් එකේ ඉඳන් කන්න කියලා.

    ඉතිං dance ඔක්කොම ඉවර වෙලා අපි කියපු විදියට ඔක්කොම එකට යන්නෙත් නැතුව ගිහින් බෙදාගෙන ඇවිත් රූම් එකට වෙලා කෑවා. කාලා ඉවර වෙන්න හම්බවුනේ නෑ ආයෙත් පැමිණිල්ලක් එනවා dance team එක dinner ගත්තේ කොහොමද, ඒ ගොල්ලොන්ට අවසර දීලා නෑ කියලා.. අපි පත්වෙච්ච අසීරු තාවය වචනෙන් කියන්න බෑ. රෑ හරියට නින්දක් නැතුව, දුර ගෙවාගෙන ඉවෙන්ට් එකකට ඇවිල්ලා.. දවසෙන් බාගයක්ම පොඩි කාමරේක අමාරුවෙන් ලැගගෙන ඉඳලා.. dance 5කුත් කරලා.. කාපු එකකට මෙහෙම කියනවා කිව්වම Sri Lanka Insurance ගැන පුදුම කලකිරීමක් හිතුනා. මිනිස්සුන්ගේ සල්ලි වලින් වැජබෙන ආයතන මිනිස්සුන්ට සලකන විදිය මේකද? මීට වඩා පොඩි company ඕනේ තරම් මීට වඩා පොඩි ඉවෙන්ට් වලට අපිට සෑහෙන සැලකලා තියෙනවා. ඒ අතින් බැලුවම Sri Lanka Insurance වගේ ලොකු company එකක් මේ වගේ පහත් මට්ටමකට වැටෙයි කියලා නිකමටවත් හිතුනේ නෑ. දේශීය ආයතනයක් වෙලත් තමන්ගේ රටේ අයට මෙහෙමනම් කරන්නේ.. ඇයි මේ රටේ මිනිස්සු ඕගොල්ලො එක්ක business කරන්නේ? දහස් ගණන් මිනිස්සුන්ට දන්සල් දීලා කන්න දෙන රටක, තමන්ටම සේවාවක් සපයන්න ආපු පිරිසකට සලකපු විදිය අන්තිමයි. කීප පාරක් ඉල්ලන්න වුණා වතුර ටිකක් වුනත් ගන්න.

    Sri Lanka Insurance එකට අපිට කියන්න තියෙන්නේ.. ඕගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් වැජබෙන්නේ.. ඒනිසා මිනිස්සු ගැන මීට වඩා හිතන්න පුරුදු වෙන්න. අපි මෙහෙමයි සලකන්නේ කියලා ලක්ෂ ගණන් වියදම් කරලා බොරුවට TV, Radio වල ඇඩ් දැම්මට වැඩක් නෑ ක්රියාවෙන් ඒ දේ පෙන්නන්න බැරිනම්.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උන්ගෙ FB page එකේ review එකක් විදියට දාපන්
     
    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    Ithin bn dancing team eka unge piority ekak newene.

    මචන් priority එකක් නෙමේ වෙන්නේ කොහොමද? Entertainment නැත්තන් event එක complete නෑනේ. අපි ආවේ ඒගොල්ලොන්ගේ වැඩකටනේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,223

    Ubalata pay kare nedda kalin budget ekata?Event ekata passeda pay kare?
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඕකෙ මගෙ ඉන්සූරන්ස් එක මම් සරෙන්ඩර් කලා සත 5කට වැඩැක් නෑ.......
     
    rusiyanuwa

    Active member
  • මම වැඩ කරන්නේ නර්තන කණ්ඩායමක. අපි ලංකාවේ ගොඩක් අය දන්න පිළිගත් Dance Team එකක්. දැන් සතියකට විතර කලින්, හරියටම කියනවනම් (2018 නොවැම්බර් 8) අපි ගියා හම්බන්තොට Shangri-La හොටෙල් එකට Sri Lanka Insurance ඉවෙන්ට් එකකට.

    ඒක උදේ ඉඳලම තියෙන නිසා පාන්දර 2ට අපි කොළඹින් පිටත් වුනේ. හොටෙල් එකට යනකොට උදේ 6යි. අපිට වෙනදට හොටෙල් එකෙන් දෙන changing රූම් එක Sri Lanka Insurance එකෙන් අරන් කියලා අපිට වෙන තැනකින් පොඩි changing රූම් එකක් දුන්නා. ඒක ඇතුලේ AC තියා ෆෑන් එකක් වත් නෑ. අපි කල්පනා කලා කොහොමද දවසක් ම මේක ඇතුලේ ඉන්නේ කියලා.

    කොහොමහරි Rehearsal කරලා ඉක්මනට ඇඳගෙන ලෑස්ති වුනේ බඩගින්නවත් බලන්නේ නැතුව, පළවෙනි dance එක උදේ 10ට තියෙන නිසා. පලවෙනි dance එක ඉවර වුණා. හොටෙල් එකෙන් අපිට කිව්වා තේ එහෙම තියෙනවා ඉස්සරහා ඕනේ නම් බොන්න පුළුවන් කියලා. ඒ හින්දා අපි තේ බිව්වා. තේ බීලා ඉවර වෙන්න හම්බුනේ නෑ මෙන්න එක්කෙනක් ඇවිල්ලා කියනවා dancers ලට තේ බොන්න බෑ ඒකට අවසර දීලා නෑ කියලා. අපිට හරිම ලැජ්ජාවක් හිතුනා. උදේ ඉඳන් සෑහෙන දුරක් ඇවිල්ලා, බඩගින්නේ dance එකක් කරලා තේ එකක් බිව්වා කියලා, Sri Lanka Insurance වගේ company එකෙකින් අපිට එහෙම දෙයක් අහගන්න වෙයි කියලා අපි නිකමට වත් හිතුවේ නෑ.

    කොහොම හරි ඊළඟ dance 4ක් ම තිබුනේ හවස. අපි ආයෙත් ඇහුවා අපිට වෙනදා දෙන රූම් එක ගන්න පුළුවන් වෙයිද කියලා. මොකද ෆෑන් එකක් වත් නැතුව හම්බන්තොට තියෙන රස්නයත් එක්ක පොඩි කාමරයක දවසක්ම ඉන්නවා කියන එක හරිම අමාරු වැඩක්. කොහොමහරි අහලා අහලා අපිට රූම් එක දෙනකොට දවල් 2.30ත් පහුවෙලා.. ඒකියන්නේ දවසෙන් බාගයක්ම ගිහින්.
    ඉතින් මේ වෙච්ච ප්රශ්නත් එක්ක අපි දවල්ට කෑවෙත් එළියෙන්. හවස් වෙනකොට ඉවෙන්ට් එක කරපු අයගෙන් අපිට දැනගන්න ලැබුණා රෑ කෑම පිටින් ගෙනත් කන එක ඒගොල්ලොන්ටත් ප්රශ්නයක් මොකද event එක වෙලාවේ ඒගොල්ලෝ එතනින් එහෙ මෙහෙ යන්න ගියොත් වැඩේ හරියට කරන්න බැරිවෙන නිසා, ඒනිසා ඒ අය Sri Lanka Insurance එකෙන් අහනවා හොටෙල් එකෙන්ම කන්න පුලුවන්ද කියලා, ඒත් එක්කම dance team එකටත් කන්න පුලුවන්ද කියලා අහලා කියන්නම් කියලා. තව ටිකක් වෙලා යනකොට අපිට පණිවිඩයක් ආවා හොටෙල් එකෙන් කන්න පුළුවන් හැබැයි වැඩිය ඒ පැත්තේ ගැවසෙන්නේ නැතුව බෙදාගෙන ඇවිත් අපේ රූම් එකේ ඉඳන් කන්න කියලා.

    ඉතිං dance ඔක්කොම ඉවර වෙලා අපි කියපු විදියට ඔක්කොම එකට යන්නෙත් නැතුව ගිහින් බෙදාගෙන ඇවිත් රූම් එකට වෙලා කෑවා. කාලා ඉවර වෙන්න හම්බවුනේ නෑ ආයෙත් පැමිණිල්ලක් එනවා dance team එක dinner ගත්තේ කොහොමද, ඒ ගොල්ලොන්ට අවසර දීලා නෑ කියලා.. අපි පත්වෙච්ච අසීරු තාවය වචනෙන් කියන්න බෑ. රෑ හරියට නින්දක් නැතුව, දුර ගෙවාගෙන ඉවෙන්ට් එකකට ඇවිල්ලා.. දවසෙන් බාගයක්ම පොඩි කාමරේක අමාරුවෙන් ලැගගෙන ඉඳලා.. dance 5කුත් කරලා.. කාපු එකකට මෙහෙම කියනවා කිව්වම Sri Lanka Insurance ගැන පුදුම කලකිරීමක් හිතුනා. මිනිස්සුන්ගේ සල්ලි වලින් වැජබෙන ආයතන මිනිස්සුන්ට සලකන විදිය මේකද? මීට වඩා පොඩි company ඕනේ තරම් මීට වඩා පොඩි ඉවෙන්ට් වලට අපිට සෑහෙන සැලකලා තියෙනවා. ඒ අතින් බැලුවම Sri Lanka Insurance වගේ ලොකු company එකක් මේ වගේ පහත් මට්ටමකට වැටෙයි කියලා නිකමටවත් හිතුනේ නෑ. දේශීය ආයතනයක් වෙලත් තමන්ගේ රටේ අයට මෙහෙමනම් කරන්නේ.. ඇයි මේ රටේ මිනිස්සු ඕගොල්ලො එක්ක business කරන්නේ? දහස් ගණන් මිනිස්සුන්ට දන්සල් දීලා කන්න දෙන රටක, තමන්ටම සේවාවක් සපයන්න ආපු පිරිසකට සලකපු විදිය අන්තිමයි. කීප පාරක් ඉල්ලන්න වුණා වතුර ටිකක් වුනත් ගන්න.

    Sri Lanka Insurance එකට අපිට කියන්න තියෙන්නේ.. ඕගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් වැජබෙන්නේ.. ඒනිසා මිනිස්සු ගැන මීට වඩා හිතන්න පුරුදු වෙන්න. අපි මෙහෙමයි සලකන්නේ කියලා ලක්ෂ ගණන් වියදම් කරලා බොරුවට TV, Radio වල ඇඩ් දැම්මට වැඩක් නෑ ක්රියාවෙන් ඒ දේ පෙන්නන්න බැරිනම්.

    ‍‍හෝටලේ බිල වැඩි වෙයි කියලා බය ඇති. ඒක්කො මුලින්ම කියන්න ඕන කෑම බීම නවාතැන් දෙන්නෙ නැති බව. එහෙම වුනානම් ඉවෙන්ට් එකට ටීම් එක අයකරන ගාන වැඩි වෙන නිසා කලින් දැනුම් දෙන්න නැතිව ඇති.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    karana magulak ubalaga name eka katha nowenna karapan, unta 100 % ganak nha oka famous unata. othana wenne wiyadam adu kara ganna balanan eka.oka barawa inna eka uta ganak kada ganna.
     
    SayYes123

    Member
    Nov 14, 2018
    5
    1
    0
    Ubala Company eke part ekak neweine? Ubala pitin ganna team ekak. Ubalata gewanne ekatane ban. Ubala danaganna one ithin ubalage dewal cover karaganna. Company ekata wenna one ubalage dance eka.
     
    Last edited:
    • Like
    Reactions: චගු

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,223
    113
    Ubala Company eke part ekak neweine? Ubala pitin ganna team ekak. Ubalata gewanne ekatane ban. Ubala danaganna one ithin ubalage dewal cover karaganna. Company ekata wenna one ubalage dance eka.

    Eka thamaj math kiive.dancing team eka company eke piority ekak newene
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙකේ කට්ටියගේ කතා වලින් පෙනෙනවා එ වගෙ දෙවල් කරන කම්පැනි තියන බව, අපේ නම් මචන් ඔය වගෙ දෙයක් කරනවනම් කන්න බොන්න ඔක්කොම දෙනව, කොහොම උනත් එහෙම සලකන්නෙ නැති එකනම් මහ කැත වැඩක්.